Syndicated from .lankanewsweb,
මහ මැතිවරණයේදී අපේ ජන බල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හේතුවෙන් ගැටලු රැසක් මතුව ඇති බවත්, ඒ නිසා මේ මන්ත්‍රී ධුරය ලැබුණාට වඩා නොලැබුණා නම් වඩා යහපත් යැයි දැන් සිතෙන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි පවසනවා.
රතන හිමි මේ බව සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අද (12) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
'අපි රහත් වෙලා නෑ, අපිටත් පෘතග්ජන ගති තියනවා. වේදිනිගම හාමුදුරුවොන්ව හංගගෙන ඉන්නෙ මමය කියලා ඥානසාර හාමුදුරුවොත් හිතන් හිටියා. ඒත් උන්වහන්සේ දැන් එහෙම හිතන්නේ නෑ. මේක ජාත්‍යන්තර කුමණ්ත්‍රණයක් කියලා මම හිතන්නේ නෑ. ඒ හාමුදුරුවොන්ට පාර්ලිමේන්තු යන්න ඕන හන්දා මේක සැලසුම්සහගතව කළා කියලා හිතනවා. මන්ත්‍රී ධුරය කාට ගියත් වැදගත් වෙන්නේ මතය ඉදිරියට ගෙන යාම.'
'මාධ්‍ය ආයතනත් මේක ලොකු ප්‍රශ්නක් කරගෙන දඟලනවා. අද මාධ්‍ය ආයතනවලට මතයක් නෑ. ඒක ලොකු ඛේදවාචකයක්. අපේ තියන සමහර අඩුපාඩු පෙන්න පෙන්න අපිව විනශ කරන්න උත්සාහ කරන්න එපා කියලා මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටිනවා.' යැයි රතන හිමි වැඩිදුරටත් පවසයි.
තමන්ට පාර්ලිමේන්තු යාමට දැඩි ආශාවක් නොමැති බවත්, මතුව ඇති අර්බුදය සම්බන්ධයෙන් දීර්ඝව සාකච්ඡා කළ යුතු බවත් රතන හිමි පවසනවා. සාකච්ඡාවලින් විසඳා ගත නොහැකි වුවහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බවද රතන හිමි පෙන්වා දෙනවා.
Comments
Post a Comment