සබ්‍රිලා නන්දලාල්ලා අයිඑම්එෆ් ගියේ ණය ගන්නද? ෆන් ගන්නද? මෙන්න සාක්කි..! (Video) -ඉන්දික වොෂින්ටනයේ සිට වාර්තා කරයි

 Syndicated from lankaenews,











ශ්‍රී ලංකාවේ දේශපාලකයන් පිට රට සවාරි යනවිට අරාබි සුල්තාන්වරු මෙන් හැසිරීමට කැමති බව ප්‍රසිද්ධ රහසකි. නිව් යෝර්ක්, වොෂින්ටන් ඩී සී වැනි ඇමරිකානු නගර ආශ්‍රිතව ජිවත්වන ශ්‍රී ලාංකිකයන්ට මෙය කොහෙත්ම රහසක් නොවේ. ඩොලරය රුපියලට දමා වියදම්  කරන Sri Lankan Delegation එහි සුලබ දසුනකි. අලි බබා සහ හොරු දෙසිය හතලිහ මෙන් එයාර් බස් යානයක් පුරවා සිය අඹුව, කොලු කුරුට්ටන් සහ තවත් පරපුටුවන් සිය ගණනක් සමග පැමිණ නිව් යෝර්ක් නගරයේ පිහිටි අති සුඛෝපභෝගීම හෝටලය වන Waldorf Astoria හි තට්ටු පිටින් සති ගණන් කුලියට ගෙන ඩොලර් මිලියන ගණන් පුළුස්සා දැමීමට හුරුවී සිටි මහින්ද රාජපක්ෂගේ මේ කුපාඩි කම ඊලෝන් මස්ක්ගේ රොකට් යන උඩටත් වඩා ඉහලට ගෙන ගිය බවද නොරහසකි. මහින්ද රාජපක්ෂ සහ අතවැස්සන්ගේ පරිහරණය සඳහා සිය ගණනක් ලිමසින රථ ඉතා අධික මිලට සති ගණනකට කුලී පදනම යටතේ ලබා ගැනීමට පුරුදුව සිටි බවද එසේමය.

තව්තිසා ගොස් හිඟා කෑවත්..

බේබදු සේලරුවෙක් මෙන් තමුන්ගේ සහ තම පරපෝෂිත සනුහරයේ සුඛ විහරණය වෙනුවෙන් රටේ ඩොලර් සංචිත වනසා දැමූ මේ නාකි මයිනා සහ උන්ගේ මජර පවුල අද වනවිට අපේ රටත් ජාතියත් ඇද දමා ඇති අසරණ භාවය ගැන අමුතුවෙන් කතා කළ යුතු නැත. මයිනා කපුටා ඇතුළු රටේ ලේ උරා බොමින් මෙතෙක් වැජඹුන රාජපක්ෂ ඩ්‍රැකියුලා හැතිකරය පුරුදු කළ මේ විනාශකාරී ජිවන රටාවෙන් අපේ රටේ මහ ඇවරිය අත් මිදෙන තෙක් IMF නොව තවුතිසා දෙව් ලොවට ගොස් හිඟා කෑවත් අපට නම් ගැලවීමක් නොවනු ඇත.

සබ්‍රිලාගේ නන්දලාල්ලාගේ නාස්තියේ තරම..

මුදල් අමාත්‍ය අලි සබ්‍රි, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන ඇතුළු අට දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක්  ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්චා කිරීම සඳහා මේ වන විට ඇමෙරිකාවේ වොෂින්ටන් නගරය වෙත පැමිණ ඇත. මෙසේ දුත පිරිසක් පැමිණි පළමු අවස්ථාව මෙය නොවුවත්, මෙපමණ අභාග්‍ය සම්පන්න මොහොතක වොෂින්ටන් වෙත දුත පිරිසක් පැමිණි වෙනත් අවස්ථාවක් ඉතිහාසය තුල අපි අත්දැක නොමැත. ගෙයත් ඉඩමත් උකසට සින්න වී දරු පවුල ද මහලු දෙමාපියන් ද බල්ලන් පූසන් ද සමග මහ මගට වැටි ඇති පියකු, යමක් ඇති මිනිසකු ඉදිරියේ දනින් වැටි දෙපා සිප වැළඳ තම අවසාන අවස්ථාව අයැද සිටීම සඳහා පැමිණි ගමනක ද අලි සබ්‍රි ඇතුළු පිරිසගේ වොෂින්ටන් ආගමනය ද අතර ඇති වෙනස කුමක්ද? අපිට එසේ පෙනුන ද ඒ අයට එසේ සිතෙනවාදැයි සැක සැහිතය.

ඒ මන්ද යත් අප්‍රියෙල් 17 සිට 23 දක්වා මෙම පිරිසගේ පරිහරණය සඳහා පැයකට $100 කුලී පදනම යටතේ දැවැන්ත රථ දෙකක් කුලියට ගෙන ඇත. අවම වශයෙන් මේ සඳහා $ 8000 ක් වත් වැයවනු ඇත. මෙම වියදම දරා ඇත්තේ දැනට වොෂින්ටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සතුව අතිසුඛෝපභෝගී  Mercedese S550 රථයක්, 2021 Chevrolet Suburban රථයක්, අතිනවීන 2022 Toyota Sienna වර්ගයේ වැන් රථ දෙකක්, Toyota Higlander SUV රථයක්  සහ Toyota avalon කාර් රථයක් සහිත වාහන සංචිතයක් පවතින තත්වයක් යටතේය.  එමෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබා ගන්නා රියදුරු මහතුන් 4 දෙනෙක් ද එහි සේවය කරති.

මෙම වාහන සහ රියැදුරන් තානාපති කාර්යාලයේ පරිහරණය සඳහා වන නමුත් මේ පවතින තත්වය යටතේ සහ මෙම දුත ගමනේ ඇති අතිශය වැදගත් කම සලකා, දැනට තානාපතිකම් කරන පැන්ෂන් ඇමතියා ඇතුළු සම්පුර්ණ කාර්‍ය මණ්ඩලයම ගෙදර නවතා හෝ මෙම වාහන දුත පිරිසේ පරිහරණය සඳහා ලබා දිය යුතුව තිබිණි. මෙම පිරිස නවාතැන් ගෙන ඇත්තේ Dupont Circle හි පිහිටි සුඛෝපභෝගී St. Gregory හෝටලයේය.මෙම හෝටලයේ සිට මුල්‍ය අරමුදලේ ගොඩනැගිල්ල වෙත පයින් යාමට ගත වන්නේ විනාඩි දහයක් පමණි. සුඛොපභෝගී Uber රථයක් කැඳඋවහොත් $40 ක් වැනි මුදලකට මුළු දුත පිරිසටම මෙම ගමන අවසන් කළ හැකිය. St. Gregory හි කාමරයක රැයක  කුලිය $400 ක් පමණ වේ. 

ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන සුවිශාල ශ්‍රී ලංකා තානාපති නිල නිවසක් වොෂින්ටන් නගරය තුල පිහිටා ඇත. සිරිමා බණ්ඩාරනායක මැතිනිය පරිහරණය කළ සුඛෝපබෝගී කාමරය (Mrs B  Suite) ඇතුළු කාමර රාශියක් සහිත මෙම මන්දිරය මෙම පිරිසගේ පරිහරණය සඳහා යොදාගත නොහැකි වූයේ මන්ද? රනිල් වික්‍රමසිංහ පවා මෙහි නැවතී සිටි බව මෙහිදී සඳහන් කළ යුතුව ඇත. රජයේ තනාතිපති නිල නිවාසයෙහි අරක්කැමියන් සහ සේවකයන් ද ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබමින් සේවය කරති.

මේ නාස්තිය සාධාරණීය කළ හැකිද?

මෙම රැස්වීම් සඳහා පළමුවෙනි ලෝකයේ දියුණු රටවල් වන එංගලන්තය, ස්වීඩනය, කැනඩාව, යුරෝපා සංගමයේ සියලු රටවල්  සහභාගි වුවත් ඔවුන් කිසි දිනෙක මෙවැනි අති සුඛෝපභෝගී වාහන වලට තම මහජන මුදල් වැය නොකරයි, ඒ මන්ද යත් එසේ කළහොත් ඔවුන්ගේ දේශපාලන ගමන එම රටවල ජනතාව විසින් එසැනින්ම නිම කරන බව ඔවුන් දන්නා නිසාය.

සබ්‍රිලාගේ මෙම දුත මෙහෙයේ බරපතල කම සැලකු විට මෙය ඉතා සුළු වියදමක් ලෙස අර්ථ දැක්විමට යමෙකු උත්සාහ කළ හැකිය. එහෙත් මේ වියදම කිසිසේත්ම සාධාරනීකරනය කළ නොහැක්කේද ඒ බරපතල කම නිසාමය. ඩොලර් අර්බුදයේ දිග පළල තේරුම් ගත් කිසිවෙකු වේ නම් මේ අවස්ථාවේ රට සතු එක ඩොලරයක් වියදම් කිරීම සඳහා සිය වතාවක් සිතිය යුතු නොවේද? තාවකාලික සහනයක් සඳහා $300 ක පින් පඩියක් රටට  එවන ලෙස මහා බැංකු අධිපතිවරයා සියලු විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටියේ මේ නොබෝදා ය. ඔවුන්ගේ සුඛ විහරණය සඳහා කී දෙනෙකුගේ එකී දායක මුදල් කාබාසිනියා කොට ඇතිද කියා ගනං බැලීම අපහසු නැත.  

ඉන්දික වොෂින්ටයේ සිට

සබ්‍රිලාගේ ෆන් ගැන සාක්කි සහිත පහත වීඩියෝව බලන්න 

Comments