සියලු අසාර්ථක වීම්වල වගකීම භාර ගන්නවා - එජාප මහ ලේකම්ගෙන් නිවේදනයක්

 Syndicated from lankanewsweb,

පක්ෂයක් ලෙස අභ්‍යන්තරයෙන් මෙන්ම බාහිරින් පැමිණි අභියෝගවලට මුහුණ දුන් අතර අපගේ මෙන්ම අනෙක් අයගේ ආසාර්ථක වීම්වල මෙන්ම අඩුපාඩුවල වගකීම භාර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 

මෙම මැතිවරණයේදී ප්‍රතිපත්ති මත පදනම් වූ දේශපාලන පක්ෂ අභිබවා යන්නට දේශපාලන ව්‍යාපාර සමත් වී ඇති බවයි කාරියවසම් මහතා සඳහන් කරන්නේ. එම තත්ත්වය මත ඉදිරියේදී රටේ අවුල් සහගත දේශපාලන තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බව ඔහු කියා සිටියි. 

මින් පෙර අවස්ථාවලදීද කළ පරිදි එක්සත් ජාතික පක්ෂය ප්‍රති සංවිධානය හා ප්‍රතිව්‍යුහගත කර නව ජවයකින් හා ශක්තියකින් ඉදිරියට යන්නට කටයුතු කරන බවයි එම නිවේදනයෙන් වැඩිදුරටත් අවධාරණය කරන්නේ. 

Comments