රනිල් නායකත්වයෙන් ඉවත් වෙන කතාවක් කියල නැහැ - මාධ්‍ය ඉදිරියේ කියපු කතාවට අකිලටත් බැනලා

 Syndicated from lankanewsweb,

මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයත් සමඟ යළිත් වරක් එහි නායකත්වය සම්බන්ධයෙන් අර්බුදය කරළියට පැමිණ තිබෙන  අතර මේ වන විට රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරන ලදී.

පක්ෂය නැවත ප්‍රතිසංවිධානය කිරීම සඳහා නව නායකත්වයක් යටතේ කටයුතු ආරම්භ කිරීමට එජාපය සූදානම්  බවයි මහ ලේකම්වරයා එහිදී පැවසුවේ. 

ඒ අනුව නව නායකත්වය සඳහා නම් කිහිපයක් යෝජනා වී තිබූ  අතර සාකච්ජාවලින් අනතුරුව නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට නියමිත බව කියැවුණි.

නායකත්ව ප්‍රශ්නය විසඳා ගන්නා තෙක් පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමටද නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

කෙසේවෙතත් පසුගිය දින කිහිපයේ මෙන්ම අද දිනයේත් මෙම පක්ෂ නායකත්වය හා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් සාකච්ජා එජාප  කණ්ඩායම අතර සාකච්ජා පැවති අතර අද පැවති සාකච්ජාවේදී තමන් නායකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවට මාධ්‍ය හමුවේ අකිල විරාජ් කාරියවසම් මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුට වික්‍රමසිංහ මහතා දොස්  පවරා ඇති බව වාර්තා වෙයි. 

තමන් එවැනි තීරණයක් ගෙන නොමැති බවට රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බවයි කියවුණේ.

කෙසේවෙතත් තවදුරටත් එජාප නායකත්ව අර්බුදය දිගුවක් වීම විනා එහි විසඳුමක් කඩිනමින් නොලැබෙනු ඇති බවටයි පක්ෂය තුළම සාකච්ජා වී තිබෙන්නේ. 

මේ අතර අද (13) මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් එජාප හිටපු මහ ලේකම් වත්මන් සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා පහසුවෙන් එජාප නායකත්වය අත්නොහරින අතර සුපුරුදු ක්‍රමයට මේ මොහොතේදීත් කල් මරමින් සිටින බවයි.

ASK

Comments