Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.අගෝ.13, ප.ව.8.30) ඉතිහාසයේ ප්රථම වරට ඉන්දීය සම්භවයක් සහිත උඩරට වතු ජනතාව වෙනුවෙන් තිබූ කැබිනට් ඇමැතිධූරය මෙවර අහිමි කර තිබේ. නිදහසින් පසු මේ දක්වා තිබූ සෑම ආණ්ඩුවකම ඒ ජනතාව වෙනුවෙන් වෙන් වූ කැබිනට් ඇමැතිධූරයක් තිබිණ. නමුත් මෙවර එය අහිමි කර තිබේ.
උඩරට වතු ජනයා වෙනුවෙන් 'වතු නිවාස හා ප්රජා යටිතල පහසුකම්' නමින් රාජ්ය ඇමැති ධූරයක් වෙන් කර එයට ජීවන් තොණ්ඩමාන් පත් කර ඇති අතර එම රාජ්ය ඇමැතිධූරය අගමැතිවරයා යටතට පත් කර තිබේ. එබැවින් වතුකරයේ ජනතාව කැබිනට්ටුව නියෝජනය වන්නේ නැත.
අඩුම ගණනේ වතු ජනතාව 55% ක් වෙසෙන නුවර එළිය දිස්ත්රික්කයේ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් වරයා ලෙස හෝ දෙමළ ජාතිකයෙක් පත් කර නැත. එයද ලබා දී ඇත්තේ එස්.බී. දිසානායක ට ය. ඔහු දෙමළ බස නොදනී.
මේ තත්ත්වය වතුකරයේ ජනයා මෙතෙක් භුක්ති විඳි දෙයක් අහිමි කිරීමකි. මේ තත්ත්වය ද අනාගත ගැටළු රැසක ආරම්භයකි.
Comments
Post a Comment