රනිල් ලේසියෙන් නායකත්වය දාලා යන්නේ නැහැ දැන් කරන්නෙත් වෙනදා වගේ කල් මරණ එක - තිස්ස

 Syndicated from lankanewsweb,

නායකත්වයෙන් ඉවත්වන බවට රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබුණද එලෙස පහසුවෙන් ඔහු ඉන් ඉවත් නොවන අතර සුපුරුදු වික්‍රමසිංහ මහතා පරිදි කල් මැරීම සිදුකරමින් සිටින බව සමඟි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවසුවේය. 

ඔහු මේ බව සඳහන් කළේ අද (13) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

තමන්ගේ මෙලෙස පවසන්නේ රනිල් වික්‍රමසිංහ මහතා සමඟ වැඩ කර ලබා ඇති අත්දැකීමෙන් බව අත්තනායක මහතා කියා සිටියේය. 

කෙසේවෙතත් ඔහුව මේ වන විට ජනතාව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන හෙයින් ජන විඥානය වටහා ගැනීමට වික්‍රමසිංහ මහතාට හැකි විය යුතු බවයි තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ. 

එමෙන්ම මේ වන විට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට යෝජනා වී තිබෙන අයටද පක්ෂය ගොඩනැගීමේ හැකියාවක් නැති අතර ඔවුන් කිසිවෙකුට  හෝ ජාතික මට්ටමේ පිළිගැනීමක් නැති බවද හේ ප්‍රකාශ කරන ලදී.

''එක්සත් ජාතික පක්ෂ ඉදිරියට ගෙන යා හැක්කේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් මිස වෙන කණ්ඩායමකට නෙවෙයි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය භාර ගත්තා කියලා සමඟි ජන බලවේගය ඉදිරියට ගෙන යාමේ ගැටළුවක් මතුවෙන්නේ නැහැ. තවදුරටත් සමඟි ජන බලවේගය මෙහෙයවන නායකත්වය ලෙස සජිත් ප්‍රේමදාස මහත්තයට වැඩ කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා තේරුම් ගන්න ඕනේ ජනතාව ඔහුව ප්‍රතික්ෂේප කරලා තියෙන්නේ කියල. මම කියන්නේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂය කනත්තට අරන් යන්න එපා කියල.''

එක්සත් ජාතික පක්ෂය සමඟ සංහිඳියාවක් ඇති කරගන්න සමඟි ජන බලවේගයේ කණ්ඩායම සූදානම් අතර එජාප නායකයන් තවදුරටත් වාද විවාද නොකර පක්ෂයේ ක්‍රියාකාරීත්වය සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතු බවට තිස්ස අත්තනායක මහතා අවධාරණය කළේය. 

ASK


Comments