රජයේ ආදායම මෙන් සිව් ගුණයක වියදමක්

 Syndicated from lankaweb,

ඉදිරි මාස 04 වෙනුවෙන් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍යාංශ 28ක් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන්කරන ලද විසර්ජන යෝජනාවට අනුව රජයේ ආදායම මෙන් සිව්ගුණයකට ආසන්න වියදමක් තිබෙන බව හෙළිවී ඇත.
අගෝස්තු 21දින ඉදිරිපත් කරන ලද එම යෝජනාවේ උප ලේඛන 3ක් මගින් රුපියල් කෝටි 174768 වියදමක් ඇස්මේන්තු කර ඇත. මෙම වියදම් පියවා ගැනීම සඳහා රුපියල් කෝටි 1,30,000ක් උපරිම ණය ලබා ගැනීමට යෝජනා කර ඇත.
මෙයින් හෙළිවන්නේ ඉදිරි මාස 4 සඳහා රජයේ ආදායම අවම වශයෙන් රුපියල් කෝටි 44,768ක් වන බවය. එයින් තවදුරටත් හෙළිවන්නේ රජයේ ආදායම මෙන් තුන්ගුණයකට ආසන්න ණය ප්‍රමාණයක් ලබා ගැනීමට නියමිත බවය. පසුගිය මාර්තු මස 23 වන දින ඉදිරිපත් කරන ලද ‘පූර්ව මැතිවරණ අය වැය තත්ත්වය පිළිබඳ වාර්තාව 2020’ අනුව හෙළිවී තිබෙන්නේ රජයේ ආදායම රුපියල් කෝටි 42,000ක් වන විට එමෙන් තුන් ගුණයකට ආසන්න වියදමක් තිබූ බවය. එනම් රුපියල් කෝටි 1,22,900ක වියදමක්ය. එය මෙම වසරේ අවසන් මාස 04වන විට රජයේ ආදායම මෙන් සිව්ගුණයක වියදමක් දක්වා වර්ධනයවී ඇත.

Comments