Syndicated from lankanewsweb,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුර ලබාදීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එකඟ වී ඇති බව දේශපාලන ආරංචිමාර්ග වාර්තා කරයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පාර්ලිමේන්තුව තුළ කුඩා පක්ෂ කිහිපයක සහයෝගයත් සහිතව තුනෙන් දෙකක බලයක් තිබුණ ද එහි තීරණාත්මක සාධකය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වීම මීට හේතුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.
ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයකුත් සමඟ ශ්රීලනිපය මන්ත්‍රී ධුර 15ක් දිනාගෙන සිටින අතර ඔවුන්ගේ සම්පූර්ණ සහයෝගයෙන් තොරව ආණ්ඩුවට තුනෙන් දෙකේ බලය අභ්‍යාස කිරීමට කිසිසේත්ම අවස්ථාවක් ලැබෙන්නේ නැත.
ඒ අනුව නියෝජ්‍ය අග්‍රාමාත්‍ය තනතුරක් දැනට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි නොමැති නිසා ඉදිරියේදී ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකර එම තනතුර නිර්මාණය කර, මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබාදීමට සැලසුම් කර ඇති බව සඳහන්.
Comments
Post a Comment