පළාත් සභාවලටත් සජිත්ලා දුරකතනයෙන්

 Syndicated from lankanewsweb,


ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා ද සමගි ජන බලවේගය තරග කරන බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පවසනවා.

මේ වනවිට පළාත් සභා සියල්ල විසුරුවා හැර වසර ගණනාවක් ගත වී ඇති අතර යහපාලන රජය සමයේදී විවිධ හේතු මත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි විය.

පසුගිය මහ මැතිවරණයේදී අන්ත පරාජයක් ලැබූ එක්සත් ජාතික පක්ෂයේ දැනට ඉතිරි වී සිටින පුද්ගලයන්ටද තවදුරටත් සමගි ජන බලවේගය හා එකතු විය හැකි බව ද ලේකම්වරයා පවසයි. කෙසේ වෙතත් දූෂණ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන් පක්ෂයට එකතු කර ගැනීමට සූදානම් නොමැති බව ද මද්දුම බණ්ඩාර මහතා අවධාරණය කරනවා.

Comments