රෝගී පොකුරු සංඛ්‍යාව වැඩි වුණොත් රෝගය පාලනය කරගන්න බැරිවෙයි - GMOA

Syndicated from lankanewsweb,


දැනට පොකුරු වශයෙන් වාර්තා වන කොරෝනා රෝගීන්ගේ පොකුරු ප්‍රමාණය පාලනය කරගැනීමට නොහැකි වුවහොත් රෝගය පාලනය කරගැනීමේ අවස්ථාව ද ගිළිහී යාහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 
එහෙයින් දැනට නිරෝධායන මධ්‍යස්ථානවල රඳවාගෙන සිටින පුද්ගලයින් මුදාහැරීමට පෙර අවම වශයෙන් දෙවතාවක් හෝ PCR පරීක්ෂණයට භාජනය කරන ලෙස දැනුම් දී ඇති බවයි ඒ මහතා සඳහන් කළේ. 
"විශේෂයෙන් මැද කොළඹ ප්‍රදේශයේ මේ වාර්තා වෙන පිරිස් එක්කෙනෙක්වත් රෝග ලක්ෂණ සහිතව නෙවෙයි වාර්තා වෙන්නෙ. ඒනිසා පාලනය අභියෝගයක්. නමුත් ඒ අභියෝගය ජයගන්න අවශ්‍ය සැලසුම් සකස් කිරීම සෞඛ්‍ය අංශවල සහ අනිත් අංශවල වගකීමක්. 
ඊයෙ දවස තුළ තීරණයක් ගත්තා, සෞඛ්‍ය අමාත්‍යාංශය විදියට හමුදාවට සහ පොලිසියට ඒ අංශවලට නිර්දේශ කරන්න නිරෝධායන මධ්‍යස්ථානවලින් එළියට එන අය පවා අඩුම ගාණෙ දෙපාරක් PCR පරීක්ෂණයට ලක් කරලා තමයි එළියට එන්නෙ. මොකද පොකුරු විදියට වාර්තාවෙන රෝගී පොකුරු ගාණ අපේ පාලනයෙන් ගිළිහුණොත් අපට රෝගය පාලනය කරන්න බැරිවෙනවා. 
දැන් මොකද අපි ලෝකයේ රෝග පාලනය සම්බන්ධයෙන් හොඳම ප්‍රශස්ත මොඩලයක් විදියට පාවිච්චි කරපු රටක් තමයි සිංගප්පූරුව. නමුත් අද වෙනකොට සිංගප්පූරුවෙ පාලනය ක්‍රමයෙන් ගිළිහෙමින් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි අපි දකින මේ රෝගී පොකුරු සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යාම. දැන් අපට තියෙන්නෙ අතේ ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන් පොකුරු ගාණක්. ඒනිසා තාම අපට පාලනය කරන්න පුළුවන්. පරීක්ෂණ කරලා රෝගීන් හරියට නියැදි හඳුනාගෙන පාලනය කළොත් විතරයි පොකුරු සංඛ්‍යාව පාලන කරන්න පුළුවන්" යැයි ඒ මහතා ප්‍රකාශ කළේය. 

Comments