හොර සහතික මගින් ජනාධිපති වූ එකෙකුගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලීම අනුවණ කමකට එහා ගිය ගොන් කමකි..! යශෝවිජය ලියයි

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.26, ප.ව.6.30) ගෝඨාබය රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්වූයේ හොරකමෙනි. ලංකාවේ නිසි පුරවැසිභාවය ප්‍රශ්නකාරී වූ ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය ද විසඳී නොතිබුණි. ඒ මදිවාට ඔහුට එරෙහිව අපරාධ චෝදනා රැසක් අධිකරණ වල විභාග වෙමින් තිබිණි. සාකල්‍යයෙන්ම රටක නායකයෙකු වීමට නුසුදුසු පුද්ගලයෙකු වූ ඔහු සහ ඔහුගේ කණඩායම, ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ධූරය සඳහා ඉල්ලීමට අවශ්‍යය නීත්‍යානුකූල පදනම ඉතාම කැත විදිහට දූෂණය කරමින්, ඒ සඳහා අවැසි මාර්ගයේ අවසන් ගේට්ටුව ඇර ගත්තේ මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ලවාය. ගෝඨාබයගේ අපේක්‍ෂකත්වයට එරෙහිව විරෝධතා ගොනු කිරීමට  කොන්ද කෙලින් තබාගෙන කටයුතු කළ කිහිප දෙනෙකුම ඉතාම සූක්‍ෂමව නිහඬ කිරීමට මහින්ද දේශප්‍රිය ඇතුළු පිරිස කටයුතු කළෝය. ලංකාවේ එතෙක් විවිධ බාධක මැද රැකගෙන පැමිණි ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ මුළුමනින්ම ඝාතනය කරනු ලැබුවේ එහිදී ය.
ඇත්ත යන්තමින් හෝ දැකීමට කැමති ඕනෑම අයෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි සත්‍යයක් තිබේ. එනම්, ගෝඨාබය රටක් හැදීමට පැමිණි අයෙකු ලෙස ඔහු විසින් හඳුන්වා ගත්ත ද ඔහු එම ධූරයට පත්  වූයේ ඉතාමත් අවිනීත ආකාරයෙන් බවයි. මෙම කටයුත්ත හරියට පන්සලේ පිං කැටේ කඩාගෙන පන්සලට බුදු පිළිමයක් තනා දීමට කැමැත්ත පලකරනු ලබන හොරෙකුට සමානය. ඉතින් අද සියල්ලට ප්‍රථම මේ සත්‍යය අපි තේරුම් ගත යුතු නොවේද?

අඟක් නැති නිසා සහසුද්දෙන් දැන ගැනීමට නොහැකි හරක්...

මෙම සත්‍යය අවබෝධ  වන්නෙකු මේ දූපතේ ජීවත් වන්නේ නම්, වත්මන් ජනාධිපති වරයාගෙන් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න යැයි ඉල්ලා සිටින්නේ අඟක් නැති නිසා තම මෝඩකම සහසුද්දෙන් දැන ගැනීමට නොහැකි හරකෙකුට පමණි.  
ගෝඨාබය රාජපක්ෂට පාර්ලිමේන්තු සම්ප්‍රදායන් තබා රාජ්‍යයක මූලික පරිපාලන විධික්‍රමයක් ගැන වැඩක් නැත. මන්ද ඔහුට අනුව, මේ රට මේ දක්වා ගමන් ගත් මග වැරදි එකක් වන අතර හරි මගේ යා හැක්කේ ඔහුගේ දර්ශනයට අනුව පමණි. ඔහුගේ දර්ශනය තුළ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් හෝ  මූලික පරිපාලන අචාරධර්ම අඩංගු නැත. මෙය මොහු වටා සිටින කහරෙදි පොරවා ගත් වහන්සේලා ඇතුළු අනෙක් පූජකයන්ට ද නැත.

චීනයට අනුව නටන තනි ගේම් ගසන්නා..

මෙම ලියුම්කරු මීට පෙර ලිපියකදී සඳහන් කළ අකාරයෙන්  වත්මන් ජනාධිපතිවරයා 'තනි ගේම්' ගසන්නෙකු ය. එය ක්‍රමිකව අසමත්භාවය කරා ඇදී ගිය පරිපාලනයක් විය. ලෝකයෙන් හුදෙකලා වෙමින් පැවති ඊට, ලං වෙමින් සිටියේ චීනය පමණි.
බලයට පත් වී දින කිහිපයකින් ඉන්දියාව සතුටු කිරීම සඳහා චීනයට දොස් පවරනු ලැබූ ගෝඨාබය රාජපක්ෂ දින කිහිපයක් ඇතුළත තම තනුව පමණක් නොව සිතුවිලිද වෙනස්  කළේය. මේ වන විට චීනයේ අතකොළුවක් වී ඇති හෙතෙම, දැන දැනම චීනයට අනුව තම නර්තනය ඉදිරිපත් කරමින් ගොඩ යෑමට උත්සාහ කරන්නේය.

නමගිය හොරුන්ට පල්ලමක් වූ කොරෝනා වසංගතය..

වාසනාවට මෙන් කොරෝනා වසංගතය පැමිණියේය. හරි විදිහටනම්, චීනයේ, කොමියුනිස්ට් යැයි හඳුන්වා ගන්නා පාදඩ මිනීමරු පරිපාලනය මෙම වසංගතය හේතුවෙන් රෝගාතුර වන සහ මිය යන සෑම දෙනෙකුගේම ජීවිත වලට වගකිව යුතුය. නමුත් එය ඍජුව ප්‍රකාශ කිරීමට හැකි එක දේශපාලනඥයෙකු රටේ නැත. මන්ද, මොවුන් බොහෝ දෙනෙකුට හොරා කෑමට චීනය නැතුව බැරිය. චීනයෙන් දෙන, ණය හෝ ආධාර හෝ ආයෝජන වලට විනිවිදභාවය සහ වගවීම එතරම් වැදගත් කමක් නැත. චීනය ඒ සියල්ල සිදු කරන්නේ තමන්ට අවශ්‍යය රටවල දූෂිත කල්ලි නඩත්තු කිරීමට මිස එම රටේ සමස්ථ ජනතාවට පිහිට වීමට නොවේ. මේ නිසා චීනයෙන් ලැබෙන සල්ලි වලින් වැඩිපුර “මාටියා ගැසිය” හැකිය. බලයට පත්වන ආණ්ඩු චීනය හුරතල් කිරීමට හේතුව මෙයයි.
ගෝඨාබය රාජපක්‍ෂගේ පරිපාලනයද ඊට නොදෙවෙනිය. කොරෝනා වසංගතය යනු  ජනතාවට ඛේදවාචකයක් වුණාට බලයේ සිටින අයවලුන්ට ඉතාම හොඳ පල්ලමකි. ආණ්ඩුවට ලැබෙන ආධාර කළමනාකරණය කිරීම සඳහා මූලිකත්වය ගෙන ක‍ටයුතු කරනු ලබන්නේ රටේ නමගිය හොරෙකු මෙන්ම අවස්ථාවාදියෙකු වන බැසිල් රාජපක්‍ෂය. ඔහුට, වත්මන් ආණ්ඩුවේ මූල්‍යමය කටයුතු කළමනාකරණය කිරීම සඳහා කිසිදු නීත්‍යානුකූල අයිතියක් නැත.
නමුත්, තෙලෙන් බැද්දත් කිරෙන් බැද්දත් කොබෙයියා, කොබෙයයාමයි කියන්නා සේ, ව්‍යාජ දේශප්‍රේමයක් එළියට දමා ඉන් සිංහල අමනයින්ගේ මොළය පිස්සු වට්ටමින් බලයට පැමිණි රාජපක්ෂ බලඇණිය යළිත් පරණ ගේම ඉතාම ලස්සනට සෙල්ලම් කරමින් සිටින්නාහ. එම සෙල්ලමට ඉතාම හොඳින් ගැලපෙන චරිතය බැසිල් රෝහණ ය.

රාජපක්ෂලාට ලැබුණු ආධාර රු. කෝටි 20,000 ක්; වටේ ඉන්න රිලවුන්ට කෙසෙල් ඇවරියක්..

මෙහි ඇති ගැඹුර තේරුම් ගැනීමට හැකි කතාවක් තලතා අතුකෝරල කියා තිබුනා ය. වත්මන් ආණ්ඩුව කිසිදු විනිවිදභාවයකින් කටයුතු නොකරන හෙයින් ඇය සත්‍යය පැවසුවේ යැයි අනුමාන කරමු.  ඇයගේ තක්සේරුවට අනුව කොරෝනා වසංගතයට මුහුණ දීම සඳහා වත්මන් රජයට ලැබුණු ආධාර වල ප්‍රමාණය රුපියල් මිලියන ලක්ෂක දෙකක් පමණ වූ ඇති විශාල මුදලකි. එනම් රුපියල් කෝටි විසිදහසකි. එසේම, කොරෝනා වසංගතයට එරෙහිව ජනාධිපති අරමුදලක් පිහිටුවා ඇත. ඊට රාජ්‍යය ආයතන වලින් ලබා දෙන මුදල් ගැන දිනපතා විවිධ මාධ්‍යය වාර්තා කරනු ලබන්නේය. ආණ්ඩුවේ ආයතන වල ඇති මුදල් ලබා ගෙන ජනාධිපති අරමුදල් තැනීමෙන්, රාජ්‍යය යාන්ත්‍රණයට සිදුවන යහපතක් තිබේද?
අවාසනාවට මෙන්, කොරෝනා වසංගතය අස්සේ රටට ලැබෙන අරමුදල් තනි පවුලක බූදලයක් බවට පත්කරගෙන හමාරය. වටේ ඉන්න රිලවුන්ට කෙසෙල් ඇවරිය ගානේ දුන් විට ගැටලුව විසඳෙන බව මේ පවුල හොඳින් දන්නේය. එහි ප්‍රතිඵලය ලෙස, සිංහලයින්ගේ ආත්ම ගරුත්වයේ වටිනාකම රුපියල් පන්දහසක් පමණක් වටින බව නිගමනය කොට ඇත. ඉන් පසු, සමස්ථ ක්‍රියාවලිය තම පවුලේ අභිමතය පරිදි සිදු කිරීමට තීන්දු කළේය.
නමුත් වටින් ගොඩින් ඇසෙන කථාවක් තිබේ. එනම්, මූල්‍යය කළමනාකරණයට පාර්ලිමේන්තුව සතු බලතල සම්බන්ධයෙනි.  පාර්ලිමේන්තුවේ නීත්‍යානුකූල බලය තහවුරු කිරීම ජනාධිපතිගේ වගකීම යැයි ඔව්හු කියති.
එහෙත්, අධිකරණයට අවශ්‍යය  වරෙන්තු කරුවෙකු වී සිටි අයෙකු හොර සහතික ඉදිරිපත් කොට රටෙන් බහුතරයක් ගොනාට අන්දවා රටේ විධායක ජනාධිපති වූ පසු ඔහුගෙන් පාර්ලිමේන්තු  ප්‍රජාතන්ත්‍රවාදය රැක දෙන්න යැයි ඉල්ලීම අනුවණ කමකට එහා ගිය ගොං කමකි. 

යශෝවිජය

Comments