Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.21, පෙ.ව.6.00) ග්‍රාම සේවක කියන්නේ ආශික්ලන්තේ රාජ්‍ය යාන්ත්‍රනේ ගමේ ඉන්න සේවකය නේ. නිකමට ගත්තොත් ඔහු ගමේ ඉන්න හැමෝගෙම විස්තර දන්න මනුස්සයා. මං හිතනවා අදටත් ගොඩක් ග්‍රාමසේවක නිලධාරීන් තමන්ගේ කොට්ඨාශෙ ගැන ඒ අවබෝධය ඇති කියලා. ග්‍රාමසේවක කියන චරිතේ රටටම එපා උනේ පහුගිය යහපාලනේ නිසානේ. ඒ ග්‍රාමයෙක් උඩම පුටුවට ගෙනල්ලා නා ගත්ත නිසානේ.
දැන් මේ කොරෝනා කේස් එකේ රුපියල් 5,000 බෙදන වැඩෙන් ග්‍රාම සේවකලා හොරා කන්න ගියාද?, එහෙම නැත්නම් හොර නම ගා ගත්තද? එහෙම නැත්නම් යුනියන් සෙට් එක වැඩේ අල කරගත්තද? මොකද වුනේ, ඇතුළෙ දේ ගැන නෙවෙයි මේ.
ඉලක්කම් වලින් එහෙම වෙන්න පුළුවන්ද?
රුපියල් 5,000 ගන්න ලිස්ට් හදපු ග්‍රාමසේවක තුමාලා බෙදන වැඩෙන් පොඩි සද්දයක් දාලා අයින් උනානේ. ඒ ගැන ඔය සත් ගුණවත් උපාසක, ශත පහක් හොරා නොකාපු ඇමති කෙනෙක් වන මහින්දානන්ද තුමා කිව්වේ, ලංකාවේ ඉන්නේ පවුල් ලක්ෂ 50 යි. ග්‍රාම නිළධාරීන් මේ ලිස්ට් එකට පවුල් ලක්ෂ 70 ක් දාලා කියලා. කිරි අප්පේ පවුල්ම ලක්ශ 20 ක් වැඩි පුර හොරාට නම් දාල නේ. ගාන බලන්නකො, මුන් ටික මිලියන 10,000 ක් හොරා කන්න සෙට් වෙලානේ.
"ග්‍රාමෙලා කොරෝනාව ගරානාවක් කොර ගෙන නේ. මුගේ අම්මලට. ලේ බඩම පලයන්".
මේක තමයි ගමට ගිය චිත්‍රය. ඒකට ඔය ආන්ඩුවේ රූපවාහිනි ටික වගේම කුඩු, ගංජා නාලිකා ටික හරි හරියට වග කියන්න ඕන. මේක ඇත්ත වෙන්න පුළුවන්ද? කියන එක ගැන බුද්ධිමත් ඔබට අදහසක් ගන්න පුළුවන් මේ ඉලක්කම් ටික බැලුවම. එතකොට ඔබට තේරෙවී ආණ්ඩුවේ වැඩේ අල වීම පහත් තැනෙන් ගලා ගියා වගේ සීන් එකක් කියලා.
මහින්දානන්ද තුමා කියපු ගාන හරිද? ආශික්ලන්තේ ඉන්නේ ආධාර ලැබිය යුතු පවුල් ලක්ෂ 50 ද? ඔව් ඔය සංඛ්‍යා ලේඛන කොරන ආයතනේ කියලා තියෙන්නේ එහෙමයි. ආශික්ලන්තේ දුප්පත් පවුල් ලක්ෂ 50 යි ඉන්නේ කියලා. ඒ වගේම ආශික්ලන්තේ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ වෙබ් එකේම තියන්නේ ලංකාවේ ග්‍රාම නිළධාරි වසම් තියෙන්නේ 14,022 ක් විතරයි කියලා. ඒ කියන්නේ එක ග්‍රාම නිළධාරි කෙනෙක්ට සාමාන්‍යයෙන් ඇතුල් වෙන්නෙ පවුල් 357 ක් විතරයි (මිලියන 5/14,022). දැන් අළුතෙන් පවුල් ලක්ෂ 20 ක් මේ ලිස්ට් එකට දැම්මා කියන්නේ එක ග්‍රාමසේවක කෙනෙක් අඩුම ගානේ අර 357ට අමතරව ලිස්ට් එකට පවුල් 143 ක් හොරාට දාන්න ඕන (මිලියන 2/14,022). ඒ කියන්නේ කලින් එක ග්‍රාමසේවක කෙනෙක්ට තිබ්බ පවුල් 357 වෙනුවට දැන් පවුල් 500 ක් ඇතුල් වෙනවා.
මේක වෙන්න පුළුවන්ද? ඕනම තැනක ඔය හොරා කන්න පුරුදු වෙච්ච උන් ඉන්නවනේ. නමුත් මන් හිතන්නේ ඒ පිරිස සුළු පිරිසක් කියලා. අපි හිතමු 50% ක්ම ග්‍රාම සේවකලා හොරු කියලා. එහෙම බැලුවොත් අඩුම ගානේ එක ග්‍රාම සේවක කෙනෙක් හොරාට ලිස්ට් එකට පවුල් 286 රිංගවා ගන්න වෙනවා. සාමාන්‍යයෙන් ඒක කොරන්න බැරි දෙයක්. ඕන නම් ඔය පවුල් 4-5 ක් හොරට දාගත්තට පවුල් සිය ගණනක් හොරට දාගනියි කියලා හිතන්නවත් බැහැ.
කොහේ හෝ වැරැද්දක් තියෙනවා. එක්කෝ ආශික්ලන්තේ ඔය සංගනනය කොරපු මහ ලොකු දෙපාර්තමේන්තුව පිස්සුවක් කෙලලා තියෙනවා. එහෙම නැත්නම්, මහින්දානන්ද තුමා ග්‍රාමෙලා චොර කරන්න ලක්ෂ 70 කිව්වා වෙනවා. එහෙම නැත්නම් ග්‍රාමෙලාගේ ලිස්ට් එක ගත්ත නම් ගමේ පොලිටික්කාට කොරන්න දෙයක් නැතිවෙන නිසා වැඩේ වෙන පැත්තක් ගැහුවා වෙනවා. කොහොම උනත් එයාලගෙ යුනියන් එක, අර සටනට සිංහයා වගේ බැහැලා කන් දෙක පහත් කොරන් එලියට ආවේ, මුළු රටේම තමන්ගේ වෘත්තීය සගයන්ගේ ඇඟේ හොර නම ගාගෙන බව නම් පැහැදිළියි.
සටන් කරන්න, ඉගෙනගන්න. සටන් බිම ගැන අවබෝධය ඇතුව. සරලව කිව්වොත් අසූචි වලේ ලැග්ග ඌරා වගේ ඇඟ පුරා ගා ගෙන සෝද ගන්නෙවත් නැතුව එළියට බැහැලා එන්න එපා..!
Comments
Post a Comment