Syndicated from lankanewsweb,
ඊයේ (18) දෙරණ මධ්‍යහ්න පුවත් විකාශයේදී අපූරු ප්‍රස්තාරයක් රටට හඳුන්වා දී තිබුණේ ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාදක කරගනිමිනි.
එහි කාලය දැක්වීමේදී මුලින් ඒකකය වශයෙන් සති භාවිතා කර තිබුණු අතර අප්‍රේල් 15 වෙනිදා සිට තනි දින වශයෙන් පෙන්නුම් කර තිබිණි. ඒ අනුව බැලූ බැල්මට කොරෝනා ව්‍යාප්තිය අතිශයින්ම අඩුවී ඇතැයි පෙන්නුම් කෙරේ.
කාලය මැනීමේ ඒකක දෙකක් යොදාගෙන ඇති නිසා සාමාන්‍යයෙන් පාසල්වල උගන්වන ක්‍රමවේදය අනුව මෙය සම්පූර්ණයෙන් වැරදි ස්ථම්භ ප්‍රස්තාරයක් වුවත් ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ඇති බව සිය 69 ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ට ඔප්පු කිරීම සඳහා වඩාත්ම සුදුසු ක්‍රමවේදය වන්නේ මෙය බව දෙරණ දනී. මන්දයත් දින ගණනින් පෙන්වූ විට මේ චිත්‍රය ඔවුන්ට මැවෙන්නේ නොමැති බැවිනි.
වත්මන් රජයේ ඇති සුවිශේෂීත්වය වන්නේත් මෙයයි. ඔවුන්ට වසංගත රෝග විද්‍යාව තබා 10 වසරේ ගණිතයවත් වැදගත් නොවන අතර තම ඡන්ද දායකයින් යනු ඉතාමත්ම පහසුවෙන් ඇන්දවිය හැකි කොටසක් බව පමණක් සිහියේ තබාගෙන ඒ ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය සියලු ක්‍රමවේදයන් ඔවුහු දෙවරක් නොසිතාම අනුගමනය කරති.
ශ්‍රී ලංකාවේ කොරෝනා වක්‍රය සමතලා කිරීම සඳහා බාර් චාට් වෙනුවට බයියන් වෙනුවෙන්ම සැකසූ බයි චාට් එන්නේ එහෙමය.
නාලක ගොඩහේවලාගේ ආයතනයෙන් ජනාධිපතිවරයාට ලෝකයෙන් 09 වැනි තැන ලැබුණේත් මෙහෙමය.
Comments
Post a Comment