විදේශයන්හි සිරවූ ලාංකික සිසුන් ගෙන්වා ගැනීමේ දී ගුවන් ටිකට් වලින් ගසා කනවා..! -ලංකා ගුරු සංගමයෙන් චෝදනා
Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.අප්‍රේල්.25, ප.ව.6.30) විදේශ රටවල අධ්‍යාපනය ලබන සිසුන් කොරෝනා වසංගත තත්වය තුළ ආපසු ගෙන්වීමේදී ගුවන් ටිකට් පත් සඳහා අධික මුදලක් අය කරන බව වාර්තා වේ.
කොරෝනා වසංගතය පැතිරීමත් සමග විදේශ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන ශී‍්‍ර ලාංකික සිසුන් අධ්‍යාපනය ලබන රටවල අතරමං වී ඇති තත්වය පිළිබඳ විවිධ ක්‍රමවලින් දැනුම් දී තිබුණි. මේ තත්වය තුළ එම සිසුන් ගෙන්වා ගැනීම රජයේ වගකීමක් වූ අතර, රජය ඒ සඳහා අවශ්‍ය කටයුතු කර තිබුණි. ඒ අනුව ප්‍රථමයෙන්ම චීනයේ වූහාන් නගරයේ අධ්‍යාපනය ලැබූ සිසුන් ලංකාවට රැගෙන එන ලද්දේ කිසිදු මුදල් අය කිරීමකින් තොරවය.
බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා ප්‍රකාශ කළ පරිදි සිසුන් 580 ක් ඉන්දියානු රාජ්‍ය ශිෂ්‍යත්ව මත ඉන්දියාවට ගොස් අධ්‍යාපනය ලබති. එසේම පිලිපීනය, නේපාලය, බංගලිදේශය හා පකිස්ථානයේ ද ලාංකික සිසුන් අධ්‍යාපනය ලබති. මින් බහුතරයක් රාජ්‍ය ශිෂ්යත්වධාරීන්ය. මේ වන වට ඔවුන් ලංකාවට ගෙන්වා ගැනීම වෙනුවෙන් ගුවන් ටිකට් පත් සඳහා අධික මුදලක් අය කිරීම තුළ එම සිසුන්ගේ දෙමාපියන් බරපතල අපහසුතාවකට පත්ව ඇත. එළඹෙන සෙනසුරාදා දින මුම්බායි සිට පැමිණීමට නියමිත එක් සිසුවෙකුගෙන් අය කර ඇති ගුවන් ටිකට් පත් ගාස්තුව රු.58650/-කි. මෙම ගාස්තුව පැමිණීම සඳහා එක් ගමන් වාරයකට පමණි. සාමාන්‍යයෙන් මෙම සිසුන්ගේ යාම් ඊම් සඳහා ගුවන් ටිකට්පත් ගාස්තුව රු.45000/ කට ආසන්න මුදලකි. කෙසේ හෝ තම දරුවන් ආපසු ගෙන්වා ගැනීමට මෙවැනි අධික මුදලක් දෙමව්පියන් වැය කරන්නේ පවතින තත්වය තුළ දැඩි අපහසුතා මධ්‍යයේය. මෙසේ මෙම සිසුන් ආපසු පැමිණීම සිදු වන්නේ ද කොරෝනා වසංගත තත්වය නිසාමය. මේ තත්වය තුළ එක් සිසු කණ්ඩායමකට එක් ආකාරයකටත්, රාජ්‍ය ශිෂ්‍යත්ව ගෙන ඉන්දියාව ඇතුළු වෙනත් රටවලට ගොස් සිටින සිසුන්ට වෙනස් ආකාරයකටත් සැලකීම බරපතල ගැටලුවකි.
කෝවිඩ් 19 වෛරසය හේතුවෙන් ඇති වී තිබෙන තත්වයන් පාලනය කිරීම වෙනුවෙන් චීනය, යුරෝපා සංගමය ආදී විවිධ රටවලින් ලංකාවට ආධාර ලැබී ඇති තත්වයක් තුළ මෙසේ එම වසන්ගත තත්වය මත විදේශ රටවල අතරමං වූ සිසුන් ගෙන්වා ගැනීමට මුදල් අය කිරීම බරපතල කණගාටුදායක තත්වයකි.
මේ තත්වය තුළ මෙම සිසුන් රජයේ වියදමින් ගෙන්වා ගැනීමට කටයුතු යොදන ලෙසත්, මේ වන විට ගුවන් ටිකට් පත් සඳහා ගෙවා ඇති මුදල් ආපසු ගෙවීමට කටයුතු යොදන ලෙසත් ලංකා ගුරු සංගමය විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් හා උසස් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් ඉල්ලා සිටී.
ජෝසප් ස්ටාලින්
ප්‍රධාන ලේකම් - ලංකා ගුරු සංගමය
Comments
Post a Comment