Syndicated from lankanewsweb,
මැතිවරණය සඳහා දිනයක් නියම කරන්නේද නැද්ද යන්න පිළිබඳව තීරණය කළ යුතු වන්නේ මැතිවරණ කොමිසමේ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් තමන්ට තනිවම ඒ ගැන කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
"අපට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද, කොරෝනා වසංගතයද, ඡන්ද නීතියද, ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයද, සර්ව ජන ඡන්ද බලයද අදාළ සියල්ල සලකා බලන්න වෙනවානෙ. අර ගහේ අත්තෙ එල්ලිලා හිටිය මිනිහාට එහා පැත්තෙ ඇතා, පතුළෙ නයා, අතේ කරවැලා. ඒ ඔක්කොම තියෙද්දි කරන්න පුළුවන් හොඳම දේ තමයි එයාට ඒ වෙලාවෙ දඬුබෑයෙ තියෙන පැණි ලෙවකාලා තීන්දුවක් ගන්න එක.
අපි ඒක නිසා මම ගන්න පුළුවන් හොඳම, උපරිම ක්‍රියාමාර්ගය ගන්න, වඩාත් ජනතාවට යහපත් වෙන ක්‍රියාමාර්ගය ගන්න උත්සාහ දරනවා. මම එහෙම කිව්වෙ අපේ කොමිසමේ අනිත් දෙන්නත් ඇතුළුව.
මරණ තුනක් නෙවෙයි හැටක් විතර තියෙනවා මේ වෙලාවෙ නේ ? ඇයි, කොරෝනා ගැන හිතන්න ඕනෑ, අපෙ නිලධාරීන්, රටේ ජනතාවගෙ සෞඛ්‍ය, ඊට පස්සෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ප්‍රතිපාදන, අනිත් පැත්තෙන් පනතේ ප්‍රතිපාදන. ඒවා තමයි තියෙන ප්‍රෙෂර් එක. ඒ ප්‍රෙෂර් එකට ඔක්කෝම එකින් එක සලකා බලලා ගන්න පුළුවන් හොඳම තීන්දුව, කරන්න පුළුවන් උපරිම හොඳ දේ කරනවා.
මට එකක් විතරක් කියන්න පුළුවන්. අපේ පක්ෂපාතීත්වය තියෙන්නෙ හැමතිස්සෙම කිසිදු දේශපාලනඥයෙකුට හෝ පක්ෂයකට හෝ කණ්ඩායමකට නෙවෙයි, අපි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ප්රජාතන්ත්රවාදයට සහ ජනතාවට පමණයි පක්ෂපාතී.
දවසක් නම් කරනවාද කියන එක කොමිසමේ කතා කරන්න ඕනෙ. තනි මැතිවරණ කොමසාරිස් හිටියා නම් පටාස් ගාලා උත්තරේ දෙනවා. දණිහෙන් පහළට නෙවෙයි ඔළුවට වගේ කියන්න තිබුණා. නමුත් තුන් දෙනෙක් ඉන්න තැනක මට එහෙම කෙළින්ම උත්තරක් දෙන්න බෑනෙ. මගේ පුරුද්ද නෙවෙයි කොමිසම ඇතුළෙ කතා කරන ඒවා ප්‍රසිද්ධියෙ කතා කරන එක" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
Comments
Post a Comment