දුම්රිය ධාවනය කරන්න කිව්වට යොදලා තියෙන වැඩපිළිවෙල ගැන සෑහීමකට පත්වෙන්න බැහැ - වෘත්තීය සමිති

Syndicated from lankanewsweb,



හෙට (20) දින සිට දුම්රිය ධාවනය කරන ලෙස දෙපාර්තමේන්තුව ඇතුළු රජයේ බලධාරීන් පවසා තිබුණද ඒ වෙනුවෙන් යොදා තිබෙන වැඩපිළිවෙල සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා අවධාරණය කළේය.
සම්පූර්ණයෙන් වසා දමා ඇති ප්‍රදේශවල සිටින දුම්රිය සේවකයන් පවා රාජකාරියට කැඳවා ඇති නමුත් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් පිරික්සීමට හෝ දෙපාර්තමේන්තුව මට්ටමින් යොදා නොමැති  බවයි දොඩංගොඩ මහතා සඳහන් කළේ. 
මේ අතර මාසයක පමණ කාලයක්  වසා දැමුණු දුම්රිය මාර්ග මැදිරි ආදිය ධාවනයට පෙර පරික්ෂා කළ යුතු අතර ගමනාන්තය දක්වා ගමන් කිරීමට පෙර එම අධීක්ෂණ කටයුතු කළ යුතුව ඇති බවද ඔහු පැවසුවේය. 
එමෙන්ම දුම්රිය මැදිරි තුළ ගමන් ගත හැකි මගී සංඛ්‍යාව පාලනය කර ඇතත් එය අධීක්ෂණය කිරීම සඳහා කිසිදු ක්‍රමවේදයක් ගෙන ඇති බවට පෙනෙන්නට නැති බවද ඔහු ප්‍රකාශ කළේය. 
දුම්රිය ගමන්වාර 400ක් ධාවනය වන බවට  විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා තිබුණද මේ වන විට සැලසුම් කර ඇත්තේ උදේ සවස ලෙස ධාවන වාර 46ක් බවයි දොඩන්ගොඩ මහතා කියා සිටියේ. 
මෙම තත්ත්වයටන්ට කඩිනම් විසඳුම් ලබා නොදුන හොත් යළි මෙම රෝගය ව්‍යාපත් වීමේ අවධානමක් ඇති විය හැකි බවයි ඔහු පෙන්වාදුන්නේ.


Comments