Syndicated from lankanewsweb,
ඇඳිරි නීතිය පැනවූ මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පුද්ගලයින් සංඛ්‍යාව 33,357ක් බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව 8570කි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව වෙනත් රටවල කොරෝනා මර්ධනය සඳහා ක්‍රියාත්මක වූයේ Test, Test, Test ක්රමවේදයයි. එනම් නැවත නැවතත් පරීක්ෂණ සිදුකරමින් රෝගීන් හඳුනාගැනීමයි. එහෙත් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරුණේ Arrest, Arrest, Arrest ක්රමවේදයකි.
ඒ අනුව ශ්‍රී ලංකාව තුළ කොරෝනා රෝගීන් හඳුනාගැනීම සඳහා සිදුකෙරුණු PCR පරීක්ෂණ සංඛ්‍යාව කිසිවකු නිවැරදිව නොදන්නා අතර එම තොරතුරු ප්‍රසිද්ධ කෙරෙන්නේ ද නැත. එහෙත් අත් අඩංගුවට ගත් සංඛ්‍යාව දිනකට දෙවරක්වත් මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරේ. පරීක්ෂණ පහසුකම් පිළිබඳ දැනට ඇති දත්ත අනුව කිව හැක්කේ කොරෝනා පරීක්ෂණ සංඛ්‍යාව අත් අඩංගුවට ගැනීම් සංඛ්‍යාවට වඩා නම් බොහෝමත්ම පහළින් ඇති බවයි.
කාටූනය - ගිහාන් ද චිකේරා
Comments
Post a Comment