Syndicated from lankanewsweb,
කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීම සඳහා පනවා තිබෙන ඇඳිරි නීති කඩවීම් වලදී ඇතැම් සිදුවීම් මුල්කරගෙන සමාජ මාධ්‍යයන්හි විවිධ ප්‍රචාර පැතිරෙමින් තිබෙන නමුත් කොරෝනා වෛරසයට ජාති ආගම් භේදයක් නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසුවේය.
අද (29) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කරන ලදී.
ජාතිය ආගම කුමක් වුවත් මෙම මාරාන්තික වෛරසයට ඒ කිසිවක් අදාළ නොමැති අතර මේ අවස්ථාවේ කළ යුත්තේ කිසියම් ජාතීන් ආගම් ඉලක්ක කරගෙන ප්‍රචාර සිදුකිරීම නොව ශ්‍රී ලාංකිකයන් ලෙස මෙය පරාජය කිරීම සඳහා එකතු වීම බව හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේය.
ජාතිය ආගම මුල් කරගෙන කටයුතු කිරීමට ගිය හොත් සිදුවන්නේ කොරෝනා වෛරසය විසින් අප සියල්ලන්ම විනාශ කරන බව යැයි හෙතෙම වැඩිදුරටත් අවධාරණය කළේය.
ASK
Comments
Post a Comment