Syndicated from lankanewsweb,
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා බලාසිටින්නේ මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජන්දය ඉල්ලීමට බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ අද (11) පෙරවරුවේ නාමයෝජනා සඳහා අත්සන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව යාමට තීරණය කළා නම් ඒ සම්බන්ධයෙන් නිවැරදිව හඳුනාගත හැකිව තිබූ බවයි හිටපු මන්ත්‍රීවරයා කියා සිටියේ.
මෙවර නාමයෝජනා ලබා දී තිබෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයට පමණක් නොව පළාත් සභා මැතිවරණයටත් අදාළව බවද ඔහු පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉල්ලා තිබූ පරිදි 30% කෝටාව ලබා දෙන්නේද යන්න පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.
ඊට පිළිතුරු දුන් නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ එක් එක් දිස්ත්‍රික්කවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයන් එක්ව තීන්දු තීරණ ගෙන ඇති බවයි.
මේ අතර බහුතර බලය ලබා ගැනීමේ ගැටළුවක් නැතත් තුනෙන් දෙකේ බලය හෝ ඊට ආසන්න බලයක් ලබා ගැනීමට උත්සහ කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
Comments
Post a Comment