Syndicated from lankanewsweb,
වජිර අබේවර්ධන මහතා පොට වරද්දා ගෙන සිටින අතර පසුගිය ජනාධිපතිවරණය සමයේදීත් අපේ ජාතික පෙරමුණේ සභාපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත් කර එහි ලේකම් ලෙස රාජිත සේනාරත්න මහතා පත්කළ අවස්ථාවේ වජිර අබේවර්ධනට එය ප්‍රශ්නයක් නොවුණේ ඇයිද යන්න අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති ආචාර්ය සේනක ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටියි.
ඔහු මේ බව සඳහන් කළේ වජිර අබේවර්ධන මහතා කර තිබූ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.
මුදලට දේශපාලන පක්ෂයක් ගෙන එහි සභාපති හා මහ ලේකම් ලෙස එක්සත් ජාතික පක්ෂයේ දෙදෙනෙකු පත් වී දැන් ඊට එක්වන ලෙස එජාපයට කතා කරන අතර එවැනි පක්ෂයකට යාමට එජාපයේ සිටින්නේ අහිකුණ්ඨික නොවන බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර තිබුණි.
වජිරලාගේ දැන් හැසිරීම අනුව එදා ජනාධිපතිවරණයේදීත් සජිත් ප්‍රේමදාසව ජයග්‍රහණය කරවීමට අවශ්‍යතාවක් තිබී නොමැති බව පැහැදිලි වන්නේ යැයි සේනක ද සිල්වා මහතා සඳහන් කරයි.
කෙසේවෙතත් මේ මොහොතේ පක්ෂයට හෝ ලකුණට නොව ජන්දය දෙන්නේ සජිත් ප්‍රේමදාස මහතාට බව ඔහු පවසයි.
භූමියේ දේශපාලනය කළ ඕනෑම කෙනෙකුට එය වැටහිය යුතු බවයි සිල්වා මහතා කියාසිටින්නේ.
සජිත් වටා දැන් සිටින පිරිසට අවශ්‍ය වන්නේ ඔහුව අතරමං නොකර ඔහු සමඟ ඉදිරියට යාමට බවත් වෙහෙසෙන්නේ ඒ වෙනුවෙන් බවත් ඔහු ප්‍රකාශ කරයි.
අවසන් මොහොත වන තෙක් හංසයා දෙන බව පවසමින් මෙවරත් සජිත් ප්‍රේමදාසව අමාරුවේ දැමීමට එජාපය ක්‍රියා කළ බව ද හෙතෙම කියා සිටියි.
කෙසේවෙතත් දැන් පවත්නා තත්ත්වය සජිත් වෙත වජිරලාට එන්න සිදුවන්නේ දණ ගහගෙන බවට සේනක ද සිල්වා මහතා අවධාරණය කරයි.
අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති ආචාර්ය සේනක ද සිල්වා මහතා මෙම අදහස් පළකළේ ලංකා නිවුස් වෙබ් වෙත විශේෂ ප්‍රකාශයක් ලබාදෙමිනි.
Comments
Post a Comment