Skip to main content
Syndicated from samabima,
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ දෙවන සංවත්සරය
අතුරුදහන් වූ පුදග්ලයන්ට අත් වූ ඉරණම පිළිබඳ සොයා බැලීම සහ ඔවුනගේ ඥාතීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම යන පුළුල් කාර්යභාරය සහිතව 2018 පෙබරවාරි මස 28 වන දින අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටවීුමෙන් සත්‍යය තහවුරු කිරීමට සහ යුක්තිය පසඳලීමට ඇති වගකීම රජය විසින් පැහැදිලිව පිළිගන්නා බව පෙන්නුම් කර ඇත. එය අතුරුදහන් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයින් පවත්වා ගෙන ගිය අඛණ්ඩ අරගලයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් විය.
විවිධ දේශපාලන පක්ෂ නියෝජනය වූ විවිධ රජයන් විසින් මෙතෙක් පත් කරන ලද පරීක්ෂණ කොමිෂන් සභා සහ කමිටුවල නිගමන් වී ඇත්තේ, සන්නද්ධ ගැටුම්, දේශපාලන නොසන්සුන්තාවන් හෝ සිවිල් කැරළි කෝලාහල පවතින, නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු කාල පරිච්ඡේද තුළ රාජ්‍ය හා රාජ්‍ය නොවන ක්‍රියාකාරීන් විසින් අතුරුදහන් කරවීම් සිදු කර ඇති බවයි. මෙම පරීක්ෂණ කොමිෂන් සභා විසින් අනාගතයේ අතුරුදහන් වීම් සිදුවීම වැළැක්වීම සඳහා කළ යුතු ප්‍රතිසංස්කරණ නිරන්තරයෙන් නිර්දේශ කර ඇති නමුත්, ඒවායින් බොහෝමයක් තවමත් ක්‍රියාත්මක කර නොමැත. රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් අදාළ නෛතික හා ආයතනික රාමුව ශක්තිමත් කිරීම, අතුරුදහන්වූවන්ට අත්වූ ඉරණම තහවුරු කිරීම සහ අතුරුදහන් කිරීම් වලට සම්බන්ධ වූ වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීම සඳහා අවශ්‍ය නිසි පියවර ගැනීම මෙම නිර්දේශිත ප්‍රතිසංස්කරණයන්ට ඇතුළත් විය.
අතුරුදහන් වීම් පුළුල් ලෙස සෑම කලාපයකටම හා ප්‍රජාවකටම බලපා ඇති නමුත්, ශ්‍රී ලංකාව තුළ අතුරුදහන් වී ඇති මුළු පුද්ගල සංඛ්‍යාව පිළිබඳ නිශ්චිත සංඛ්‍යාවක් තවමත් ගණනය කර නොමැත. නිශ්චිත කාලසීමා සහ කලාපවල සිදුවූ අතුරුදහන් වීම් විමර්ශනය කිරීමට පත් කළ පරීක්ෂණ කොමිෂන් සභා විවිධ සංඛ්‍යා වාර්තා කර ඇත. 1983 සිට 2009 දක්වා කාලසීමාව තුළ උතුරු හා නැගෙනහිර පළාත්වල සිදු වූ බව කියන අතුරුදහන් වීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද පරණගම කොමිසම වාර්තා කරන ආකාරයට එම කොමිසමට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 21,000 ක් ලැබී ඇත. එමෙන්ම, 1988 සිට 1997 දක්වා කාලය තුළ බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත්වල සිදු වූ අතුරුදහන් වීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත් කරන ලද කලාප කොමිසම වාර්තා කරන ආකාරයට එම කොමිසමට අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පැමිණිලි 8,739 ක් ලැබී ඇත.
අතුරුදහන් වීම් හුදෙක් අතීතයට සීමා වූ ප්‍රශන්යක් ලෙස ඇතැමුන් විස්තර කළ ද, අතුරුදහන් වීම හේතුවෙන් අත්වන ප්‍රතිවිපාක නිසා අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන් නිරන්තරයෙන් පීඩා විඳියි. පරිපාලනමය හේතුන් වෙනුවෙන් තම ආදරණීයන්ගේ මරණ සහතික පිළිගැනීම හැර වෙනත් විකල්පයක් නොතිබුණ මෙම පවුල්වල සාමාජිකයින්, තවමත් තම ආදරණීයන්ට අත් වූ ඉරණම පිළිබඳ සොයා ගත නොහැකිව වේදනාවෙන් ජීවත් වෙති. තවද, මෙම අතුරුදහන් වීම් සම්බන්ධයෙන් පිළිතුරු සැපයීමට රජය අපොහොසත් වීමේ ප්‍රතිඵලයක් ලෙස, තම ආදරණීයයන් ආරක්ෂිතව ආපසු පැමිණෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තවමත් ඇතැම් අය පසු වෙති. අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුලේ සාමාජිකයින් අතුරුදහන්වුවන් පිළිබඳ ශෝක වීමට හෝ ඔවුන්ගේ ඉරණම පිළිබඳව අවසානයක් දැකීමට නොහැකිව තවමත් පසුවන අතර, ඇතැමුන් අතුරුදහන් වූ තම පවුලේ සාමාජිකයා වෙනුවෙන් දානයක් පැවැත්විය යුතු ද යන්න සිතමින් දශක තුනකට අධික කාලයක් පුරා බලා සිටිති. බොහෝ පැමිණිලි වලට අනුව මෙසේ අතුරුදහන් වී ඇත්තේ පවුලේ ගෘහමූලිකයා වන, කුඩා දරුවන් සිටින පියෙක්, ස්වාමිපුරුෂයෙක් හෝ වයස්ගත දෙමාපිය දෙපළකගේ පුතෙකි. මේ නිසා තම ආදරණීයයන් සෙවීමේ කාර්යයට අමතරව, ආදායමක් ඉපැයීම සහ පවුලේ අයට රැකවරණය ලබා දීම යන අභියෝග ද්විත්වයට ද මුහුණ දීමට මෙම භාර්යාවන්ට සහ දෙමාපියන්ට සිදු වී තිබේ.
මෙම කාර්යාලයේ කාර්භාරය ඉටු කිරීමේ දී, වින්දිත පවුල්වල සාමාජිකයන්ගේ, සිවිල් සමාජ සංවිධානවල, රාජ්‍ය ආයතන සහ පෙර පැවති පරීක්ෂණ කොමිෂන් සභාවල සහ සංහිඳියා යාන්ත්‍රණ පිළිබඳ ප්‍රවිචාරණ කාර්යසාධක බලකායේ අත්දැකීම් සහ නිර්දේශ පිළිබඳ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය දැනුවත් වී ඇත. අතුරුදහන්වීම් සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳව කෝපයට හා ශෝකයට පත් පවුල්වල සාමාජිකයින් දහස් ගණනක් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ අපට මුණගැසී ඇති අතර, අතුරුදහන් වීම් සම්බන්ධයෙන් රජය විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාවලියට එරෙහිව විරෝධතාවන්ට සහභාගී වූ, රාජ්‍ය ආයතන කෙරෙහි කිසිඳු විශ්වාසයක් නැති සහ මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මැදිහත්වීමක් අපේක්ෂා කරන පිරිස් මේ අතර සිටිති. එම සෑම පවුලක්ම සම්බන්ධ කර ගැනීමට සහ ඔවුනගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට රජයට ඇති කැමැත්ත සහ හැකියාව කෙරෙහි විශ්වාසය ඇති කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය උත්සාහ කර ඇත. තවද, රජය විසින් සත්‍යය තහවුරු කිරීමෙන් හෝ යුක්තිය සහතික කිරීමෙන් තොරව වන්දි ප්‍රදානය කරනු ලබන බවට ඇති බිය සැක දුරු කිරීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය උත්සාහ කර ඇත.
පසුගිය වසර දෙක තුළ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සැක සහිත සමූහ මිනී වලවල් සම්බන්ධ මහේස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය කිරීම සහ ඒවාට අවශ්‍ය සහාය ලබා දී ඇත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, අතුරුදහන් වීම් සම්බන්ධ සිද්ධිවලට අදාළව සුදුසු අවස්ථා වලදී අපරාද නඩු පැවරීමේ යෝග්‍යතාවය පිළිබඳවත් මිනිස් ශරීර කොටස් හඳුනා ගැනීමේ සහ පුදග්ලයින් රඳවා ගැනීමේ ක්‍රියාවලි සම්බන්ධ නීතින්වලට අදාළ ප්‍රතිසංස්කරණ සඳහාත් පෙනී සිටියේ ය. වින්දිත පවුල් මුහණු දෙන ආර්ථික දුෂ්කරතා සැලකිල්ට ගෙන එක් පවුලකට මසකට රුපියල් 6000 ක අතුරු සහනයක් ලබා දීමට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නිර්දේශ කළ අතර එය 2019 දෙසැම්බර් මස 31 වන දින දක්වා ක්‍රියාත්මක වී ඇත. අපේ රට තුළ අතුරුදහන් වීම් බහුලව සිදුවූ බව පිළිගැනීමට රජයේ යුතුකම වටහා ගත් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් පසුගිය වසර දෙකේ දී බලහත්කාරයෙන් අතුරුදහන් කරන ලද වින්දිතයන්ගේ ජාත්‍යන්තර දිනය සමරනු ලැබීය. තවද, රාජකාරියේ නිරතවී සිටියදී අතුරුදහන් වූ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ඇතුළු අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ දැනට පවත්නා වාර්තා මත පදනම්ව, 2020 පෙබරවාරි මාසයේ දී අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් අතුරුදහන් වූ සහ අතුරුදහන් කරවන ලද තැනැත්තන් පිළිබඳ තත්කාලීන ලැයිස්තුවක් පිළියෙල කර අතර, අතුරුදහන් වූ තම ආදරණීයයන්ගේ තොරතුරු එම ලැයිස්තුවට ඇතුළත් කර ඇති බව තහවුරු කරන ලෙසට පවුල්වල සාමාජිකයන්ට ආරාධනා කරන ලදී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාවන්ට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත් වීමට රජය මෑතක දී ගත් තීරණය හේතුවෙන්, අතුරුදහන් වූ තැනැත්තන්ට අත් වූ ඉරණම පිළිබඳව සත්‍යය දැන ගැනීමේ බලාපොරොත්තුව සාක්ෂාත් වේ දැයි යන්න පිළිබඳ පවුල්වල සාමාජිකයින්ට ප්‍රශ්න මතු වී ඇත. පරිපූර්ණ විෂය පථයක් සහ බලතල සහිත යන්ත්‍රණයක අවශ්‍යතාව මතු වන්නේ, අප රටේ නීතිය ශ්‍රී ලාංකිකයින්ගේ ඇති අයිතිවාසිකම්, ජාත්‍යන්තර නීතිය යටතේ ශ්‍රී ලංකාව සතු වගකීම්, පෙර පැවති පරීක්ෂණ කොමිෂන් සභාවල නිර්දේශ, පවුල්වල ඉල්ලීම් සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයින් කෙරෙහි රජයට ඇති නෛතික සහ සදාචාරාත්මක වගකීම් තුළින් බව නිරීක්ෂණය වේ.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයට සිය කාර්යභාරය නිසි පරිදි ක්‍රියාත්මක කිරීම, සඳහා රජයේ සහ රාජ්‍ය ආයතනවල ක්‍රියාකාරී සහයෝගය අවශ්‍ය බව අපි මෙහි දී සඳහන් කරමු. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සාමාජිකයින් අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල්වල සාමාජිකයන් සමඟ වැඩ කටයුතු කිරීමටත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීමටත් කැප වී සිටිති.
ජනාධිපති නීතිඥ සාලිය පිරීස්
සභාපති
අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය
Comments
Post a Comment