Syndicated from lankanewsweb,
මේ වන විට කොරෝනා වසංගතය ඇමරිකාවට දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින අතර වාර්තා වී ඇති ආසාදිතයින් අනුව එම සංඛ්‍යාව චීනය හා ඉතාලියද අභිබවමින් තිබේ.
ඒ අනුව මේ වන විට ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයින් අවම 82100ක් වාර්තා වී තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
කෙසේවෙතත් ජෝන් හොප්ස්කින් විශ්ව විද්‍යාලයේ ඇස්තමේන්තුව අනුව එය 85,505 බව දැක්වෙයි.
මේ වන විට කොරෝනා වෛරසයේ කේන්ද්‍රස්ථානය වූ චීනයෙන් වාර්තා වී තිබෙන්නේ ආසාදිතයින් 81,782 කි.
ඉතාලිය තුළ එය 80,589 ලෙස දැක්වෙයි.
මේ වන විට ඇමරිකාව තුළ කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා පුද්ගලයින් 1209කු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ. මෙම සංඛ්‍යා ඉතා වේගයෙන් වෙනස් වෙමින් තිබෙන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන් පරිදි ඇමරිකාව මෙම වසංගතයේ අභියෝගය හමුවට පැමිණ තිබේ.
තත්ත්වය මෙසේ තිබියදීත් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ එළඹෙන පාසස්කුවට පෙර තත්ත්වය සුභදායක වනු ඇති බවයි.
එහෙත් ක්‍රමානුකූලව ඇමරිකාවද ලෝක්ඩවුන් වෙමින් තිබේ. නිව් යෝර්ක් නගරය පසුවන්නේ දැඩි අනතුරක බවද සඳහන්. දැනට ඇමරිකාවේ ප්‍රාන්ත 24කට වෛරසය ව්‍යාප්ත වී තිබෙන අතර ගෙවුණු පැය 24ක කාලය තුළ ආසාදිතයින් 100කට වැඩි පිරිසක් හඳුනා ගෙන තිබේ.
මේ වන විට ලොව පුරා ආසාදිතයින් 531,000 හඳුනාගෙන තිබෙන අතර මරණ 24000ට ආසන්න වෙමින් පවතියි.
Comments
Post a Comment