“ඇමරිකන් හඬ” ‌කොරෝනා ‌රෝහලක් කරයි..!

Syndicated from lankaenews,


(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.27, ප.ව.7.00)  හලාවත ඉරණවිල “ඇමරිකන් හඬ” සම්ප්‍රේශණ මධ්‍යස්ථානය COVID-19 රෝගීන්ට ප්‍රතිකාර සිදු කරන රෝහලක් බවට ඉතා ඉක්මණින් පරිවර්ථනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය
හලාවත ඉරණවිල පිහිටි “ඇමරිකන් හඩ” (Amarican Voice) සම්ප්‍රේශණ මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය භූමියේ ඇති ගොඩනැගිලි කොරෝනා වෛරස් ආසාදිතයින්ට (COVID-19) ප්‍රතිකාර සිදු කරනු ලබන මධ්‍යස්ථානයක් බවට පත් කිරිමට රජය තීන්දු කිරීමත් සමග එහි සිදු කරනු ලබන පරිවර්ථනයන් පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ (26) සවස සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි නිරීක්ෂණ චාරිකාවක නිරත වූවා ය
රෝගීන් 50 කට පමණ ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇති ඇමරිකන් හඬ සම්ප්‍රේශණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාව සඳහා යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහද  එක් වූහ.
“ඇමරිකන් හඬ” 1980 දශකයේ මුලින්ම ආරම්භ කිරීමට සැළසුම් කර තිබුනේ පුත්තලම දිස්ත්‍රික්කයේ මහකුඹූක්කඩවල ප්‍රදේශයේය. නමුත් ජනතා විරෝධතාවයත් සමග එය 1991 වර්ෂයේ දී හලාවත ඉරණවිල ප්‍රදේශ‌යේ ස්ථාපිත කරන ලදී. ශ්‍රී ලංකා රජයේ බදු පදනම මත ලබාගෙන තිබෙන අක්කර 400 ක භූමි ප්‍රමාණයක පිහිටි මෙම සම්ප්‍රේෂණ මධ්‍යස්ථානය 2017 වර්ෂයේ දී නැවත ශ්‍රී ලංකා රජයට බාරදෙන ලදි. ලොව පුරා වෙසෙන මිලියන 236.6 වැඩි ජනගහනයකට භාෂා 47 කින් “ඇමරිකානු හඩ” ගුවන් විදුලිය ප්‍රවෘත්ති හා තොරතුරු බෙදා හරින ලදී. මෙහි විශාල ප්‍රමාණයෙන් යුත් ගොඩනැගිල් 04 ක් ද ස්ථාපිත කරන ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශ මාධ්‍ය අංශයේ නිවේදනයකි.

Comments