විදේශ අමාත්‍යාංශයට කොරෝනා බව අමාත්‍යාංශය පිළිගනී..! 'දිනේෂ්ට කොරෝනා?' පුවතට අමාත්‍යාංශයෙන් නිවේදනයක්..!
Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.15, ප.ව.6.45) ස්වීඩනයේ සිට පැමිණි විදේශ අමාත්‍යාංශයේ නිලධාරිනියකට කොරෝනා වෛරසය වැළඳී ඇති අතර එය මහජනතාවගෙන් වසන් කර තිබෙන බවත් ඇයගෙන් අමාත්‍යාංශයේ විශාල පිරිසකට මෙන්ම විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට ද රෝගය වැළඳී ඇතැයි සැක පහළ වී තිබෙන බවත් හෙළි කරමින් "දිනේෂ්ට කොරෝනා" මැයෙන් ලංකා ඊ නිව්ස් ඊයේ පළ කළ පුවත සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අප පළ කළ පුවත සත්‍ය බව නිවේදනයෙන් පිළිගෙන තිබෙන අතර විදේශ ඇමැති දිනේෂ් සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැත. එකී විදේශ අමාත්‍යාංශ නිවේදනය සම්පූර්ණයෙන් පහත දැක්වේ.
මාධ්‍ය නිවේදනය
විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ මාධ්‍ය ප්රකාශිකාවගේ අදහස් දැක්වීම
විදේශ සබඳතා අමාත්‍යාංශයේ නිලධාරිණියකගේ පවුලේ සාමාජිකයෙකුට මේ වන විට COVID -19 රෝගය වැළඳී ඇති බව තහවුරු වී ඇත. අදාළ වෛද්‍ය උපදෙස් මත මේ වන විට නිසි ක්‍රියා මාර්ග ගෙන ඇති අතර වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානම අවම කර ගැනීම සඳහා අමාත්‍යාංශය පියවර කිහිපයක් ගෙන තිබේ.
ඒ අනුව, අදාළ නිලධාරිණිය සිකුරාදා සිට ස්වයං නිරෝධායනය කර ඇත.
ආරම්භක පියවරක් ලෙස, මේ සතියේ මුල් දිනයකදී කොළඹ විදේශ සබඳතා අමාත්‍යාංශයේ දී හා මීට සති 2 කට පෙර යුරෝපීය අගනුවරකදී අදාළ නිලධාරිණිය හා එක්ව රාජකාරී කටයුතු කරමින් සම්බන්ධ වූ කාර්ය මණ්ඩලයට 'ස්වයං නිරෝධායනය' කිරීමට උපදෙස් දී ඇත. අමාත්‍යාංශයේ අදාළ අංශ විෂබීජහරණය කිරීම සඳහා ද වැඩිදුර පියවර ගෙන තිබේ.
අමාත්‍යාංශය සිය කාර්ය මණ්ඩලයේ සහ එහි අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා කඩිනම් ක්‍රියාමාර්ග ගනිමින් පවතී.
විදේශ සබඳතා අමාත්‍යාංශය
කොළඹ
14 .03. 2020
Comments
Post a Comment