රන්ජන් - සජිත් හඬපට ලීක් වෙයි !

Syndicated from lankanewsweb,


රන්ජන් රාමනායක මහතාගේ හඬපට විශ්ලේෂණය කරන පොලිස් කණ්ඩායම්වලට ඒ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සිදුවූ දුරකථන සංවාද හඬපට ගණනාවක්ම හමුවී තිබේ. සම්පූර්ණ එකතුව ගත් කල පැය සියයක පමණ කාලයකින් යුත් හඬපට ඔවුන් දෙදෙනා අතර සිදුවූ සංවාද වශයෙන් ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ. 
කෙසේවෙතත් මීට පෙර හඬපට ලීක් කරමින් දේශපාලන වාසි ලබාගත් ආණ්ඩුවේ කණ්ඩායම්වලට මේ දෙදෙනාගේ ද දුරකථන සංවාදවලින් කොටසක් ලීක් කිරීමට අවශ්‍ය වී ඇත්තේ ළඟ එන මහමැතිවරණයේදී ප්‍රචාරණ වාසි අත්පත් කරගැනීම සඳහාය. 
ඔවුන් දැඩි මහන්සියෙන් යුතුව දින ගණනාවක් තිස්සේ මෙම හඬපට අධ්‍යයනය කරමින් විනාඩි කිහිපයක හෝ කොටසක් ලීක් කිරීම සඳහා තෝරන්නට, කපා කොටා සංස්කරණය කරන්නට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇත. 
ඒ, එම දුරකථන සංවාදවල සම්පූර්ණයෙන්ම අඩංගුවී තිබී ඇත්තේ රංජන් රාමනායක මහතා සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නා ආකාරය වන නිසාය. 
රංජන් රාමනායක යනු අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් දැඩි උනන්දුවක් දැක්වූ පුද්ගලයකු වූ අතර ඔහු පසුගිය වසරේදී අ.පො.ස. උසස් පෙළ විභාගයට පවා පෙනී සිටියේය. 
මේ අතර හඬපට විශ්ලේෂණය කරන පොලිස් නිලධාරීන් අතර පවා රන්ජන් - සජිත් සංවාද ජනප්‍රිය වී ඇත්තේ කුණුහරුප වෙනුවට ඒවායින් යමක් තමන්ටත් ඉගෙනගත හැකි නිසාය. 
කපා කොටා සංස්කරණය කර හඬපට ලීක් කරනවාත් ඒ ලීක් කරන හඬපට ඩේටා කපාගෙන අසනවාත් වෙනුවට යමක් ඉගෙන ගන්නවා නම් කාටවුණත් එය හොඳ දෙයකි. 

Comments