Syndicated from lankanewsweb,
සන්ධානයෙන් ශ්රී ලංකා නිදහස් පක්ෂය ඉවත්කිරීම සඳහා ක්රියාකාරීව සිටින ශ්රී ලංකා පොදුජන පෙරමුණේ සියලු දෙනාම වෙහෙසෙන්නේ මහමැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ජයග්රහණය කරවීමට බවට ශ්රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.
"මේ ජයග්රහණයට දායක වෙච්චි පක්ෂ ගැන යම් අමතකවීමක් තියෙනවාදෝ කියලා මට තේරෙනවා. කවදාවත් ආණ්ඩුවක් ඇතුළෙ දෙගොල්ලො ගහගන්නවා කියන්නෙ ආණ්ඩුව දුවන්න බෑ. ඡන්දයක් දෙන්න ඉන්න මිනිස්සු වික්ෂිප්ත භාවයට දැන් පත්වෙලා ඉන්නවා.
සන්ධාන කතා සියල්ල පැත්තකට විසිකරලා, උඹලා ඕනෙ නම් තනියම පළයල්ලා, පුළුවන් නම් වරෙල්ලා, අපට දෙන්නෙ දෙකයි, අපට දෙන්නෙ එකයි, එකක්වත් දෙන්නෙ නෑ, පුළුවන් නම් ඉල්ලාගනිල්ලා වෙනම ගිහිල්ලා කියලා ... මේ විදියට මේ එකමුතුව බිඳලා දාලා තියෙන්නෙ එක එක මන්ත්රීවරුන් කරන ප්රකාශ නිසා.
මේ බෙදීමට කටයුතු කරන හැම කෙනෙක්ම පැහැදිලිවම යූඑන්පී ජයග්රහණයක් කරා ගෙනයන්න වැඩ කරන අය කියලයි මට හිතෙන්නෙ. ඊළඟට තුනෙන් දෙකේ බලයක් ඉල්ලගෙන ගිහිල්ලා ඒකට ඡන්දෙ දෙන මිනිස්සුන්ට මොකද වෙන්නෙ ? ඒක තමයි මිනිස්සු දැන් කල්පනා කරන්නෙ. උඹලා දුන්නු බලයක් නෑ, උඹලා පළයල්ලා කියලා ඒ මිනිස්සුන්ටත් කිව්වොත් මොකද වෙන්නෙ ?" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.
දයාසිරි ජයසේකර මහතා මේ බව පැවසුවේ ඊයේ (10) කුරුණෑගල ප්රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
RN
Comments
Post a Comment