Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.20, ප.ව.5.30) කොරෝනා රෝගය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව අනුගමනය කරන වැඩපිලිවෙල ගැන සෑහීමකට පත්විය නොහැකි බව ලෝක සෞඛ්‍යය සංවිධානය අවස්ථා කීපයකදීම අනුතුරු අඟවා තිබේ. මෙතෙක් එක් සතියක් තුල වැඩිම කොරෝනා ආසාදිතයන් වැඩිම පිරිසක් හමුවූ එකම රට ලංකාව බවද පැවසේ. මේ අතර එළඹ ඇත්තේ භයානකම අවධිය බව අප රටේ වෛද්‍යවරු කියති. කිසිම රෝගියෙකු වාර්තා නොවිය යුතු කුඩා දූපතක් මෙවන් විපතකට ඇද දැමූවේ පාලකයන් විසින්ය යන තර්කය අවිවාදිත ය. බලය සහ ධනය මිස මිනිස් ජීවිත ගැන අබමල් රේණුවක තරම්වත් වටිනාකමක් ඔවුන්ට නැත. අති බහුතරයක් මෝඩයන් වෙසෙන රටකින් මීට වඩා හොඳ පාලනයක් බලාපොරොත්තු විය නොහැකි ය. ඒ මදිවාට නිහඬ මාරයකු රටම වටලමින් සිටින අවස්ථාවක සිය වගකීම කුමක්දැයි නොදන්නා අමන සංඝ මාෆියවක්ද අපට තිබේ. එවැන්නෙකු ගැන කියවෙන අපූරු පුවතක් ලංකාවේ ප්‍රධාන පෙෙල් පුවත් පතක් පසුගියදා රටටම අනාරවණය කළේ මෙසේය.
සිරිපා වන්දනා සමයේ වෙනසක් නෑ
(නොර්වුඩ් රංජිත් රාජපක්ෂ හා රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා)
උඳුවප් පොහෝ දිනයෙන් ආරම්භ කළ සිරි පා වන්දනා වාරය නියමිත පරිදි වෙසක් පොහෝ දිනයෙන් අවසන් කරන බව ශ්‍රී පාදස්ථානාධිපති සබරගමු පළාත් ප්‍රධාන සංඝ නායක වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති බෙන්ගමුවේ ධම්මදින්න නා හිමියෝ පැවසූහ.
වෛරස්වලට බියනොවී අතීතයේද ජනතාව ශ්‍රී පාදස්ථානය වැඳපුදාගත් බවද එසේ ඔවුන් පැමිණියේ සිය ජීවිත පරදුවට තබමින් බවද නා හිමියෝ මාධ්‍යයට විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසූහ.
රටේ ජනතාවට රජයකින් හෝ මැති ඇමතිවරුන්ගෙන් පිහිටක් නොමැතිනම් එම ජනතාව යන්නේ බුදුන් හෝ සමන් දෙවියන් නැමදීමට බවත් අනෙක් ආගමික ස්ථානවලට ගොස් භාරයක් වීමට හෝ පිහිටක් ලබා ගැනීමට නොහැකි බවත් ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පෙන්වා දුන්හ. (උපුටා ගැනීම නිමයි)
ශ්‍රී පාදස්ථානය භාර මේ සිවුරුකාර සිව්පාවා විශ්ව විද්‍යාලයක කුලපතිවරයෙකු බව වාර්තාවෙන් කියවේ. මුළු රටම වසා දැමිය යුතු බවට හඬ නැගෙන තත්වයක ආගමික ස්ථානයක සිදු කරන සංස්කෘතික කාර්යයක් නතර නොකරන බවට බිරුසන්දීමට තරම් මේ සිව්පාවා මසුරු මළපෙරේතයෙකු වීම අහඹුවක් නොවේ. පැරණි ගල් කණුවක් දුටු පමණින් එතැන පංසලක් අටවාගෙන රජ මහා විහාරස්ථාය යනුවෙන් අමුතු නමක්ද පටලවා එතැන් සිට මුදල් ගරන දේවදත්තතයන් සිටින රටක මේ අදින්න පුබ්බකයාද එක් අයෙක් පමණි.
මෙයින් වසර හැත්තෑවකට අසූවකට පෙර අපේ ගැමියන් සිරිපා තරණය කළේ සිය ඉඩකම් පවා වෙනත් අයට ලියා දීමෙන් පසුව බවට කථාවක් පවතී. ඔවුන් එයින් අදහස් කළේ ගමනේ ඇති දුෂ්කරතායටත් වඩා සියළු බැඳීම්වලින් මිඳී නිවන් දැකීමට යන ගමණක් බව තහවුරු කිරීමය. එහෙත් අද සිරිපා තරණය විනෝද ගමණකි. වන්දනාව සඳහා යන්නේ අතලොස්සකි. කහකඩ සිව්පාවාගේ එකම අරමුණ එන මොකාගෙන් හෝ ගාන කපා ගැනීමය. කොරෝනාවෙන් රටම වැළලුනත් ඔහුට වගේ වගක් නැත. පිං කැටයට සල්ලි වැටෙනවානම් පිංපත්තර තොගය විකිණෙනවාවම් ඉන් එහා යමක් ඔහුට නැත. මෙහි පිං කැටයට දිනකට රුපියල් ලක්ෂ ගණනක් ලැබෙන බව ප්‍රසිද්ධ රහසකි.
ශ්‍රී පාදස්ථානය හැර භාරහාර වීමට පිහිටක් ලබාගැනීමට රටේ වෙනත් තැනක් නැති බවද කහකඩ සිව්පාවා කියා තිබේ. ඇත්තෙන්ම දේවාල පල්ලි කෝවිල් වල හැර භාරහාර වීමක් දෙවියන්ගෙන් පිහිට පැතීමක් බුදු දහමේ නැති බව මේ මී හරකාට මුලින්ම පෙන්වා දිය යුතුය. කෙසේ වෙතත් ලංකාවේ ඇති බෞද්ධ අබෞද්ධ සියළු ස්ථාන පිහිට පතන භාරහාරවෙන තැන් අපමණක්ම බව අමුතුවෙන් කිවයුතු නැත. සිය බලාපොරොත්තු ඉටුවුනත් නැතත් රට වැසියෝ එවැනි දේ කරති. එම අමන සමාජය බිහිකර ඇත්තේද පූජකයන් විසින්මය. එහෙත් ශ්‍රී පාදස්ථානය මිසදිටුවන්ගේ අපේක්ෂා ඉටු කරන එකම තැන හැටියට හඳුන්වන්නේ මොහුගේ සිත තුල පවතින මසුරුකම නිසා මිස අන්කිසි හේතුවකින් නොවේ.
රටේ ජනතාවට රජයකින් හෝ මැති අමතිවරුගෙන් පිහිටක් නැති නිසා මෙවැනි ස්ථානවල පිහිට පතන බව පැවසීම නම් සත්‍යයකි. කිසියම් කාලයක අප රටේ මානව හිතවාදී රජයක් බිහිවුවහොත් එදාට රටවැසියා මේ සියළු දේවාල පුල්ලියන් පයින් ගසා එළවා දැමීම ඊටත් වඩා පරම සත්‍යයකි.
Comments
Post a Comment