Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.23, ප.ව.9.45) ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාව වන අපි ඉතාමත් සංවේගයට සහ අසරණ භාවයට පත් හැඟීමෙන් වෙලී සිටින්නෙමු.
අප ශ්‍රී ලංකා මාතාවට බරක් නොවී ජීවත් වන ශ්‍රී ලාංකිකයන් වන අතර, මව් රටේ විදේශ විනිමය සංචිතයෙන් විශාල කොටසකට දායකත්වය සපයන පිරිසකි.
ශ්‍රී ලංකා මාතාව දුකට පත් සැම අවස්ථාවකම ඉතාලියේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් එක්සත්ව එක්සිත්ව අධාර උපකාර කරමින් ඔවුන් හා දුක බෙදා ගත්තෙමු.
සුනාමි ඛෙදවාචකය අවස්ථාවේ දී රුපියල් මිලියන ගණනක් මුදලින් මෙන්ම, රුපියල් මිලියන ගණනක් වටිනා ආහාර, බෙහෙත් සහ වෙනත් ද්‍රව්‍ය වලින් අපගේ ශ්‍රී ලංකා මාතාවට ආධාර කර තිබේ. වසර 30 ක කුරිරු යුද්ධය නිම කිරීම සඳහා රජය ආරම්භ කළ ‘අපි වෙනුවෙන් අපි’ අරමුදලට යුරෝ මිලියන ගණනින් පරිත්‍යාග කර තිබේ.
ශ්‍රී ලාංකිකයන් අසරණ වූ සෑම අවස්ථාවකම අප ඔවුන් අමතක කෙළේ නැත. සෑම විටෙකම උදව් උපකාර කෙළෙමු.
නමුත් ඉතාලියේ ජීවත් වන අප බිහිසුනු ව්‍යසනයකට පත්ව ඇති මේ අවස්ථාවේ, අපට ධෛර්යමත් කරනවා වෙනුවට රජයේ බලධාරීන් ද අමානුෂික මිනිසුන්ද කරන්නේ අප කොන් කිරීමයි. ශ්‍රී ලංකාවට කොරෝනා ගෙනාවේ අප යැයි අපට බොරු අවලාද නැගීමයි.
සෑම වසන්තයකදීම ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ උදව් උපකාර පතා ඉතාලිය බලා පියාඹන දේශපාලකයින්, කලා කරුවන්, මාධ්‍යවේදීන් කොතෙක් සිටියද ඒ කිසිදු දේශපාලකයෙක්, කලා කරුවෙක්, මාධ්‍යවේදියෙක් මේ වන තුරු අප ධෛර්යමත් කිරීමට එක වචනයක් හෝ් මුවින් පිට කර නැත.
අප අසරණ වෙලා වගේ අපට දැනෙනවා..!
සී.ඩී. වීරමන්ත්රී
මිලානෝ
Comments
Post a Comment