Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.24, ප.ව.9.00) සමස්ථ ලෝකයම මේ මොහොතේ කොවිඩ් 19 නම් මාරාන්තික වසංගතයට මුහුණදෙමින් සිටින්නේය. මෙයට පෙර එවැනි වසංගත තත්ත්වයක් ඇතිවූයේ වසර 1918 දී ය. එබැවින් මෙහි භයානක ස්වරූපය සම්බබන්ධයෙන් අමුතුවෙන් විස්තර ඉදිරිපත් කිරීම අනවශ්‍යය. දැඩිව ගෝලීයකරණය වූ ලොවක මෙවැනි වසංගතයකින් කිසිදු රටකට ගැලවීමක් නැත. එහෙත් බොහෝ රටවලට වඩා මෙම වසංගතයෙන් ගැලවීම සඳහා වාසිදායක තත්ත්වයක් ලංකාවට තිබේ. දූපතක්වීම, මිලියන 21 වැනි අඩු ජනගහනයක් සිටීම, ඝර්මකලාපීය දැඩි උෂ්ණත්වය, ශක්තිමත් නිදහස් සෞඛ්‍ය සේවයක් තිබීම සහ ශක්තිමත් සක්‍රීය ත්‍රිවිධ හමුදාවක් පැවැතීම මේ අතරින් කිහිපයකි.
සාමාන්‍ය බුද්ධියක් සහිත ඕනෑම පුද්ගලයෙකුට මෙම වෙෙරසය ලංකාව තුළ පැතිර යෑම කාලය පිළිබඳ ප්‍රශ්නක් බව අවබෝධ කර ගත හැකිය. ඒ වන විට වසංගතය චීනයෙන් යුරෝපයටත් උතුරු ඇමරිකාවටත් පැතිරෙමින් පැවතියේය. වෙෙරසයෙන් දිනපතා මරණයට පත්වන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතියේය.
අනතුර දැක දැක...
එහෙත් ජනාධිපතිවරයා මෙම අනතුර දැක දැක පාර්ලිමේන්තු මාර්තු 3 වන දා විසුරුවා හැරියේ පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන සැප්තැම්බර් මාසය දක්වා පවතිත්දීය. ජනාධිපතිවරයා තමාට ලැබෙන පළමු අවස්ථාවේදී ම පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ තුනෙන් දෙකක බලයක් ලබා ගැනීම සඳහාය. නව පාර්ලිමේන්තු මැතිවරණයක් සඳහා නාමයෝජනා කැඳවීම ආරම්භ වූ පසුව රට තුළ කොවිඩ් 19 වෙෙරස් බිය සීඝ්‍රයෙන් පැතිර යන්නට විය. ඒ පළමු රෝගියා හඳුනාගැනීමෙන් පසුවය. කොවිඩ් 19 වෙෙරසය වැළඳුන රෝගීන් රට තුළින් මුණ ගැසීම ආරම්භ වීමත් ජනතාව බියට සහ කලබලයට පත්විය.
මහ මැතිවරණය කල්දමා කොවිඩ් 19 වෙෙරසයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කළ යුතු බවට විවිධ පාර්ශවයන් ගෙන් ඉල්ලීම් ඉදිරිපත් විය. එහෙත් ලක්ෂ්මන් යාපා අබේවර්ධන වැනි ඇමතිවරුන් කියා සිටියේ පොහාට්ටුවට මේ අවස්ථාවේ තුනෙන් දෙකක් ලබා ගත හැකි බැවින් මැතිවරණය පැවැත්විය යුතු බවයි. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවා මැතිවරණය කල් නොදැමිය යුතු බව කියා සිටියාය.
රට මුහුණ දී සිටින අර්බූදය පිළිබඳ සාකච්ඡා කිරීමට පාර්ලිමේන්තුව කැඳවන ලෙස හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා දිගින් දිගටම ජනාධිපතිවරයාගෙන් ලිඛිතව සහ වාචිකව ඉල්ලීම් කළේය. කොවිඩ් 19 වෙෙරසය පැතිර යෑම වැළැක්වීම සඳහා අනෙක් රටවල් භාවිතා කරන ජනතාව නිවෙස්වලට සීමාකිරීමේ (Lock down) පියවර ගන්නා ලෙසට ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් විය.
රටේ ජනතාව බියෙන් තැති ගැනී සිටි මොහොතක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාර්තු 17 වන දා රාත්‍රියේ "ජාතිය" ඇමතීය. ඔහු "ජාතිය" අමතා කියා සිටියේ:
• පාර්ලිමේන්තුව යළි කැඳවීමේ නොහැකියාව
• සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේදී වැඩි බලයක්දීමේ අවශ්‍යතාවය
• ගුවන් තොටුපොළේදී කොවිඩ් 19 රෝගීන් හඳුනාගන්නා ආකාරය
• සැමන් සහ පරිප්පු සහන මිලට සැපයීම
• ජනතාව නිවෙස්වලට සීමාකිරීමේ (Lock down) නොහැකියාවය
• පාර්ලිමේන්තුව යළි කැඳවීමේ නොහැකියාව
• සිය සහෝදරයා වන මහින්ද රාජපක්ෂට ඉදිරි මහ මැතිවරණයේදී වැඩි බලයක්දීමේ අවශ්‍යතාවය
• ගුවන් තොටුපොළේදී කොවිඩ් 19 රෝගීන් හඳුනාගන්නා ආකාරය
• සැමන් සහ පරිප්පු සහන මිලට සැපයීම
• ජනතාව නිවෙස්වලට සීමාකිරීමේ (Lock down) නොහැකියාවය
ජනාධිපතිවරයාගේ "ජාතිය" ඇමතීම මගින් කොවිඩ් 19 වෙෙරසය පිළිබඳව බියෙන් තැති ගැනී සිටි ජනතාවට සැනසීමක් හෝ මානසික ධෙෙර්යක් නොලැබිණි. එම කථාවේ හරය වූයේ තමන්ගේ දේශපාලන බලය ශක්තිමත් කර ගැනීම පමණි. මෙය "ජාතිය" ඇමතීමකට වඩා තමාගේ "බයි" ජනතාව මහ මැතිවරණයට සූදානම් කිරීමේ කථාවකි. සැමන් සහ පරිප්පු සහන මිලට ලබාදීම ඡන්ද ගුන්ඩුවක් බවට චෝදනා එල්ල වුවද එයින් ආර්ථික අපහසුතා සහිත ජනතාවට යම් කෙටි කාලීන සහයක් ලැබිණ (එහෙත් අවාසනාවකට ජනතාව මෙම භාණ්ඩ මිලදී ගැනීමට පොරකෑම හේතුවෙන් වෙෙරසයට නිරාවරණය වීමේ අවධානය ඉහළ ගියේය.)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණි මොහොතේ සිටම කියා සිටියේ තමාගේ කටයුතුවලට පාර්ලිමේන්තුව සහ අධිකරණය බාධා නොකළ යුතු බවයි. ඔහු එම ආයතන දෙකම දුටුවේ සතුරන් වශයෙනි. කොවිඩ් 19 වෙෙරස අර්බූදය හේතුවෙන් දින නියමකින් තොරව මහ මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසම කටයුතු කළේය. පාර්ලිමේන්තුව යළි කැඳවන ලෙසට කරන ඉල්ලීම් නොසලකා හරිමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා යුධ හමුදාපති සමඟ එක්ව රට පාලනය කරයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එතෙක් පැවති අගමැති සහ කැබිනට් මණ්ඩලය භාරකාර ආණ්ඩුව බවට පත්වෙයි. එහෙත් ජනාධිපතිවරයා මේ මොහොතේ අගමැතිවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය කෙරෙහි වැඩි බරක් නොතබා හමුදාපතිවරයා සමඟ එක්ව රට පාලනය කරයි. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මාධ්‍යයට ප්‍රකාශ කළේ ජනාධිපතිවරයා හමුදාව සමඟ එක්ව කොවිඩ් 19 වෙෙරස මර්දනය කිරීමට කටයුතු කරන බවයි. මේ වන විට කොවිඩ් 19 වෛරසයට එරෙහිව පාර්ලිමේන්තුවක් නොමැතිව සටන් කරන එකම රට ශ්‍රී ලංකාව යි.
වෛද්‍යවරු නොමැති වෛරස් මර්දනය..
මෙම වෙෙරසය මර්දනය කිරීම සඳහා පත් කළ කාර්යය සාධන බලකායේ නායකයා යුධ හමුදාපතිවරයාය. මෙම වෙෙරසය මර්දනය කිරීමේ වැඩපිළිවෙළහි කැපීපෙනෙන කාර්රයක් කිරීමට ත්‍රිවිධ හමුදාවට හැකිය. ඒ පිළිබඳ වාදයක් නැත. එහෙත් එය මෙහෙයවීමේ වගකීම හිමිවිය යුත්තේ වසංගත පිළිබඳ වෙෙද්‍ය විශේෂඥයන්ටය. ජාත්‍යන්තර පිලිගැනීමට ලක්වූ වසංගත රෝග මර්දන වෙෙද්‍ය විශේෂඥයන් හත් දෙනෙක් ලංකාවේ සිටිති. එහෙත් ඒ අතරින් එක් අයෙකු හෝ ජනාධිපතිගේ කාර්ය සාධක බලකායේ නැත. එවැනි වෙෙද්‍ය විශේෂඥයන් ත්‍රිවිධ හමුදාවන්හි සිටින්නේ නම් ඔවුන්ගේ සහය ලබා ගත යුතුය. පසුගිය වසර පහක කාලය පුරා රාජපක්ෂ සට්ටැඹිරාළලා සේ කටයුතු කළ රජයේ වෙෙද්‍යවරුවන්ගේ සංගමයේ ප්‍රධානීන් ද මෙම කාර්යය සාධන බලකයේ නැත. මෙම නොසැළකීම පිළිබඳ වියරු වූ රජයේ වෙෙද්‍යවරුවන්ගේ සංගමයේ ප්‍රධානීහු මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා යුද්ධ කළ ආකාරයට වසංගත මර්දනය කළ නොහැකි බව කියමින් දැඩි විවේචනයක් කළහ. එදිනම රාත්‍රියේ "සිරස" හි පෙනීසිටි ඔවුහු සිය විවේචනය තවදුරටත් තීර්ව කළහ. එහෙත් ජනාධිපතිවරයා රජයේ වෙෙද්‍යවරුවන්ගේ සංගමයේ නායකත්වයට සහ "සිරස" හිමිකාරයාට ලබාදුන් දුරකතන "ඇමතුම්" වලින් පසුව දෙපාර්ශවයම බලු කුක්කන් හීලෑ වූයේය. කලින් දා තමන් වැමෑරූ දේ 'ඇමැතුමෙන්' පසුදා ඔවුහුම යළි ගිල දැම්මේය.
මේ මොහොතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ඉහළින් සිටිමින් යුධ හමුදා සමඟ එක්ව රට පාලනය කරයි. ඔහු තම සහෝදරයා වූ අගමැති ද නොසලකා හැර තිබේ. මේ ප්‍රවේශය "බයි" ජනතාවගේ ඉමහත් ප්‍රීතිප්‍රමෝදයට හේතුවී ඇති ඔවුන්ගේ සමාජ ජාලා ප්‍රතිචාර වලින් පැහැදිලිය. "බයි" මාධ්‍යය ද මේ නව යථාර්ථය රටේ දියුණුවට හේතු වන බවට කරුණු දක්වමින් සිටියි. මැතිවරණ සිතියම හකුළා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදා සමඟ රට පාලනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වෙමින් පවතියි. මේ ජයවර්ධන යුගයේ හොල්මන් යළි මතුවීමකි.
මේ මොහොතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ඉහළින් සිටිමින් යුධ හමුදා සමඟ එක්ව රට පාලනය කරයි. ඔහු තම සහෝදරයා වූ අගමැති ද නොසලකා හැර තිබේ. මේ ප්‍රවේශය "බයි" ජනතාවගේ ඉමහත් ප්‍රීතිප්‍රමෝදයට හේතුවී ඇති ඔවුන්ගේ සමාජ ජාලා ප්‍රතිචාර වලින් පැහැදිලිය. "බයි" මාධ්‍යය ද මේ නව යථාර්ථය රටේ දියුණුවට හේතු වන බවට කරුණු දක්වමින් සිටියි. මැතිවරණ සිතියම හකුළා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යුධ හමුදා සමඟ රට පාලනය කළ යුතු බවට යෝජනා ඉදිරිපත් වෙමින් පවතියි. මේ ජයවර්ධන යුගයේ හොල්මන් යළි මතුවීමකි.
වෙස්මිනිස්ටර් ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමය..
වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අපට බ්‍රිතාන්‍යය යටත් විජිතවාදීගෙන් උරුම වූ සම්ප්‍රදායකි. මෙම සම්ප්‍රදාය වෙනස් කිරීමට ජේ. ආර් ජයවර්ධනට සුවිශේෂ අවශ්‍යතාවයක් තිබිණ. ඔහු ඒ පිළිබඳව මුලින්ම ප්‍රසිද්ධියේ අදහස් දැක්වූයේ 1966 දීය. එම වසරේ දෙසැම්බර් 14 වනදා පැවැති විද්‍යාභිවර්ධන සංගමයේ විසිදෙවන වාර්ෂික සමුළු අමතා පැවැත්වූ දේශනයකදීය.
"විද්‍යාව සහ දේශපාලනය" යන මාතෘකාව යටතේ අදහස් දැක් වූ ඔහු වෙස්මිනිස්ටර් ක්‍රමය වෙනුවට විධායක ජනාධිපති ක්‍රමයක් රටට වඩාත් ගැලපෙන බවට තර්ක කළේය. වෙස්මිනිස්ටර් ක්‍රමය හේතුවෙන් රටට ප්‍රජාතන්ත්‍රවාදය හිමිවී ඇතත් සිඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට විධායක ජනාධිපති ක්‍රමයක් සුදුසු බව ජේ. ආර් ජයවර්ධන කියා සිටියේය. වෙස්මිනිස්ටර් ක්‍රමය ආර්ථික වර්ධනයට බාධාවක් බව ඔහුගේ තක්සේරුව විය. ඇමරිකා එක්සත් ජනපදය, ප්‍රංශය වැනි රටවල ක්‍රියාත්මක වන විධායක ජනාධිපති ක්‍රමයේ ධනාත්මක භාවය ඔහු උදාහරණ වශයෙන් ගෙනහැර දැක්වූයේය. මහාචාර්ය කේ. එම් ද සිල්වා සහ හාවඩ් රිගින්ස් රචනා කළ "ජේ. ආර් ජයවර්ධන චරිතාප්‍රදානය" හි සඳහන් වන අන්දමට ඔහු එම දේශනයේදී "විධායකය තෝරා ගැනෙන්නේ ජනතාව විසින් වන අතර එය ව්‍යවස්ථාදායකයට නියමිත තිබෙන කාලසීමාව මත රඳාපවතින්නේ නැත. එබඳු විධායකය ශක්තිමත් විධායකයක් වේ. එය නියමිත කාලසීමාව සඳහා බලයට පත් කොට සිටින අතර ජනතාව තෝරාගෙන ඇති විධායකය රුචි අරුචිකම්වලට යටවන්නේ නැත. එසේම ජනප්‍රිය නොවූවත් නව පාර්ලිමේන්තු කණ්ඩායමේ අප්‍රසාදයට පත්වීමට බිය නැති නිසා අවස්ථාවට අවශ්‍ය පියවර ගැනීමට එය බිය නොවන්නේය. අද අප මුහුණ පා සිටින්නාක් වැනි බරපතළ ප්‍රශ්නයකට මුහුණපාන අප වැනි සංවර්ධනයවෙමින් පවතින රටකට මෙවැනි ක්‍රමයක් අවශ්‍ය බව මගේ විශ්වාසයයි" යැයි පැවසීය (පිටු 90-92,තෙවන වෙළුම සිංහල පරිවර්තනය).
1953 හර්තාලයට මූලික හේතුවක් වූයේ මුදල් ඇමැති වශයෙන් ජේ. ආර් ජයවර්ධන ඉදිරිපත් කළ අයවැය යෝජනාවන්ය. සිය අයවැය යෝජනා මගින් එතෙක් සුබසාධන ආර්ථිකයක් වෙනුවෙන් ජනතාවට නොමිලේ ලබාදුන් ආහාර ද්‍රව්‍ය කපාදැමීමටත් සහන මිල යටතේ සැපයූ ඇතැම් අත්‍යවශ්‍ය ද්‍රව්‍යයන්හි මිල ඉහළ දැමීමටත් ඔහු යෝජනා කළේය. එජාපය අභ්‍යන්තරයෙන් එල්ල වූ පීඩනය මෙන්ම වමේ පක්ෂ ගෙන ගිය හර්තාලය හේතුවෙන් ඔහුට සිය අයවැය යෝජනා හකුලා ගැනීමට සිදුවිය. ඩඩ්ලි සේනානායකට අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. එදා ජේ. ආර් සිය අයවැය යෝජනා ශක්තිමත් විධායක ජනාධිපති ක්‍රමයක් යටතේ සිදු කළේ ඒවා ඉදිරියට ගෙනයෑමේ හැකියාවක් තිබූ බව ඔහුගේ තක්සේරුව වන්නට ඇත. එමෙන්ම ඒ වන විට නැගෙනහිර ආසියාවේ ඇතැම් රටවල් ප්‍රජාතන්ත්‍රවාදය පසෙක තබමින් සීඝ්‍ර ආර්ථික වර්ධනයක් ලබා අධිපතිවාදී පාලන ක්‍රම අත්හදා බලමින් සිටියේ ය. මේ සියල්ලේ ම බලපෑම ඔහුට දැනෙන්නට ඇත.
1970 දී සමගි පෙරමුණ රජය එවකට පැවති සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට නව ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරන අවස්ථාවේ දී ජේ. ආර් ජයවර්ධන සිය විධායක ජනාධිපති යෝජනාව එම ව්‍යවස්ථාව සම්පාදක මණ්ඩලයට ඉදිරිපත් කළේය. "රාජ්‍යයේ විධායක බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීති රිති අනුව ඒවා ක්‍රියාවට නංවන ජනාධිපතිවරයකු පත් කෙරෙනු ඇත. සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා සත් වසරක් සඳහා පමණක් වයස 18ට වැඩි සියලු පුරවැසියන්ගේ සෘජු ඡන්දයෙන් තෝරාපත් කර ගැනෙනු ඇත. සමූහාණ්ඩුවේ ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය දරනු ඇත" යන ඔහුගේ යෝජනාව එවකට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ආර්. ප්‍රේමදාස ස්ථිර කළේය (පිටුව 95).
විධායක ජනාධිපති ක්‍රමය යනු ඒකාධිපතිත්වයට පාර කැපීමක් -ඩඩ්ලි
එහෙත් මෙම යෝජනාවට ව්‍යවස්ථාව සම්පාදක මණ්ඩලය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහයක් නොලැබිණ. විශේෂයෙන්ම ඵජාප මන්ත්‍රීවරුන් අතරේ සිය විපක්ෂ නායකයාගේ යෝජනාවට වැඩි සහයක් ලැබූනේ නැත. එවකට එජාප නායකයාවූ ඩඩ්ලි සේනානායක මෙම යෝජනාව දැඩිව විවේචනය කළේය. පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදීයකු වශයෙන් ප්‍රකට ඩඩ්ලි, විධායක ජනාධිපති ක්‍රමය යනු ඒකාධිපතිත්වයට පාර කැපීමක් බව කියාසිටියේය. "ජනාධිපති ක්‍රමය ඇමරිකා එක්සත් ජනපදයේ සාර්ථක ලෙස ක්‍රියාත්මක වී නැත. එය විශේෂ ඵෙතිහාසික තත්ත්වයන් යටතේ සිදුවූදෙයකි. ඒ හා සමානම හේතු උඩ එය ප්‍රංශයේ භාවිතයට ගෙන ඇත. එහෙත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එය විනාශකාරී වනු ඇත. එය සීසර්වාදී සම්ප්‍රදායක් ඇති කරනු ඇත. ඒ නිසා එක් නායකයකු වෙත බලය ඒකරාශී වනු ඇත. පාර්ලිමේන්තුවට සහ දේශපාලන පක්ෂ ව්‍යුහයට හානි පැමිණෙනු ඇත. සාමාන්‍යයෙන් එය නිකෲමා කෙනෙකුට හෝ නසාර් කෙනෙකුට සුදුසු ක්‍රමයක් මිස නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී රටකට සුදුසු ක්‍රමයක් නොවේ" යන ඉතිහාස ගත අනාවැකිය ඩඩ්ලි සේනානායක එදා ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ දී කළේය.
ජේ. ආර් ජයවර්ධන තමන්ට බලය ලැබුණු පළමු මොහොතේදී ම වෙස්මිනිස්ටර් පාර්ලිමේන්තු ක්‍රමය අවසන් කර විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කිරීමට පසුබට නොවීය. 1977 මහ මැතිවරණයේ දී හයෙන් පහක බලයක් ලබා ගත් ඔහු, හදිසි කටයුත්තක් වශයෙන් අර්ථ දක්වමින් විධායක ජනාධිපති ක්‍රමයක් සහිත නව ව්‍යවස්ථාවක් නිර්මාණය කළේය. රටකට නව ව්‍යවස්ථාවක් හදුන්වා දෙනවිට හදිසි කටයුත්තක් වශයෙන් අර්ථ දක්වමින් ව්‍යවස්ථා නිර්මාණය කළ සිද්ධීන් පිළිබඳ උදාහරණ දැකිය නොහැකිය. නව ව්‍යවස්ථාවක් නිර්මාණය කරන්නේ රටක සියලු වාර්ගික, ආගමික, දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන සමඟ කරන ඵලදායී දීර්ඝ සාකච්ඡා වට ගණනාවකින් පසුවය. එහෙත් ජේ. ආර් ජයවර්ධනගේ 1978 නව ව්‍යවස්ථාව ක්ෂණික නූඩ්ල්ස් මෙන් සාදාගත් ලියවිල්ලකි. එය පාර්ලිමේන්තු තුළ හෝ ප්‍රමාණවත් තරමින් සාකච්ඡා කළේ නැත.
ඇමරිකානු සහ ප්‍රංශ ව්‍යවස්ථා ආදර්ශයට ගෙන නිර්මාණය කළ 1978 ව්‍යවස්ථාව මගින් එම දෙරටේම ජනාධිපතිවරුන්ට වඩා බලය කේන්ද්‍රය වන විධායක ජනාපති ක්‍රමයක් නිර්මාණය කළේය. ඇමරිකානු සහ ප්‍රංශ ව්‍යවස්ථායන්හි විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය එකිනෙකින් ස්වායත්ත ආයතන වශයෙන් ස්ථාපිත කර තිබේ. ඒ අනුව එකිනෙකා අතර පරීක්ෂා කිරීම් (check and balances) දැකිය හැක. ඇමරිකාවේ සෙනෙට් සභාව සහ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යන දෙකම එක් කර සැලකු විට ඇමරිකානු කොංග්‍රසය වශයෙන් හැඳින්වේ. ඇමරිකානු ජනාධිපතිවරයාගේ තීරණ වලට බලපෑමක් කිරීමේ හැකියාව කොංග්‍රසයට ඇත. ජනාධිපතිවරයාගේ ඉහළ අධිකරණ සහ කැබිනට් පත්වීම්වලට සෙනෙට් සභාවේ අනුමැතිය අවශ්‍යය. ජනාධිපතිවරයාට කොංග්‍රසය විසුරුවා හැරීමට නොහැකිය. කොංග්‍රසයට ජනාධිපතිවරයාට එරෙහිව පහසුවෙන් දෝෂාභියෝගයක් ගෙනවිත් අදාළ චෝදනා පිළිබඳ පරීක්ෂා කළ හැකිය. ප්‍රංශ ජනාධිපතිවරයා ද එහි ව්‍යවස්ථා සභාවේ පරීක්ෂාවට ලක්වේ. ජනාධිපතිවරයාට සිය තනි අභිමතය පරිදි කැබිනට් මණ්ඩලය පත්කිරීමට හෝ පාර්ලිමේන්තු විසුරුවා හැරීමට නොහැකිය. ඒ සෑම අවස්ථාවේ දීම අගමැතිවරයාගේ අභිමතය ලබාගත යුතුය.
එහෙත් ජේ. ආර් ජයවර්ධනගේ 1978 නව ව්‍යවස්ථාව, ඇමරිකානු සහ ප්‍රංශ ව්‍යවස්ථා අතික්‍රමණය කළ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කළේය. විධායක ජනාධිපතිවරයා ව්‍යවස්ථාවට, පාර්ලිමේන්තුවට සහ අධිකරණයට ඉහළින් ස්ථාපිත කළේය.
1 ජනාධිපතිවරයා රජයේ ප්‍රධානියාද, විධායකයේ ප්‍රධානියාද, ආණ්ඩුවේ ප්‍රධානියා ද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයා ද වේ (30[1])
2 ජනාධිපති තමා විසින් පත් කරනු ලබන අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකුද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වෙයි (43[2])
3 කැබිනට් මණ්ඩලය පත්කිරීමට සහ වෙනස් කිරීමට අගමැතිගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය නැත (43[3])
4 අග්‍රවිනිශ්චයකාරවරයාද, අභියාචනාධිකරණයේ සභාපතිවරයාද, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් පත්කරනු ලබන්නේ ජනාධිපති විසිනි (107[1])
5 පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වසරක් ගතවූ පසුව ඕනෑම මොහොතක අගමැතිවරයාගේ උපදෙස් ලබානොගෙන ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකිය (70[1]; 70[4]).
2 ජනාධිපති තමා විසින් පත් කරනු ලබන අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයකුද අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ද වෙයි (43[2])
3 කැබිනට් මණ්ඩලය පත්කිරීමට සහ වෙනස් කිරීමට අගමැතිගේ උපදෙස් ලබා ගැනීම අත්‍යවශ්‍ය නැත (43[3])
4 අග්‍රවිනිශ්චයකාරවරයාද, අභියාචනාධිකරණයේ සභාපතිවරයාද, ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ අනෙකුත් විනිශ්චයකාරවරුන් පත්කරනු ලබන්නේ ජනාධිපති විසිනි (107[1])
5 පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා වසරක් ගතවූ පසුව ඕනෑම මොහොතක අගමැතිවරයාගේ උපදෙස් ලබානොගෙන ආණ්ඩුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට හැකිය (70[1]; 70[4]).
ජනාධිපතිවරයාට එරෙහිව කටයුතු කිරීමට අධිකරණයට හෝ පාර්ලිමේන්තුවට නොහැකිය. දෝෂාභියෝගයකින් ජනාධිපතිවරයා ඉවත් කිරීම අතිදුෂ්කර ක්‍රියාවලියකි. ව්‍යවස්ථා කටයුතු විශාරදයෙක් වන ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා වරෙක පැවසූවේ ජනාධිපතිවරයා උම්මත්තක භාවයට පත්වුවත් ඔහුව කඩිනමින් පදවියෙන් ඉවත්කිරීමේ ප්‍රතිපාදන ව්‍යවස්ථාවේ නොමැති බවයි. ජේ. ආර් ජයවර්ධන වරෙක පැවසූ පරිදිම 1978 ව්‍යවස්ථාවෙන් ස්ථාපිත කළ විධායක ජනාධිපතිවරයාට කළ නොහැක්කේ ගැහැනියක පුරුෂයකු කිරීම පමණි. එය එතරම් බලයක් විධායකයට ඒකරාශි වූ ඒකාධිපති ව්‍යවස්ථාවකි.
යෝධ පිම්ම්ක් වූ දාහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය..
ජේ.ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාවෙන් වසර දාහතකට පසුව බලයට පැමිණ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුබ පොදු පෙරමුණේ මූලික මැතිවරණය පොරොන්දුව වූයේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමය. එදා සිට බොහෝ නායකයෝ මෙම පොරොන්දුව ලබාදෙමින් බලයට පත් වූහ. එහෙත් විධායක ජනාධිපති ක්‍රමය ඒ ආකාරයෙන් පවතියි. වර්තමාන ව්‍යවස්ථාවේ ඒකාධිපති ස්වරූපය යම් තරමකට හෝ වෙනස් කිරීමට හැකිවූයේ දාහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගිනි. වසර 2001 ඔක්තෝබර් 3 වන දා ඉදිරිපත් කළ මෙම සංශෝධනයට පක්ෂව එජාපය, පොදු පෙරමුණ සහ ජවිපෙ ඡන්දය ප්‍රකාශ කළහ. මෙම සංශෝධනය ඉදිරියට ගෙන සම්මත කර ගැනීම සඳහා ජ.වි.පෙ කැපීපෙනෙන මැදිහත්වීමක් සිදු කරන ලදී. මෙම සංශෝධනය මගින් ජනාධිපතිවරයාට සිය අභිමතය පරිදි සිදු කළ ඉතා වැදගත් පත්වීම් ගණනාවක් වැළැක්වීමට හැකිවිය. මෙම සංශෝධනයට අනුව අගමැති, විපක්ෂ නායක, කථානායක ඇතුළු දස දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්ථාදායක සභාවක් මගින් රජයේ ඉහළම පත්වීම් සිදුකරනු ලබයි.
• මැතිවරණ, රාජ්‍ය සේවා, පොලිස් , මානව හිමිකම් , අල්ලස් හෝ දූෂණ විමර්ශන , මුදල් සහ සීමා නිර්ණ යන කොමිෂන් සභාවන්ට ව්‍යවස්ථා සභාවේ නිර්දේශයන් ගෙන් තොරව සාමාජිකයන් හෝ සභාපතිවරුන් පත්කිරීමට ජනාධිපතිවරයාට නොහැක.
• අග්‍රවිනිශ්චකාරවරයා හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්, අභියාචනාධිකරණයේ සභාපති හා විනිශ්චයකාරවරුන්, අධිකරණ සේවා කොමිසමේ සභාපති හැර සෙසු සාමාජිකයන් , නීතිපති, විගණකාධිපති , පොලිස්පති, සහ පාර්ලිමේන්තු මහලේකම් සඳහා ජනාධිපතිට පත්වීම් කළ හැක්කේ ඔහුගේ නිර්දේශ ව්‍යවස්ථා සභාව අනුමත කරන්නේ නම් පමණි.
ජනාධිපතිවරයාට අවශ්‍ය හිතවතුන් , දේශපාලන හෙන්චයියන් රටේ ඉහළම තනතුරු වලට පත් කිරීම හරහා අධිකරණය, පොලිසිය, මැතිවරණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය සේවය ඇතුළු රටේ මර්මස්ථාන සිය අණසකට ගැනීම යම් ප්‍රමාණයකට අවසන් කිරීමට දහහත් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා හැකි විය. එම සංශෝධනයේ යම් යම් අඩුපාඩුකම් තිබුණ ද එය ප්‍රජාතන්ත්‍රවාදය යලි ස්ථාපිත කරන, ස්වාධීන රාජ්‍ය ආයතන ස්ථාපිත කරන යෝධ පිම්මක් විය.
මහින්දට නයාට අඳුකොළ වූ දාහත් වන සංශෝධනය..
ඒකාධිපති බල වියරුවෙන් සිටින්නන්ට මෙම සංශෝධනය නයාට අඳුකොළ මෙන් විය. මෙවැනි ඒකාධිපතියන්ට අවශ්‍ය වන්නේ විධායක ජනාධිපතිධූරය වටා තවතවත් බලය ඒකරාශි කිරීම මිස ඒවා අතහැරීම නොවේ. යුධ ජයග්‍රහණයෙන් පසුව සදාකාලික ලෙස බලයේ සිටීමට සිහින දුටු මහින්ද රාජපක්ෂ වසර 2010 දී දහඅට වන ව්‍යවස්ථා සංශෝධනය මගින් දාහත් වන ව්‍යවස්ථා සංශෝධනය (තමා ද ඡන්ද දී ස්ථාපිත කළ) හරහා විධායක ජනාධිපතිට අහිමි කරන ලද බලතල සියල්ල යළි අත්පත් කර ගත්තේය. තමාට සදාකාලිකව ජනාධිපතිධූරයේ සිටීම සඳහා ධූර කාලය පිළිබඳ සීමාව ද ඉවත් කළේය. ජේ. ආර් ජයවර්ධනටත් වඩා වියරු ලෙස ඔහු විධායක බලය භාවිතා කළේය.
තමන්ට අහිතකර නඩු තීන්දුවක් ලබාදීමේ වරදට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ව්‍යාජ දෝෂාභියෝගයක් ඉදිරිපත් කර එම පදවියෙන් ඉවත් කර තම පෞද්ගලික නීති උපදේශකයා වූ මොහාන් ද සිල්වා අගවිනිසුරු පදවියටපත් කිරීම මෙයට එක් උදාහරණයකි. දාහත් වන සංශෝධනය හරහා ස්ථාපිත කර තිබූ ස්වාධීන කොමිෂන් සභා සියල්ල ද ඔහු විනාශ කළේය. මෙරට ජේෂ්ඨ පුවත් කතුවරයකු සහ ප්‍රවීණ දේශපාලන විචාරකයකු වන වික්ටර් අයිවන් මහතා සිය "චෞර රාජ්‍යය" ග්‍රන්ථයේ මෙම ප්‍රවණතාව පහත දැක්වෙන ලෙස අර්ථ දක්වයි " 18 වැනි සංශෝධනය ඉතාමත් ප්‍රතිගාමී ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. එය යුද්ධය ජයගැනීමෙන් පසුව තමන් කැමති තාක් කල් ජනාධිපති ධුරයේ ඉඳීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඇති කරගෙන තිබූ කෑදර සිහිනය සැබෑ කරගැනීමේ අරමුණින් සම්මත කරගන්නා ලද ව්‍යවස්ථා සංශෝධනයක් ලෙස සැලකිය හැකිය. මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නා ලද්දේ හදිසි කටයුත්තක් ලෙස සලකා මහජන සාකච්ඡාවට ද ඉඩ නොතබාය. ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ කෙරුණු විමර්ශනයද සාධාරණ හෝ නීතියට අනුකුල විමර්ශනයක් ලෙස සැලකිය නොහැක. …... ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කොට ඒ වෙනුවට මොහාන් පීරිස් නව අගවිනිසුරු ධුරයට පත් කළේය. මොහාන් පීරිස් ද බරපතල චෝදනා එල්ල වී තිබූ පුද්ගලයෙකි. ඩොක්යාර්ඩ් සමාගම රේගුවට කරන ලද විශාල බදු වංචාවකට අදාළව විභාග වෙමින් තිබූ නඩුවක ඔහු ද වගඋත්තරකරුවකු කොට තිබුණේය. 1977 පසුව බලයට පත් සියලු පාලකයන් අතුරින් වඩාත්ම නග්න හා සාහසික ආකාරයකින් අධිකරණය සිය ග්‍රහණයට ගත් පාලකයා ලෙස සැලකිය හැක්කේ ජනාධිපති මහින්ද රාජපක්ෂය" (පිටුව 73; 122).
සැනසුම් සුසුමක් වූ 19 වන සංශෝධනය..
වසර 2015 දී බලයට පැමිණ යහපාලන ආණ්ඩුව ඉදිරිපත් කළ දහනමවන ව්‍යවස්ථා සංශෝධනය මගින් යළිත් ස්වාධීන කොමිෂන් සභා ශක්තිමත්ව ස්ථාපිත කළ අතර ආණ්ඩුවේ පාලන මර්මස්ථානයන් දේශපාලන බලපෑම්වලින් තොරව වැඩ කිරීමට හැකිවිය. මෙම සංශෝධනය හරහා අගමැතිවරයාට වැඩි බලතල හිමිවිය. මානව හිමිකම් කොමිසම මෙන්ම මැතිවරණ කොමිසම වඩාත් ශක්තිමත් විය. ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලය පත්කිරීමේ දී අගමැතිවරයා කැමැත්ත විමසිය යුතු අතර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති බලතල ද කප්පාදු කෙරිණ. දහනම වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ යම් යම් අඩුපාඩු පැවතිය ද එමගින් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් නිර්මාණය කිරීමට හැකිවිය. පැහැදිලිව එය දාහත්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට වඩා ඉදිරිගාමීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය මෙවර ජිනීවා සැසිවාරයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කළ වාර්තාවේදී දහනම වන සංශෝධනය මගින් ශක්තිමත් කළ ශ්‍රී ලංකාව මානව හිමිකම් කොමිසම ඇතුළු ස්වාධීන ආයතන පිළිබඳ ඉහල ඇගයීමකට ලක් කළාය.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය , මානව හිමිකම් සහ පුරවැසි අයිතිවාසිකම් පිළිබඳ උනන්දු වන ඕනෑම සැබෑ ජනතා නායකයෙක් මෙන්ම දේශපාලන බලවේගයක් උත්සාහ ගන්නේ දහනමවන සංශෝධනයෙන් ඉදිරියට යෑමටය. යමෙක් එම සංශෝධනය විනාශ කිරීමට උත්සුක වන්නේ නම් ඔවුන්ගේ ගමන් මඟ වැටී තිබෙන්නේ ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය ශක්තිමත් කරන ෆැසිස්ට්වාදය හරහාය.
19 න් ස්ථාපිත ස්වාධීන ආයතන විනාශ කරන ගෝඨාභය..
ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වූයේ රටේ නීතිය සහ සාමය ස්ථාපිත කර විනය ගරුක රටක් ඇතිකරන බිහි කරන බවට වන පොරොන්දුව මතය. විශේෂයෙන් නාගරික සහ අර්ධ නාගරික කොටස් මධ්‍යම පංතික ජන කොටස් ඔහුට ඡන්දය ලබාදුන්නේ එම උත්තරීතර බලාපොරොත්තු මතය. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයේ දිවුරුම් දී ගත වූ පළමු පැය විසිහතරේ සිටම ක්‍රියාත්මක වෙමින් සිටින්නේ රටේ නීතියේ ආධිපත්‍යය විනාශ කිරීමටය. දහනමවන සංශෝධනය හරහා ස්ථාපිත ස්වාධීන ආයතන විනාශ කිරීම සඳහාය. ඔහු ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ නිදසුන් කිහිපයක් පහත දැක්වේ:
• යහපාලන සමයේ සිදුවූ "දේශපාලන පලිගැනීම්" ගැන සෙවීමට සට්ටැඹිරාළලා ගෙන් සමන්විත ජනාධිපති විමර්ශන කොමිසමක් පත් කිරීම
• යහපාලන ආණ්ඩුව සමයේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ සට්ටැඹිරාළලාට එරෙහිව පරීක්ෂණ මෙහෙයවූ ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් එම පරීක්ෂණ වලින් ඉවත් කර පලිගැනීම
• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉවත් කර මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිළධාරියා ඒ සඳහා පත් කිරීම. එමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ම ජනාධිපතිවරයාගේ ග්‍රහණයට ගැනීම
• අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය නීති විරෝධීව එම තනතුරෙන් ඉවත් කරන ලද අපකීර්තිමත් ඉතිහාසයක් ඇති කුප්‍රකට මොහාන් පීරිස් ජනාධිපති උපදේශකයකු ලෙස පත් කිරීම.
• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා හරහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ සට්ටම්බිරාළලාට එරෙහිව සිදු කළ පරීක්ෂණ තිස් හතක වාර්තා පැහැර ගැනීම
• උදයංග වීරතුංගට එරෙහි වසර පහක් පුරා පරීක්ෂණ සිදු කළ පොලිස් නිළධාරීන් මාරුකර යවා නව නිළධාරීයෙකු මගින් ඔහුට ඇප ලබා ගැනීමට උත්සාහ කිරීම
• ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වී මෙන් දින කිහිපයකින්ම තමන්ට පොලිස් නිළධාරියකු මාරු කිරීමට ඉඩනොදෙන්නේ යැයි පොලිස් කොමිසමට තර්ජනය කිරීම. දිගින් දිගටම කරනු තර්ජන හරහා අද වන විට පොලිස් කොමිසම සම්පූර්ණයෙන්ම හීලෑ කරගෙන අවසානය.
• ගෝඨාභය රාජපක්ෂ අධිකරණ පද්ධතියම සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කරමින් සිටින්නේය. ඒ සඳහා සිදු කළ පළමු උත්සාහ වූයේ ඔහුගේ සට්ටැඹි ජනාධිපති කොමිසම හරහා අධිකරණයට නියෝග නිකුත් කරමින් අධිකරණය මෙන්ම නීතිපතිවරයා යටත් කර ගැනීමය.
• රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ වරෙන්තුකාරයන් සමඟ ප්‍රසිද්ධියේ පෙනීසිටිමින් , හැසිරෙමින් අධිකරණය හෑල්ලුවට ලක් කළේය. තුන් වරක් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළ වසන්ත කරන්නාගොඩ සහ එම වරෙන්තු භාරදීමට අධිකරණ නියෝග කළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න සමඟ ආනන්ද නාලන්ද මහා ක්‍රිකට් තරගය නැරඹීමට ගියේය.
• ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය විනාශකර එය හීලෑ කරගැනීම සඳහා ද පසුගිය කාලය පුරා එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් එච් හූල් ට පහර දෙමින් සිටියි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය රාජපක්ෂලාට හිතවත් බලුකුක්කෙකු සේ හැසිරෙන අවස්ථාවක කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරන්නේ මහාචාර්ය හූල්ය. දින පනස්දෙකේ රාජපක්ෂ-සිරිසේන හොර ආණ්ඩුව පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට නියෝග කළ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම නියෝගය කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අවස්ථාවේ මහාචාර්ය රත්නජීවන් එච් හූල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විමසා සිටියේය. අගමැතිධූරයේ සිදු කළ වෙනස මෙන්ම පාර්ලිමේන්තු විසිරුවා හැර මහමැතිවරණයක් නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එසේ නොවන්නට මහින්ද දේශප්‍රිය, රාජපක්ෂ-සිරිසේන හොර ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව මහ මැතිවරණය පැවැත්වීමට සැදී පැහැදී සිටියේය. එදා සිට රාජපක්ෂලාට සහ ඔවුන්ගේ "බයි" හමුදාවට මහාචාර්ය හූල් නයාට අඳුකොළ මෙනි.
• යහපාලන ආණ්ඩුව සමයේ රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ සට්ටැඹිරාළලාට එරෙහිව පරීක්ෂණ මෙහෙයවූ ශානි අබේසේකර ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් එම පරීක්ෂණ වලින් ඉවත් කර පලිගැනීම
• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉවත් කර මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාරව සිටි පොලිස් නිළධාරියා ඒ සඳහා පත් කිරීම. එමගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන් ම ජනාධිපතිවරයාගේ ග්‍රහණයට ගැනීම
• අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය නීති විරෝධීව එම තනතුරෙන් ඉවත් කරන ලද අපකීර්තිමත් ඉතිහාසයක් ඇති කුප්‍රකට මොහාන් පීරිස් ජනාධිපති උපදේශකයකු ලෙස පත් කිරීම.
• අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව ප්‍රධානියා හරහා රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ ඔවුන්ගේ සට්ටම්බිරාළලාට එරෙහිව සිදු කළ පරීක්ෂණ තිස් හතක වාර්තා පැහැර ගැනීම
• උදයංග වීරතුංගට එරෙහි වසර පහක් පුරා පරීක්ෂණ සිදු කළ පොලිස් නිළධාරීන් මාරුකර යවා නව නිළධාරීයෙකු මගින් ඔහුට ඇප ලබා ගැනීමට උත්සාහ කිරීම
• ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධූරයට පත් වී මෙන් දින කිහිපයකින්ම තමන්ට පොලිස් නිළධාරියකු මාරු කිරීමට ඉඩනොදෙන්නේ යැයි පොලිස් කොමිසමට තර්ජනය කිරීම. දිගින් දිගටම කරනු තර්ජන හරහා අද වන විට පොලිස් කොමිසම සම්පූර්ණයෙන්ම හීලෑ කරගෙන අවසානය.
• ගෝඨාභය රාජපක්ෂ අධිකරණ පද්ධතියම සිය ග්‍රහණයට ගැනීමට උත්සාහ කරමින් සිටින්නේය. ඒ සඳහා සිදු කළ පළමු උත්සාහ වූයේ ඔහුගේ සට්ටැඹි ජනාධිපති කොමිසම හරහා අධිකරණයට නියෝග නිකුත් කරමින් අධිකරණය මෙන්ම නීතිපතිවරයා යටත් කර ගැනීමය.
• රටේ ජනාධිපතිවරයා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ වරෙන්තුකාරයන් සමඟ ප්‍රසිද්ධියේ පෙනීසිටිමින් , හැසිරෙමින් අධිකරණය හෑල්ලුවට ලක් කළේය. තුන් වරක් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කළ වසන්ත කරන්නාගොඩ සහ එම වරෙන්තු භාරදීමට අධිකරණ නියෝග කළ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න සමඟ ආනන්ද නාලන්ද මහා ක්‍රිකට් තරගය නැරඹීමට ගියේය.
• ජනාධිපතිවරයා මැතිවරණ කොමිසමේ ස්වාධීනත්වය විනාශකර එය හීලෑ කරගැනීම සඳහා ද පසුගිය කාලය පුරා එහි සාමාජික මහාචාර්ය රත්නජීවන් එච් හූල් ට පහර දෙමින් සිටියි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය රාජපක්ෂලාට හිතවත් බලුකුක්කෙකු සේ හැසිරෙන අවස්ථාවක කොමිසමේ ස්වාධීනත්වය වෙනුවෙන් සටන් කරන්නේ මහාචාර්ය හූල්ය. දින පනස්දෙකේ රාජපක්ෂ-සිරිසේන හොර ආණ්ඩුව පාර්ලිමේන්තු විසුරුවා හැර මහ මැතිවරණයක් පැවැත්වීමට නියෝග කළ අවස්ථාවේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය එම නියෝගය කිසිදු පැකිලීමකින් තොරව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ අවස්ථාවේ මහාචාර්ය රත්නජීවන් එච් හූල් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගොස් මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය විමසා සිටියේය. අගමැතිධූරයේ සිදු කළ වෙනස මෙන්ම පාර්ලිමේන්තු විසිරුවා හැර මහමැතිවරණයක් නීතිවිරෝධී බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය. එසේ නොවන්නට මහින්ද දේශප්‍රිය, රාජපක්ෂ-සිරිසේන හොර ආණ්ඩුවේ අවශ්‍යතාව අනුව මහ මැතිවරණය පැවැත්වීමට සැදී පැහැදී සිටියේය. එදා සිට රාජපක්ෂලාට සහ ඔවුන්ගේ "බයි" හමුදාවට මහාචාර්ය හූල් නයාට අඳුකොළ මෙනි.
අධිකරණයට සහ ව්‍යවස්ථාදායකයට ගෝඨාභය කරන තර්ජන..
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට පත් වී ගත වූ මාස හතරකට අධික කාලයේදී කිහිපවතාවක්ම අධිකරණයට සහ ව්‍යවස්ථාදායකයට තර්ජනය කළේය. තමන්ට ජනවරමක් ලැබී තිබෙන බැවින් අධිකරණය සහ ව්‍යවස්ථාදායක තම කටයුතු වලට බාධා නොකළ යුතුයි යැයි ඔහු ප්‍රසිද්ධියේ තර්ජනය කළේය. මේවා හැංගි හැංගී කළ තර්ජන නොවේ. පසුගිය නිදහස් උත්සවයේ දී "ජාතිය" අමතමින්, ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ වාර්ෂික සමුළුවේදී, අධිකරණ විනිසුරුවරුන් අමතමින් සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ තර්ජනය කළේ දහනමවන ව්‍යවස්ථා සංශෝධනය මගින් නිර්මාණය කළ ස්වාධීන ආයතනවලට දැඩිව පහර දෙමිනි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටින්නේ දහනමවන සංශෝධනය අහෝසි කර ජේ. ආර් ජයවර්ධන නිර්මාණය කළ ආකාරයේ ව්‍යවස්ථාවට, අධිකරණයට සහ පාර්ලිමේන්තුවට වගනොකියන විධායක ජනාධිපති බලතල තමන්ට අවශ්‍ය බවයි. එය සැබැවින්ම නැවත ඒකාධිපති සළුපිළි හැද ගැනීමකි. ප්‍රජාතන්ත්‍රවාදී රටවල මූලික පදනම වන්නේ විධායකය, අධිකරණය සහ ව්‍යවස්ථාදායක එකිනෙකින් ස්වාධීන බල කේන්ද්‍ර වශයෙන් පවත්වා ගෙන යාමය. මේ ආයතන එකිනෙකා පරයායන්නේ නැත. එකිනෙකා අතර පරීක්ෂා සිදු වෙයි. නිදසුනක් වශයෙන් ලෝකයේ ප්‍රබලතම විධායක ජනාධිපතිධූරය පවතින ඇමරිකාවේ, එහි ජනාධිපතිවරයාගේ තීරණ අභියෝගයට ලක්කිරීමට කොංග්‍රසයට අවස්ථාවක් තිබේ. අධිකරණයට ජනාධිපතිවරයාගේ තීරණ අත්හිටුවීමට හැකිය.
බොහෝ දෙනෙකුට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත...
ඉදිරි මහ මැතිවරණයේ දී තමාට තුනෙන් දෙකක බලයක් ලබාදෙන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔවුනගේ අනුගාමිකයන් ඉල්ලා සිටින්නේ දහනම වන සංශෝධනය අහෝසි කර යළිත් විධායක ජනාධිපතිවරයා කේන්ද්‍ර කරගනනිමින් ඒකාධිපති බලයක් ගොඩනගා ගැනීම සඳහාය. ඒ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ඔවුනගේ අනුගාමිකයෝ ප්‍රසිද්ධියේ පවසති. රටේ ප්‍රශ්න විසදීමට ඔවුහු තුනෙන් දෙකක් අවශ්‍ය බව කියති. එහි රහසක් නොමැත. එහෙත් පොහොට්ටුවේ ම ඇතැම් නායකයන් ගෝඨාභයට තුනෙන් දෙකක් ලබා දීමට සූදානම් නැත. සෞඛ්‍ය ඇමතිනි පවිත්‍ර වන්නිආරච්චි පසුගිය දා රත්නපුරයේ පැවති රැස්වීමකදී කියාසිටියේ පොහොට්ටුවට තුනෙන් දෙකක් අවශ්‍ය නැති බවත්, එය ලබා ගැනීමට ද නොහැකි බවයි. මහින්ද රාජපක්ෂ දහඅටවන ව්‍යවස්ථා සංශෝධනය මගින් බලය අත්පත් කරගනිමින් ඇමතිවරුන් වහලුන් බවට පත් කර ගත් ආකාරය පිළිබඳ පැහැදිලි මතකයක් පවිත්‍රාට තිබෙනවා නොඅනුමානය. එදා මහින්ද රාජපක්ෂ දහඅටවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන අවස්ථාවේ නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු ශ්‍රිලනිප නායකයන් සතුටින් සිටියේ අවශ්‍ය තුනෙන් දෙක ලබා ගැනීමට නොහැකිවේය යන තක්සේරුවෙනි. එහෙත් මනුෂ නානයක්කාර. පබා ඇතුළු එජාප මන්ත්‍රීවරුන් පිරිසක් රුපියල් මිලියන ගණනක් දී මිලදී ගෙන මහින්ද අවශ්‍ය තුනෙන් දෙක නිර්මාණය කර ගත්තේය.
කොවිඩ් 19 අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හැසිරෙන ආකාරය මගින් ඔහු සිය විධායක බලය අත්තනොමතික ආකාරයට භාවිතා කිරීමට සූදානම් වන ආකාරය පිළිබඳ දිශානතීන් පෙන්නුම් කර තිබේ. ඉදිරි මහමැතිවරණයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තුනේ දෙකක බලයක් ලබානොදී පාර්ලිමේන්තු, අධිකරණය ඇතුළු ස්වාධීන ආයතන ආරක්ෂා කරගත යුතුය. දෙවනුව විධායකයට විකල්ප බලයක් වශයෙන් පාර්ලිමේන්තුව ස්ථාපිත කළ යුතුය. එවිට විධායකයට පාර්ලිමේන්තුව රබර් මුද්‍රාවක් කර ගත නොහැකිය. මේ මොහොතේ අධිකරණය සිය ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සඳහා මාරාන්තික අරගලයක නිරත වෙයි. විශේෂයෙන් නීතිපතිවරයා අධිකරණ බලතල ගෝඨාභය රාජපක්ෂගේ සට්ටැඹි ජනාධිපති කොමිසමට යටකිරීමේ ක්‍රමන්ත්‍රණයට එරෙහිව තවමත් සටන් කරමින් සිටියි. ගෝඨාභය රාජපක්ෂගේ ඒකාධිපති වියරුව පරාජය කිරීම දිගුකාලීන බහුපෙරමුණු සටනකි. ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, මානව නිදහස, මාධ්‍ය නිදහස ඇතුළු සකලවිධ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බලවේග එක මිටකට ඒකරාශි විය යුතුය. මේ මොහොතේ මේ සටනින් පරාජය වුවහොත් බොහෝ දෙනෙකුට ජීවිත වලින් වන්දි ගෙවීමට සිදුවනු ඇත.
අනුභාවනන්ද
anubhawananda1@gmail.com
Comments
Post a Comment