විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචිය සඳහා නව වෙබ් අඩවියක්

Syndicated from lankanewsweb,


විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් ලියාපදිංචි කිරීම සඳහා වෙනම වෙබ් අඩවියක් හඳුන්වා දීමට විදේශ සබඳතා අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා. කොරෝනා වැනි වසංගත මෙන්ම හදිසි අවස්ථාවලදී කඩිනමින් තොරතුරු ලබා ගැනීමට මෙම වෙබ් අඩවියේ දත්ත උපයෝගී කරගැනීමට අපේක්ෂා කරන බවයි රජය සඳහන් කරන්නේ.
මෙම වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ සහයෝගයද හිමිවන බව විදේශ සබඳතා අමාත්‍යංශය ප්‍රකාශ කරනවා.
නව වෙබ් අඩවියේ ලිපිනය - www.contactsrilanka.mfa.gov.lk

Comments