Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.10, ප.ව.7.10) "හඬ පට පොලිසියට අල්ලා දීම රන්ජන්ගේම කුමන්ත්‍රණයක්දැයි සැක..!" යැයි ලංකා ඊ නිව්ස් පසුගිය ජනවාරි 8 දා පළ කළ පුවත සනාථ කෙරෙන සේයාරූ කිහිපයක් එළිදැක්වී තිබේ.
ඒ පසුගියදා රන්ජන්ගේ හඬ පට එළි දැක්වූ ප්‍රධාන නාලිකාවක් වූ දෙරණ මාධ්‍ය ජාලයේ අධිපති සහ ජනාධිපති නන්දසේනගේ අභ්‍යන්තර කවයේ ප්‍රධානියෙකු ද වන දිලිත් ජයවීර සමග රන්ජන් රාමනායක සහ ආචාර්ය හර්ෂ ද සිල්වා බියර් බොමින් සාදයකට එක්වූ අවස්ථාවක සේයාරූ ය.
මෙහි දැක්වෙන ඒ සේයාරූ වල සිටින අනෙක් අය වන්නේ දිලිත් ජයවීරගේ ව්‍යාපාර සහායිකාවක මෙන්ම අමාත්‍ය සරත් අමුණුගමගේ දියණියක වන වරුණි අමුණුගම සහ ඇයගේ සැමියා වන රොෂාන් ප්‍රනාන්දු ය. (රවුමේ සිටින අය) රොෂාන් ප්‍රනාන්දු යනු වත්මන් ටෙලිකොම් සභාපති වරයා ය. මේ සියළුම දෙනා ජනාධිපති ගෝඨාභයගේ ලඟම හිතවත්තු වෙති.
ඔවුන් අද මේ කරන ක්‍රියා වලින් පැහැදිලි වන්නේ එදා ලංකා ඊ නිව්ස් සැක පහල කළා සේ නියත වශයෙන්ම රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා කළ හඬපට සෙල්ලම දිලිත් ජයවීරලා සමග එක්ව කළ නාඩගමක් බවයි.
සබැඳි පුවත්
මෝඩ තකතීරු රන්ජන් නිසා රැසක් විපතට; හඬ පට පොලිසියට අල්ලා දීම රන්ජන්ගේම කුමන්ත්‍රණයක්දැයි සැක..!
මෝඩ තකතීරු රන්ජන් නිසා රැසක් විපතට; හඬ පට පොලිසියට අල්ලා දීම රන්ජන්ගේම කුමන්ත්‍රණයක්දැයි සැක..!
---------------------------
by (2020-03-10 13:53:24)
by (2020-03-10 13:53:24)
Comments
Post a Comment