Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.13, ප.ව.5.15) අපි කුඩා කාලයේ අපේ අම්මලා තාත්තලා විතරක් නොව ගුරුවරු පවා කිව්වේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බවයි. පරම්පරා දෙකකට පසු අපි තවමත් තියන්නේ ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටකි කියාය.
එහෙම බලන විට අපිට අහන්නට සිදු වන්නේ මේ රට සංවර්ධනය වන්නේම නැද්ද? කියායි. 2010 -2014 කාලයේ අජිත් නිවාඩ් කබ්රාල් නැමැත්තා හැමදාම උදේට ඔහු හිතුවේ මේ රට මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් ලෙසයි. ඒ නිසාම කාර්යාලයට ගිය වහාම ප්රවෘත්ති සාකච්ඡා පවත්වමින් ඔහු පවසන ලද්දේ අපේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 4000 ක් දක්වා වර්ධනය වි ඇති බවත්, එම නිසා අපි මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටක් ලෙස ලෝක ආර්ථිකය තුල කැපී පෙනෙන බවයි.
ඔහුගේ මෙම බහුබුත ප්‍රකාශ හේතුවෙන් අවසානයේ සිදුවුයේ කිසිදු ජාත්‍යන්තර සංවර්ධන අරමුදලක් විසින් ලබා දෙන ආධාර පවා කපා හැරීමයි. මන්ද යත්, මධ්‍යම මට්ටමේ ආදායම් ලබන රටවල්වලට ජාත්‍යන්තර ආධාර අවශ්‍ය නැති නිසාය.
එහෙත් රට අභ්‍යන්තරයේ තත්ත්වය එසේ නොවේ. රටේ මිනිස්සුන්ගෙන් සියයට 60කට වඩා හිඟා නොකා හිඟා කන තත්ත්වයෙන් පසුවේ. කබ්රාල්ලාගේ ජීවන තත්ත්වය ඉහළ යාම පාරේ ලොතරැයි විකුණමින් කුසගින්නේ පසුවන ලොතරැයි වෙළෙන්දාගේ ජීවන තත්ත්වය සමාන නැත. එමෙන්ම අරලිය ගහ මන්දිරයට කිරිබත් ඇදීමේ කොන්ත්‍රාත්තුව බාර ගෙන රුපියල් 46 බැගින් කිරිබත් කෑල්ල අලෙවි කළ මාධ්‍ය උපදේශකයාගේ ජීවන තත්ත්වය හා සමාන නොවේ.
නමුත් අපිට සතුටු වෙන්නට කාරණයක් තිබේ...
2019 Asian World News Magazine පළ කරන පරිදි ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලකයින් 10 දෙනා ප්‍රකාශයට පත් කිරීම මත අපි කෙතරම් ධනවත් ජාතියක් දැයි අපිට උදම් ඇනිය හැකිය. අනුන්ගේ සැපතට ඉර්ෂයා නොකරන ජාතියක් වශයෙන් එම උත්තමයින් දෙස බලා අපිට හූල්ලමින් සිටිය හැකිය.
උදේ ට මීපැණි සහ ධාන්‍ය මෙන්ම පලතුරු ආහාරයට ගනිමින්, දවල්ට රුහුණේ මීකිරි හා කිතුල් පැනිවලින් සප්පායම් වී පැයක් දෙකක් නිදා ගනිමින්, හවසට කළු කෝපි බී ව්‍යායාම් කර රෑට ඉස්තරම්ම වයින් බොමින් සුළු ආහාරයක් කෑමට ගෙන රන්වන් පැහැ ගතින් යුක්තව සිටින ඒ් දේශපාලකයින් පෝෂණය කරන අපි කෙතරම් නිර්ලෝභී පිරිසක්දැයි ඔබට සිතා ගත හැකිය.
එම ධනවතුන් සමීපයේ සිටින සංඝයාවහන්සේලා අපිට කර්මය හා කර්ම ඵලය ගැන දෙසන දේශනා අසමින් අපි සාදුකාර පවත්වමු.
දවල් තිස්සේ හාල් කිලෝවක් ගන්නට දහඩිය මුගුරු වගුරුවමින් දුක් විඳින මිනිසුන් සිටින රටක මෙම ගන්ධබ්බයින් කෝටිපතියන් වුයේ කෙසේද? යන්න කිසිවෙක් නොදනිති.
අපේම ඡන්දයෙන් බලයට පැමිණ ලංකාවේ හොඳම ධනවතුන් අතරට මේ දේශපාලකයින් පැමිණීම හරහා කියැවෙන කථාන්තරය වන්නේ අප රටේ ජනතාව සතු දේශපාලනික ගැති හා උම්මත්තකභාවයයි.
මම ඔබේ දැන ගැනීම පිනිස 2019 Asian World News Magazine පළ කරන ලද දේශපාලකයින් ගේ නම් ලැයිස්තුව මෙහි ඇතුළත් කරමි.
10. ඒ. එල්. එම් අතාවුල්ලා - වත්කම ඇමරිකන් ඩොලර් 8,10,000 යි
09. රනිල් වික්‍රමසිංහ - වත්කම - ඇමරිකන් ඩොලර් 8,30,000 යි
08. ඒ. එච්. එම්. ෆවුසි- වත්කම ඩොලර් මිලියන 1.1 යි
07. අනුර දිසානායක - වත්කම ඩොලර් මිලියන 1.3 යි
06. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - වත්කම - ඩොලර් මිලියන 1.4 යි
05. කරුණා අම්මාන් - වත්කම ඩොලර් මිලියන 1.7 යි.
04. තොණ්ඩමන් - වත්කම ඩොලර් මිලියන 1.9 යි.
03. මෛත්‍රිපාල සිරිසේන - වත්කම - ඩොලර් මිලියන 14 යි
02. අර්ජුන රණතුංග - වත්කම ඩොලර් මිලියන 68 යි.
09. රනිල් වික්‍රමසිංහ - වත්කම - ඇමරිකන් ඩොලර් 8,30,000 යි
08. ඒ. එච්. එම්. ෆවුසි- වත්කම ඩොලර් මිලියන 1.1 යි
07. අනුර දිසානායක - වත්කම ඩොලර් මිලියන 1.3 යි
06. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග - වත්කම - ඩොලර් මිලියන 1.4 යි
05. කරුණා අම්මාන් - වත්කම ඩොලර් මිලියන 1.7 යි.
04. තොණ්ඩමන් - වත්කම ඩොලර් මිලියන 1.9 යි.
03. මෛත්‍රිපාල සිරිසේන - වත්කම - ඩොලර් මිලියන 14 යි
02. අර්ජුන රණතුංග - වත්කම ඩොලර් මිලියන 68 යි.
01 මම නම සඳහන් නොකරමි. ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 18 යි. හැකිනම් ඔහු කවුදැයි සඳහන් කරන මෙන් මම ඔබගෙන් ඉල්ලමි.
ගූ හිඟන්නන්..
මේ අතරින් සමහරු පාරම්පරිකව ධනවත් අය වේ. එහෙත් සමහරු ගමේ භාෂාවෙන් කියනවා නම් “හිඟා කන්ඩවත් තුට්ටුව නැති ගූ හිඟන්නන් වේ” . ගූ හිඟන්නන් යැයි ගම්මු කියන්නේ “ගූ බෙට්ටත් පුස්සලා කන එවුන්ටය”. එහෙම හිටපු එවුන් අද ඩොලර්වලින් මිලියන හා බිලියනපතියන් වී සිටින්නේ මේ රටේ මෝඩ මිනිසුන් නිසාය.
ඔවුන් වරක් දෙවරක් නොව කිහිප වරක් ඔබ රවටා ඇති බව නොපෙනේද? මෙවර මහමැතිවරණයේ දීත් මොවුන් ඔබව රවටන්නේ නැත්ද? නැවත වරක් ඔබ මොවුන්ට රැවටෙනවාද? ඔබම සිතා බැලිය යුතුය.
ලංකාවේ අංක එකේ දේශපාලන ධනපතියාගේ වත්කම රුපියල්වලින් නම් කීයක්ද? රුපියල් බිලියන 3276 කි. රුපියල් කෝටිවලින් නම් කීයක්ද? ඔහු අතීතයේ ගත කළ ජීවිතය හා සසඳන විට ඔහු කෙතරම් නම් මහජන මුදල් සොරකම් කර ඇත්ද?
ඔබ හා නුපන් ඔබේ දරුවන් පවා ණයකරුවන් කළ මේ දේශපාලකයින් පසුපස ඔබ තවමත් ගමන් කළ යුතුද? එය ඔබම තීරණය කළ යුතුය.
Comments
Post a Comment