Syndicated from lankaenews,
ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.16, ප.ව.8.10) යුද හමුදාවේ නිලධාරීන් දෙදෙනෙකු සෙබළු හය දෙනෙකු ඇතුළු 8 දෙනෙකුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි යුද හමුදා ආරංචි මාර්ග පවසයි.
මේ පිරිස කන්දකාඩු නිරෝධායන කඳවුරේ සහ කටුනායක ගුවන් තොටුපොලේ සේවයේ නියුතු වූවෝ වෙති.
මේ පිළිබඳ සත්‍ය යුද හමුදාව සහ ආණ්ඩුව මහජනතාවගෙන් වසන් කරමින් සිටිති.
බොහෝ රටවල් කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට යුද හමුදා කැඳවා නැත. ඔ්ස්ට්‍රේලියානු රජය කියා සිටියේ හමුදාව කැඳවිය යුතු වන්නේ තත්ත්වය බරපතල වන්නේ නම් පමණක් බවයි.
ලංකාවේ රෝගීන් සමග කටයුතු කිරීම සම්බන්ධයෙන් පුහුණුව ලත් ස්වේච්ඡා සේවකයන් රාශියක් රතු කුරුස සංගමයේ, සෞඛ්‍යදාන ව්‍යාපාරයේ, ශාන්ත ජෝන් ගිලන් සේවයේ ආදී ස්වේච්ඡා සංවිධාන වල සිටිති. ඒ අය යොදා ගැනීම පසෙක ලා වැඩ (අල) කරන විරුවා ප්‍රථමයෙන්ම හමුදාව යොදා ගත්තේ ය.
Comments
Post a Comment