Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.මාර්තු.23, ප.ව.11.30) COVID-19 පැතිරී යන මෙවැනි වාතාවරණයක පුවත්පත් මුද්‍රණය කර බෙදා හැරීම දැඩි අවදානම් සහගත බව වෛද්‍යවරු පවසති. පුවත්පත් මුද්‍රණයේ දී සහ බෙදා හැරීමේදී විශාල පිරිසකගේ අත ගැවසෙන අතර ඒ අවස්ථා කිසිවක් සෞඛ්යාරක්ෂිත නොවේ. පුවත් පතක් මිලදී ගැනීම යනු කොරෝනා ගෙදරටම ගෙන්වා ගන්නා ක්‍රමයක් විය හැකි බවට ඇතැම් වෛද්‍යවරු අනතුරු අඟවති. එමෙන්ම එය ජනමාධ්‍යවේදීන්ගේ සහ පුවත්පත් ආයතනවල සේවකයන්ගේ ජීවිතය ද අවධානමකට ලක් කිරීමක් බව ඔවුහු පවසති.
දිලිත් ජයවීර නම් පණික්කලයා
එසේ තිබියදී අලුතින් පුවත් පතක් ආරම්භ කළ දිලිත් ජයවීර නම් පණික්කලයා තමන්ගේ පුවත් පත මුද්‍රණය කරන්නේ විෂබීජ නාශක තීන්ත වලින් යැයි කියා අමු කෙප්පයක් සමාජගත කරමින් පත්තරය විකුණා ගැනීමට වළිකයි. ලංකාදීප ඇතුළු පුවත්පත් කිහිපයක් තම සේවකවන්ට හෙට(24) රාජකාරියට එන ලෙස දැනුම් දී තිබේ. මෙය සේවක ජීවිත ද අනතුරට හෙළීමකි.
බොහෝ පත්තර ආයතන වල අන්තර්ජාල ඊ පේපරයක් ඇතත් ඒවා කියැවීමට මුදල් අය කරති. (ලංකාදීපය නම් හෙට සිට තම ඊ පේපරය නොමිලේ කියැවීමට සලස්වා ඇත.)
තත්ත්වය මෙසේ තිබියදී බඩගෝස්තරවාදී ලාංකීය විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන් වෙත මාධ්‍ය සංවිධාන 6 ක් ඒකාබද්ධ ලියැවිල්ලක් නිකුත් කර තිබේ. එය සම්පූර්ණයෙන් මෙසේය.
කොවිඩ්-19 ගෝලීය වසංගතයට එරෙහිව ජනමාධ්‍ය වගවීම පිළිබඳව විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය හිමිකරුවන්, ප්‍රධානීන් වෙත.
කොවිඩ්-19 වෛරසය වසංගතයක් ලෙස ගෝලීයව ව්‍යාප්ත වන මේ මොහොතේ ශ්‍රී ලංකාවට ද එහි බලපෑම දැඩිව දැනෙමින් තිබේ. එවැනි පසුබිමකදී නිරවද්‍ය හා විශ්වාසදායක ප්රවෘත්ති හා තොරතුරු බෙදාහරිමින් ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය ආරක්ෂා කරමින් සියලුම ජනමාධ්‍ය ඉටුකරනු ලබන්නේ අතිශය භාරදූර හා ප්‍රශංසනීය මෙහෙවරකි. අවදානම පහව යනතුරු සමස්ත කාලය පුරාම ජනමාධ්‍ය සතු එම යුතුකම හා වගකීම මැනවින් ඉටුකරමින් මේ ව්‍යසනයට එරෙහිව කටයුතු කිරීම ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස අපගේ අපේක්ෂාවයි. ඒ අතර ම, විශේෂයෙන් පුවත්පත් කර්මාන්තය ඇතුළු මාධ්‍ය කර්මාන්තය සහ එහි පැවැත්ම ආරක්ෂා කරගැනීමද අතිශයින් වැදගත් බව අපි අවධාරණය කර සිටිමු.
ඒ උදෙසා මේ ව්‍යසනකාරී අවස්ථාවේ දැඩිලෙස සැළකිලිමත් විය යුතු සහ ක්‍රියාත්මක කළ යුතු කරුණු කිහිපයක් මෙලෙස ඔබේ අවධානයට යොමු කිරීමට අප සංවිධාන අපේක්ෂා කරනු ලබයි.
ශ්‍රී ලංකා රජයද, නිවසේ සිට වැඩකිරීමේ කාලයක් ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක අත්‍යවශ්‍ය සීමිත සේවක පිරිසක් සහ මාධ්‍ය කාර්ය මණ්ඩලයක් පමණක් ආයතන වෙත කැඳවා සෙසු පිරිසට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ නිවසේ සිට වැඩකිරීමට අවස්ථාව සළසා දීමෙන් ඔවුන් ව්‍යසනයට ගොදුරු වීමේ අවස්ථා සහ රෝගය තවදුරටත් පැතිර යාමේ අවස්ථා හැකිතාක් අවම කළ හැකි වේ.
පුවත් බෙදා හැරීමක් සිදුවන්නේ නම් ජනතාව අතර විෂබීජ සංසරනයවීම වැළැක්වීම සදහා අදාල අංශවල උපදෙස් පැතීම වැදගත්වන අතර විද්‍යුත් මාධ්‍ය උපකරන භාවිතයේදී ද අදාල ප්‍රමීතීන්ට අනුව ආවරන කටයුතු සිදුකරන්නට උපදෙස් දීම ද වැදගත්වේ.
මෙම සියලු කාර්ය මණ්ඩල ආයතන වෙත සහ පෙරළා නිවෙස් වෙත ප්‍රවාහනය කිරීමට යොදාගන්නා වාහන සම්පූර්ණයෙන් විෂබීජහරණය කළ බවට තහවුරු කිරීමද නිතිපතා නියමිත පරිදි එය සිදුකිරීමද වැදගත් වන අතර ආයතනයේ ඇති සියලු යන්ත්‍ර සූත්‍ර නිතිපතා පිරිසිදු කිරීමද, කාර්ය මණ්ඩල වෙත පිරිසිදුවීම සහ ආරක්ෂාවීම සඳහා පහසුකම් සැපයීම අනිවාර්ය කිරීම ඇතිවිය හැකි ගැටලු අවම කරයි.
මුවවැසුම මද වේලාවකින් ගෙලට ඇද දමමින්
රෝගය මර්ධනය කිරීමේ ක්‍රියාන්විතය සඳහා පත්කර ඇති ජාතික යාන්ත්‍රණය දිනපතා ප්රවෘත්ති සාකච්ඡා පවත්වනු ලැබේ. ඒවාට සහභාගී වීම සහ ඉදිරිපත් කෙරෙන තොරතුරු ජනමාධ්‍ය මගින් බෙදාහැරීම රට සහ ජනතාව වෙනුවෙන් කළ යුතු ප්රමුඛ යුතුකමකි. එහෙත්, එවැනි ප්රවෘත්ති හමුවලට සහභාගී වන ආයතනික හා ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැපයීම දැඩි වගකීමක් හා යුතුකමක් වේ.
විශේෂයෙන් රූපවාහීනී මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීහු මයික්‍රෆෝන භාවිතා කරමින්, ජනතාවට හා නිලධාරීන් ඇතුළු පාර්ශවවලට සමීපව තොරතුරු විමසන අන්දම සහ ඇතැම් විට මුව වැසුම් භාවිතා නොකරන බව මෙන්ම මුවවැසුම මද වේලාවකින් ගෙලට ඇද දමමින් තොරතුරු විමසන ආකාරයද නාලිකා කිහිපයකම ප්රවෘත්ති විකාශ අතරතුර දකින්නට ලැබුණි. සියලු දෙනා අවධානමට පත්විය හැකි බැවින් ඒ සම්බන්ධව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමද, පුද්ගලයාගෙන් පුද්ගලයාට තමන්ගේ මයික්‍රෆෝනය පිරිසිදු කරමින් භාවිතා කරන ලෙස උපදෙස් දීමද මෙහිලා වැදගත් වේ.
කොවිඩ් - 19 වෛරසයේ ජීවකාලය පැය හෝ දින ගණනක් වියහැකි බැවින් ඒවා විවිධ ද්‍රව්‍යවල තැවරී සංසරණය විය හැකි බව වෛද්‍ය විශේෂඥයින්ගේ සහ වෛරසවේදීන්ගේ මතයයි. ඒ අනුව, දිවයින පුරා බෙදාහැරෙන පුවත්පත් වෛරසය වහනය කෙරෙන මාධ්‍යයක් බවට පත්නොවීමට දැඩිලෙස වගබලා ගැනීම ජනතාවගේ ආරක්ෂාවට මෙන්ම මාධ්‍ය කර්මාන්තයේ විශ්වාසනීය පැවැත්මට ද වැදගත් වන බව අපගේ අපේක්ෂාවයි. ඔබ ආයතනවල වෙබ් අඩවි සහ සෙසු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ජනතාව තුළ පුවත්පත් කෙරෙහි ඇති විශ්වාසය තහවුරු කිරීම මෙන්ම බෙදාහැරීම් ක්‍රියාවලියේදී අවශ්‍ය වගවීම කෙරෙහි සැළකිලිමත්වීම ද ඒ වෙනුවෙන් ගන්නා ඥානාන්විත පියවර වේ.
මෙම තීරණාත්මක අවස්ථාවේ ඔබ සහය ලබාදිය යුතු උක්ත කරුණුවලට අදාලව ගන්නා පියවර සමස්ත ජාතියේ ආරක්ෂාව සඳහා මෙන්ම පාර්ශවකරුවන් ලෙස ඔබ හා අප කැපවී ආරක්ෂා කිරීමට වගබලා ගත යුතු මාධ්‍ය කර්මාන්තයේ උන්නතියටද වැදගත් වන බව කාරුණිකව පෙන්වා දෙනු කැමැත්තෙමු. එබැවින් අප සංවිධාන විසින් ඉදිරිපත් කරනු ලබන කරැණු පිළිබදව දැඩි ලෙස සැළකිලිමත් වන්නේ නම් ශ්‍රී ලංකාවේ මාධ්‍ය සංවිධාන එකමුතුව ලෙස එය බෙහෙවින් අගය කරනු ලබයි.
සී.දොඩාවත්ත
කැඳවුම්කරු
කැඳවුම්කරු
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය
ධර්මසිරි ලංකාපේලි
ප්‍රධාන ලේකම්
ප්‍රධාන ලේකම්
මාධ්‍ය සේවක වෘත්තීය සමිති සම්මේලනය
දුමින්ද සම්පත්
සභාපති
සභාපති
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය
එන්.එම්. අමීන්,
සභාපති,
සභාපති,
ශ්‍රී ලංකා මුස්ලිම් මාධ්‍ය සංසදය
කනපතිපිල්ලේ සර්වානන්ද
ලේකම්
ලේකම්
දමිළ මාධ්‍ය එකතුව
ආදිල් අලි සබ්රි
සභාපති
සභාපති
Comments
Post a Comment