Syndicated from lankanewsweb,
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් ලොවපුරා පුද්ගලයන් 1,800,000 කට වැඩි ප්‍රමාණයක් මිය යා හැකි බවට ලන්ඩන් රාජකීය විද්‍යායතනයේ විද්‍යාඥයන් පිරිසක් අනාවරණය කරනවා. බොහෝ රටවල් වෛරසය මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගනිමින් සිටින තත්වයකදී වුවද මෙම ප්‍රමාණය ඉක්මවා යා හැකි බවයි එම විද්‍යාඥයන් පිරිස පෙන්වා දෙන්නේ.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත සහ වෙනත් සමාජ සාධක සැලකිල්ලට ගනිමින් අදාල විද්‍යාඥයන් පිරිස මෙම මතය ඉදිරිපත් කර තිබෙනවා.
අවශ්‍ය උපරිම පියවර නොගතහොත් ලොවපුරා අතිශය බහුතරයකට මෙම වෛරසය වැළඳිය හැකි බවත් එසේ වුවහොත් මිලියන 40 කට වැඩි ප්‍රමාණයක් මිය යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙනවා.
මේ වනවිට ලොවපුරා පුද්ගලයන් 532,263 කට වෛරසය ආසාදනය වී ඇති අතර මියගිය ප්‍රමාණය 24,090 ක් පමණ වේ.
Comments
Post a Comment