සියයට 10 ඉක්මවා මරණ බලාපොරොත්තු විය හැකියි - උපදෙස් අනුව නිවසටම වී සිටින්න (VIDEO)

Syndicated from lankanewsweb,


දැනට ලොව පවතින ඇස්තමේන්තු අනුව කොරෝනා වෛරසය හේතුවෙන් ඇතැම් වයස් කාණ්ඩවල සියයට 10 ඉක්මවා මරණ වාර්තා විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේය.
සමරවීර මහතා මේ බව සඳහන් කළේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තියේ නවතම තත්ත්වය සම්බන්ධයෙන් අද (30) අදහස් දක්වමිනි. 
ඒ අනුව මෙම රෝගය බරපතල ලෙස සලකා රජය විසින් ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි ඔහු ජනාතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මෙහිදී දුරස්ථභාවය තබා ගැනීම වැදගත් වන හෙයින් ඇඳිරි නීතිය පනවා එම අවශ්‍ය කටයුතු සිදුකර තිබෙන අතර ඇතැම් ස්ථානවල ඊට අවනත නොවීම නිසා අකමැත්තෙන් වුවද එම ප්‍රදේශ අනෙක් ප්‍රදේශවලින් වෙන්කර තබා ගැනීමට සිදුව ඇති බවයි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ.
මේ අතර ජපානය නිෂ්පාදනය කර තිබෙන ඖෂධය සම්බන්ධයෙන් රට තුළ සිටින විශේෂඥ කණ්ඩායම අධ්‍යයනය කර එය සුදුසුද නැද්ද යන්න තීරණය කරනු ඇති බවද හෙතෙම වැඩිදුරටත් කියාසිටියේය. 
ASK 

Comments