Syndicated from lankanewsweb
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ සෙසු බලවේගද එකතු කරගනිමින් සමඟි ජාතික බලවේගයක් ලෙස රට තුළ දැවැන්ත පරිවර්තනයක් ඇති කිරීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
ඔහු මේ බව සඳහන් කළේ අද (25) පාර්ලිමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවේදීය.
මෙම අවස්ථාවට පාඨලී චම්පික රණවක සහ රංජිත් මද්දුම බණ්ඩාර යන හිටපු අමාත්‍යවරුන්ද සහභාගී විය.
ජනතා සහන කප්පදුවත් සමඟ මේ වන විට ජනතාව දැවැන්ත කළකිරීමකට පත්ව සිටින බවයි ප්‍රේමදාස මහතා පැවසුවේ.
ගොවි ජනතාවට නොමිලයේ පොහොර දෙන බව ප්‍රකාශ කළ වත්මන් ආණ්ඩුව මුදලට හෝ පොහොර දී ගත නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව හෙතෙම කියා සිටියේය.
Comments
Post a Comment