Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2019.ජූලි.24, ප.ව.11.30) ‘කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් වැක්කෙරෙනවා’ යැයි ගමේ භාෂාවේ කියමනක් තිබේ. වත්මන් ආණ්ඩුව ද ගත වූ මාස දෙකක කාලය තුළ සංවර්ධනය යැයි මහජනතාව ඉදිරියේ රඟ දක්වන්නේ අහවල් එකක් දැයි ඔවුන්ම දන්නේ නැත. හේතුව නම් එක්සත් ජාතික පක්ෂය පරාජය කර ආණ්ඩුවක් පිහිටුවා ගත් නමුත් පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව 2020 වර්ෂය සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කළේ නැත.
එමෙන්ම මේ ආණ්ඩුව ද විසුරුවා හැරීමට ඔන්න මෙන්න කියා තිබිය දී මහජනතාවට කොළේ වසා පරිපූරක ඇස්මේන්තුවක් ඉදිරිපත් කළ ද පාර්ලිමේන්තුවේ බහුතරය පවතින්නේ විපක්ෂයට බැවින් ඉල්ලං කෑමට ඔන්න මෙන්න තිබිය දී එම යෝජනාව ඉවත් කර ගත්තේ ඇඳිවත ද අහිමි කර ගනිමිනි.
රට දැන් අලියා ගිල්ල දිවුලයකි..
අපේ ආණ්ඩුව යටතේ යටතේ ‘ඕං අපි සංවර්ධනය පටන් ගත්තා’ යැයි කියන්නට රාජපක්ෂලා උත්සාහ කළ ද , ඔවුන් කියන පරිදි සංවර්ධනයක් රට තුළ නැත. සැබවින්ම රට දැන් අලියා ගිල්ල දිවුලයක් පරිදිය. දිවුල් ගෙඩියේ පිටකට්ට ඔපමට්ටම්ව දිළිසි දිළිසී තිබුනද, ඇතුළේ මදය නැත.
ශ්‍රී ලංකාව නැමැති දිවුල් ගෙඩියේ මදයට සිදු වු දේ දන්නේ රාජපක්ෂලාම පමණි. තාත්තලා, පුතාලා, මාමලා, බෑණලා , මුනුපුරාලා ඔක්කොම හවුළේ ගහපු ගැහිල්ල මේ වනවිට එකින් එක එළියට එමින් පවතී. එයාර් බස් ගණුදෙනුව, බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව මෙන්ම මිග් යානා ගනුදෙනුවේ උදයංග වීරතුංග අත් අඩංගුවට ගැනීම තුළින් ගැළවෙන්නේ රාජපක්ෂලාගේ රෙදි බව දන්නෝ දනිති.
ඒ අහු අස්සේ රාජපක්ෂලාට ඊයේ කඩිමුඩියේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වූ කොටස විවෘත කළේය. ඒ සඳහා මහරාළ මෙන්ම ඔහුගේ පවුළේ සියලු දෙනාම ඊට සහභාගි වූයේ හරියට තමන්ගේ පවුළේ බූදලය වැය කරමින් එම අධිවේගී මාර්ගය විවෘත කළ පරිද්දෙනි.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කතාව..
දක්ෂිණ අධිවේගී මාර්ගය යනු බැලූ බැල්මට ඉතාම සුන්දර නිර්මාණයකි. එහෙත් එහි පවතින්නේ කඳුළු කතාවකි. ඒ ගැන කතා කිරීමට මම කටයුතු නොකරමි.
එහෙත් අධිවේගී මාර්ගයේ මාතර හා හම්බන්තොට දක්වා වූ කොටස ඉදි කරන ලද්දේ වර්තමාන රජයෙන් යැයි සිතෙන තරමට පසුගිය දින තුන තුළ මාධ්‍ය හසුරවනු ලැබීම තුළ ඉන් දේශපාලන වාසි උපරිමයෙන් ලබා ගැනීමට කටයුතු කළ බවක් පෙනිනි.
සැබවින්ම 2015 දී බලයට පත් වූ යහපාලන ආණ්ඩුව විසින් හම්බන්තොට ක්‍රියාත්මක කිරීමට සැළසුම් කළ ව්‍යාපෘති පහක් අත් හිටුවීමට තීරණය කළේය. එයට හේතුව නම් මුළු රටම උගස් කර, රටේ අවම ආර්ථිකමය වැදගත්කමක් සහිත නගරයකට මුලු රටේම ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් පොම්ප කිරීම කිසිසේත්ම ප්‍රයෝජන සහගත නොවන බව එම රජය වටහා ගත් නිසාය. ඒ යටතේ මාතර - හම්බන්තොට දක්වා අධිවේගී මාර්ගය, කතරගම දක්වා දිවෙන දුම්රිය පාර, මත්තල ගුවන් තොටුපොළ දෙවන අදියර, හම්බන්තොට වරාය ආශ්රිත සංවර්ධන කටයුතු යනාදී සංවර්ධන ව්‍යාපෘති පහක් අත් හිටුවීමට කටයුතු කළේය.
නමුත් ඒ වනවිටත් මෙම සංවර්ධන කටයුතු සඳහා මුදල් වෙන් කර ඉඩම් පවරා ගැනීම් කටයුතු මෙන්ම අධ්‍යයන වාර්තා සියල්ල අවසන් කර තිබු හෙයින් මෙම ව්‍යාපෘති නවත්වා දැමීම තුළින් විශාල හානියක් රටට සිදුවෙන බව එම යහපාලන ආණ්ඩුව නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු පෙන්වා දුන්නේය.
එමනිසා විශේෂයෙන් අධිවේගී මාර්ගයේ මුල් සැලැස්ම යටතේ තිබුනේ ඇතැම් ස්ථානවල දී වනාන්තරය විනාශ කරමින් හා පරිසරයට මෙන්ම වගා භූමිවලට හානි වන අයුරින් බළහත්කාරය යොදා එම ව්‍යාපෘති ඉදි කිරීමය.
එමනිසා විශේෂයෙන් අධිවේගී මාර්ගයේ මුල් සැලැස්ම යටතේ තිබුනේ ඇතැම් ස්ථානවල දී වනාන්තරය විනාශ කරමින් හා පරිසරයට මෙන්ම වගා භූමිවලට හානි වන අයුරින් බළහත්කාරය යොදා එම ව්‍යාපෘති ඉදි කිරීමය.
නමුත් එම තත්ත්වය මගහරවා ගනිමින් වනයට මෙන්ම වන සතුන්ට හා පරිසරයට සිදුවන හානි අවම කරමින් අධිවේගී මාර්ගයෙන් දිගු කොටසක් කුළුණු මතින් ගමන් කිරීමට සළස්සමින් ඉදි කිරීමට යහපාලන රජය තීරණය කළේය.
මම දන්නා හැටියට මේ සඳහා උපරිම දායකත්වය දැරුවේ මහින්ද අමරවීර ය. මහජනතාවගෙන් පවරා ගන්නා ලද ඉඩම් කුණු කොල්ලයට ගසා කෑමට කළ සැළසුම ව්‍යවර්ථ කරමින් ඒ සඳහා ඉහළ වටිනාකමක් වන්දි වශයෙන් ලබා දීමට ද ඔහු කටයුතු කළේය. කොටින්ම අද විවෘත කෙරුණු අධිවේගී මාර්ගය ඉදි කිරීමේ දී ඉතාම ඉහළ වැඩ කොටසක් සිදු කරන ලද්දේ යහපාලන රජය විසින් බව එම ආණ්ඩුවට මගේ පෞද්ගලික කැමැත්තක් නැතත් ප්‍රකාශ කළ යුතුය.
රාජපක්ෂලා මාස දෙකට කළ බක්කක් නැත..
එහෙත් රාජපක්ෂලා මෙම අධිවේගී මාර්ගය විවෘත කරමින් පිළිබිඹු කළේ තනිකරම ගත වූ මාස දෙක තුළ මෙම කොටස ඉදි කළ බව පෙන්වා දීම සඳහාය.
ඒ සඳහා හිරු හා දෙරණ නාළිකා කැසකවන ලද ආකාරය මනාව පෙනිනි. නමුත් සිරස විසින් අදාල ප්‍රවෘත්තිය සාතිශය අතිශයෝක්තියෙන් බැහැරව යමින් සිද්ධියක් පමණක් වන බව තහවුරු කරමින් විකාශ කළේ ඊට ප්රමුඛත්වයක් ලබා නොදෙමිනි.
ඔවුන්ගේ ප්රමුඛ ප්‍රවෘත්තිය වූයේ එයාර් බස් ගනුදෙනුවයි. ප්‍රධාන ප්රවෘත්ති පහකට හෝ හයකට පසුව අධිවේගී මාර්ගය විවෘත කිරීම විකාශ කරන ලද්දේ එහි කිසිදු වැදගත්කමක් සැබවින්ම නොතිබූ නිසාය.
ඊට හේතුවක් තිබිනි. සැබවින්ම මෙම කොටස ඉදි කිරීමට රාජපක්ෂලා කළ මහ බක්කක් නැත. යහපාලන ආණ්ඩුව විසින් ඉදි කළ කොටස විවෘත කරමින් එහි ප්රචාරක වාසිය ගැනීම පමණක් රාජපක්ෂලා විසින් සිදු කරන ලදී.
කඳුළු කුළුන..
යහපාලන ආණ්ඩුවේ අවසාන සමයේ නෙලුම් කුළුන විවෘත කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ මහරාළ විසින් මාධ්‍යය සාකච්ඡාවක් පවත්වා ප්‍රකාශ කළේ තමන් විසින් සිදු කළ සංවර්ධන කටයුතුවලට යහාපලන ආණ්ඩුව ක්‍රෙඩිට් දමා ගන්නා බවයි. එහෙත් නෙලුම් කුළුන විවෘත කළේ එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාය. ඔහු නෙළුම් කුළුණෙන් රාජපක්ෂලා කෝටි 1200ක් ගසා කෑ බව කියමින් නෙලුම් කුළුන යනු කඳුළු කුළුනක් බවට පත් කළේ නෙලුම් කුළුන දුටු හැම කෙනෙකුටම එහි ඇති ණය කන්දරාව හා ගසා කන ලද මුදල් සම්භාරය සිහිපත් කරමිනි.
නමුත් එදා ඒ සම්බන්ධව මාධ්‍ය ඉදිරියේ විලාප තැබූ මහින්දලා මෙන් මෙදා අධිවේගී මාර්ගය විවෘත කරන විට යහපාලන රජයේ කිසිවෙක් අනේ අපි කරපු ඒවා එයා විවෘත කරනවා යැයි නාහෙන් අඬන්නට ගියේ නැත.
දිගු කලක් දේශපාලනය කළත් මිනිහෙකුට වතුර උගුරක් හෝ නොදුන් දේසපාලුවා..
මේ අන්දමින්ම දැනට සති කිහිපයකට පෙර බදුල්ලේ ජලසම්පාදන ව්‍යාපෘතියක් ද මහරාළ විසින් විවෘත කළේය. අපේ රටේ දීර්ඝ කාලයක් දේශපාලනය කළත් මෙතෙක් මහජනතාවට වතුර උගුරක්වත් දී නැති දේශපාලඥයෙක් වේ නම් ඒ වාසු දේව නානායක්කාරය. ඔහු එදා සිට කළේ ගිරිය පුප්පමින් හා කුණුහරුප කියමින් කෑ ගැසීම පමණි.
බදුල්ල දිස්ත්‍රික්කයේ මහා ජල සම්පාදන යෝජනා ක්‍රමයක් විවෘත කළ අතර එය ඉදි කර තිබුනේ ද පසුගිය රජය විසිනි. එතරම් දැවැන්ත ජල සම්පාදන යෝජනා ක්‍රමයක් ඉදි කරන්නට නම් අඩු තරමින් අවුරුදු තුන හතරක් ගත වන බව ඕනෑම කෙනෙකුට වැටහෙන කාරණයකි. නමුත් එම යෝජනා ක්‍රමය ද හරියට තමුන් හදාපු එකක් මෙන් පෙන්වමින් වාසු ලා කටයුතු කළේය.
ගංජා ආස්වාදය සහ යහපාලන ආණ්ඩුවේ හා මේ ආණ්ඩුවේ වෙනස..
යහපාලන ආණ්ඩුවේ හා මේ ආණ්ඩුවේ වෙනස ද ඒකය. අනුන්ගේ වැඩක් වුනත් තමන්ගේ එකක් බව පෙන්වමින් එහි ප්රචාරක වාසිය ගැනීමට රාජපක්ෂලා දනිති. එහෙත් තමන් කළ වැඩක හෝ වාසිය ගැනීමට රනිල්ලාට හා මෛත්රිලාට නොහැකි වුයේ ඔවුන්ගේ උපන්ගෙයි දෝෂය නිසාය.
එහෙත් බුද්ධිමත් මහජනතාව මේ සම්බන්ධව සැබෑව නොදන්නවා නොවේ. කොරෝනා වෛරස් රෝගියා ලංකාවෙන් වාර්තා වන විට සියලු රෝග ආවේක්ෂණ කටයුතු ශක්තිමත් කර තිබුනේ යහපාලන රජය යටතේ කටයුතු කළ රාජිත සේනාරත්න නිසාය. එම නිසා බෝ වන රෝග පාලනයට සකසා තිබු හදිසි යාන්ත්‍රණය ක්‍රියාත්මක වීම තුළ රෝග ආවේක්ෂණ වැඩ පිළිවෙළ ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වුනා මිස මේ රජයට අලුතින් කරන්නට දෙයක් තිබුනේ නැත.
එහෙත් එහි ද ප්රචාරක වාසිය ආණ්ඩුව ගත්තේ තමන්ගේ මහලොකු කෙරුවාව නිසා කොරෝනා ජයගැනීමට හැකි වූ බවයි.
අවසාන වශයෙන් කියන්නේ නම් අපි මේ විඳිමින් සිටින්නේ ගංජා ගහන එකෙක් විසින් ලබන ආශ්වාදයයි. රාජපක්ෂලාගේ සංවර්ධනයේ නරිවාදම රට පුරා දෝරේ ගළමින් තිබේ.
Comments
Post a Comment