වැඩ අල කරන විරුවාගේ වරාය සභාපති, වැඩ බැරි විරුවාගේ ‌කෙරුවාවට එරෙහිව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව පෙරට.!

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2020.‌පෙබ.25, ප.ව.1.05 වැඩ කරන විරුවා කියා පැමිණ දැන් වැඩ අල කරන විරුවා බවට පත්ව සිටින ජනාධිපති නන්දසේන වරා‌යේ සභාපති ‌ලෙස පත් කළ හුළඟට තරු ගැසූ තවත් වැඩ බැරි පැන්සොන් විරුවෙකු වන දයා රත්නායක විසින් නීත්‍යානුකූල නොවන ආකාරයට වැඩ බලන පරිපාලක තනතරු ලබාදීමට එරෙහිව වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව ජනාධිපති නන්දසේනට ලිපියක් යවා තිබේ. 
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කාර්ය මණ්ඩල මාරු කිරීම් (Staff Changes) යන හිසින් දයා රත්නායකගේ අත්සනින් යුතුව 2019.12.31 දින නිකුත් කර ඇති ලිපිය  මගින් වරාය අධිකාරියේ නිලධාරීන් 30 දෙනෙකු ස්ථාන මාරු කිරීම් හා උසස් වීම් ලබා දී ඇතැයි ද ඒවා අතරින් විශේෂයෙන්ම වැ.බ. ප්‍රධාන මානව සම්පත් කළමනාකරු එස්.එච්. පද්මිණී හා වැ.බ. ප්‍රධාන පරිපාලන කළමනාකරු නෙළුම් අනවරත්න  තනතුරට අදාල සුදුසුකම් සපුරා නැතැයි වෘත්තීය සමිති එකමුතුව ජනාධිපතිට යැවූ ලිපියේ දැක්වේ. 
එම  ලිපියේ වැඩි දුරටත් ‌මෙසේ දැක්වේ.  
මේ අවස්ථාව වන විට ඔබතුමා විසින් නිවැරදිව කරුණූ වටහා ගෙන ඇති බවට අප සිතා සිටි නමුත් නුසුදුසු පුද්ගලයන් වෙත තනතුරු ප්‍රදානය කිරීමේ දෙවන පියවර මේ වන විට කරලියට පැමිණ තිබේ. ඉහත පරිදි නුසුදුසු ලෙස කොට්ඨාශ ප්‍රධානී තනතුරු දෙක ලබාදීම සඳහා මහත් වෙහෙසක් දැරූ වෘත්තීය සමිති නායකයින් දෙපල වෙත 2020 ජනවාරි 10 වන දින  සිට වැඩ බලන පරිපාලක තනතුරු ප්‍රදාන කර ඇත්තේ ඊට කෘතගුණ සැලකීමක් වශයෙනි.  
2018.10.30 වන දින සභාපති නිල නිවසට අනවසරයෙන්  ඇතුල් වීම, අයුතු බලහත්කාරයක් පෑම, කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් ඉහත වැ.බ. පරිපාලක තනතුරු ප්‍රදාන කර ඇති බහුවිධ නිපුණතා ශිල්පී ශ්‍යාමල් සුමනරත්න යන අයට සහ බහළු මෙහෙයුම් උපකරණ ක්‍රියාකරු සංජය කුමාර වැලිගම යන අයට නොනිමි විනය පරීක්ෂණයක් පවතී. එසේම සංජය කුමාර වැලිගමට මේ වන විට අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව විසින් පවරන ලද නොනිමි නඩුවක් පවතින අතර මොහුට නීත්‍යානුකූල ලෙස වරාය අධිකාරියේ සේවය කිරීමට ද අයිතියක් නැත. මොහුට යළි සේවය ලබාදීම නීත්‍යානුකූල නොවන බවට ප්‍රධාන නීති නිලධාරී උපදෙස් ලබා දී තිබිය දී මානව සම්පත් කොට්ඨාශය විසින් මොහු යළි සේවයේ පිහිටුවීම සිදුකර ඇත.
වැ. බ. තනතුරක් ප්‍රදාන කිරීමේ දී වැඩ බැලීම සඳහා ලබාදෙන තනතුරෙහි පුරප්පාඩු පැවතීම, අදාල කොට්ඨාශ ප්‍රධානියාගේ නිර්දේශ සහිතව ඒ සඳහා සුදුසු සහ ජ්‍යෙෂ්ඨතම සේවකයා වීම යන කරුණු සලකා බැලිය යුතු  අතර මෙම පුද්ගලයන් දෙදෙනා වෙත තනතුරු දීමේ දී මෙම කරුණු පූර්ණය කරගැනීමකින් තොරව කළමනාකාර අධ්‍යක්ෂකගේ අනුමැතිය මත පමණක් සිදුකර ඇත. මෙවැනි ආකාරයෙන් අත්තනෝමතික ලෙස නීත්‍යානුකූල නොවන ආකාරයෙන් තනතුරු ප්‍රදානය කිරීම සඳහා කළමනාකාර අධ්‍යක්ෂවරයාද මේ අවස්ථාවේ අනුමැතිය දී ඇත්තේ ඉදිරි සේවා දිගුවක් බලාපොරොත්තුවෙනි. මෙය ආයතනයේ සාමාන්‍ය සේවකයින් වෙත විනය ක්‍රියාමාර්ග ගැනීමේ දී  අනිවාර්ය ගැටළු ඇතිවිය හැකි තත්වයක් වන අතර ‌මේ තත්ත්වය හිටපු හමුදා නිලධාරියෙකු වන වරාය සභාපතිගෙන් කිසිසේත් බලාපොරොත්තු විය නොහැකි  තත්වයකි. 
මෙවැනි කරුණු සම්බන්ධයෙන් සභාපතිවරයා දැනුවත් කිරීමට හෝ මේ අවස්ථාව වන විට කිසිදු සේවකයෙකුට හෝ නිලධාරියෙකුට නොහැකි වීම ද කණගාටුවට කරුණකි. මන්ද යත් ඔහු හමුවීම සඳහා නීත්‍යානුකූල ක්‍රමවේදයෙන් කරනු ලබන ලිඛිත ඉල්ලීම් කළමනාකාර අධ්‍යක්ෂකවරයාගෙන් ඉහළට ගමන් කිරීම මේ වන විට අවුරා ඇත. සභාපති කෙරෙහි අප තබා තිබූ විශ්වාසය පටු වාසි තකා හැසිරෙන නිලධාරීන් ද අමු අමුවේ විනාශ කරමින් සිටී. සභාපතිවරයා ඒ ගැන කිසිදු පියවරක් ‌ගෙන නැත. ජනාධිපතිවරයා වන ඔබතුමා විසින් මේ සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අප ඉතා අවධියෙන් සිටිමු.

වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව

Comments