Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2020.ජන.05, ප.ව.2.35) ඇමැතිවරයෙකුට රජයෙන් නිකුත් කරන ලද පුද්ගලික ගිනි අවියේ බලපත්‍රය කල් ඉකුත් වී තිබුනා කියා ඊයේ අත් අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගැනීම පිටුපස ඇත්තේ ජනාධිපති නන්දසේනගේ ගජ මිතුරා වන, දැනට මරණීය දණ්ඩනය නියමව සිර ගෙදර සිටින කුඩු දුමින්ද නිදහස් කර ගැනීමට අවශ්‍ය වාතාවරණය සකස් කිරීමේ සැලසුමක් බව ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වේ.
ඇමැතිවරයෙකුට රජයෙන් නිකුත් කරන ගිනි අවියේ බලපත්‍රය යාවත් කාලීන කිරීමේ වගකීම පැවරෙන්නේ ඇමැතිවරයාගේ ආරක්ෂාව බාර ඇමැති ආරක්ෂක කොට්ඨාශයේ (එම්.එස්.ඩී) නිලධාරියාට ය. අනෙක් අතට කියන්නේ නම් රන්ජන් ගේ ගිනි අවියේ බලපත්‍රය අලුත් කර නැතිනම් එහි වගකීම පැවරෙන්නේ පොලිසියටම ය. එසේ කියා හිටපු ඇමැතිවරයා අත් අඩංගුවට ගැනීම පැහැදිලිවම දඩයමකි; කුමන්ත්රණයකි.
අරාබි නිසොල්ලාසය පරදන තිර නාටකය..
වාර්තා වන අන්දමට රන්ජන්ගේ නිවස පරීක්ෂා කිරීමට පොලිසිය ගියේ වෙනත් තිර නාටකයක් සූදානම් කරගෙන ය. ඒ කතාව අරාබි නිසොල්ලාසයේ එන කතා පරාද වන කතාවකි. ත්‍රීවීල් රියැදුරෙකු සීඅයිඩියට හාඩ් ඩිස්ක් එකක් ගෙනැවිත් දී තිබේ. තමාගේ ත්‍රී වීල් රථයේ හයර් එකක් ගිය කව්දෝ මහත්තයෙකු අතින් වැටී තිබුනු හාඩ් ඩිස්ක් එක තමන් ගෙදර ගොස් බැලූ බවත්, එහි තිබී ඇත්තේ රන්ජන් රාමනායක මහතා සීඅයිඩියේ ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා සමග කරන ලද දුරකථන සංවාද බවත්, රන්ජන් රාමනායක තවත් අය සමග කරන ලද සංවාද සාකච්ඡා ආදිය ද එහි තිබූ බවත් ඒවා රජය අපහසුතාවයට පත් කරන බරපතල ඒවා නිසා තමන් හාඩ් ඩිස්ක් එක සීඅයිඩියට ගෙනැවිත් බාර දීමට තීරණය කළ බව පවසා එකී ත්‍රී වීල් රියැදුරා හාඩ් ඩිස්ක් ඒකක් සීඅයිඩියට බාර දී ඇත. ඒ හාඩ් ඩිස්ක් එකේ තිබෙන දෑ සහ රන්ජන් රාමනායකගේ නිවසේ ඇති පරිඝනකයේ හාඩ් ඩිස්ක් එකේ තිබෙන දෑ අතර ගැලපීමක් තිබේද කියා බැලීම සඳහා රන්ජන්ගේ නිවස පරීක්ෂා කිරීමට නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එච්. යූ. කේ. පැල්පොල ගෙන් සෝදිසි වරෙන්තුවක් ලබා ගත් සීසීඩියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් ජයන්ත පෙරේරා ඇතුළු නිලධාරීන් ඊයේ රන්ජන්ගේ නිවස වටලා පරීක්ෂා කර රන්ජන් සතුව තිබූ හාඩ් ඩිස්ක් සහ සීඩී තැටි ආදියද රන්ජන්ද අත් අඩංගුවට ගත්තේය.
මේ වන විට රන්ජන් රාමනායකගෙන් ප්‍රශ්න කිරීම සඳහා සීසීඩියෙන් සීඅයිඩියට බාර දීමට යයි.
ඉහත කතාව කියන්නේ අන් කිසිවෙක් නොව අද රන්ජන් බැලීමට ගිය අයෙකුට සීසීඩීය මය. හරි අපූරු කතාය. හාඩ් ඩිස්ක් ඔ්පන් කර බැලීමට දන්නා ත්‍රී වීල් ඩ්‍රයිවර්ලා සිටිති.
බළලා මල්ලෙන් එළියට..
රන්ජන් අත් අඩංගුවට ගැනීමටත් පෙර කුඩු දුමින්දගේ සොයුරාට අයත් කුඩු නාලිකාවෙන් රන්ජන්ගේ නිවසේ තිබී අසභ්‍ය චිත්‍රපට හමුවූ බවත් ලිංගික උපකරණ හමු වූ බවත් කියමින් රන්ජන්ට මඩ ගසා වාර්තා පළ කිරීමත් සමග බළලා මල්ලෙන් එළියට පැන්නේ ය. (කුඩු නාලිකාව අයිතිකරුගේ බිරිඳ සහ ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පෙනී සිටින අසභ්‍ය චිත්‍රපටයත් ඒ සමග තිබුනා දැයි කුඩු නාලිකාව වාර්තා කර නොතිබීම අඩුපාඩුවකි)
මෙහි තිර නාටකය අන් කිසිවක් නොව ශානි අබේසේකරලා නිශාන්ත සිල්වලා එක්ව රන්ජන් වැනි දේශපාලකයන් සමග සාකච්ඡා කර දුමින්ද සිල්වා නම් අහිංසකයා හිරේ දැමූ බවට සමාජ මතවාදයක් හදා කුඩු දුමින්දට ජනාධිපති සමාව ලබා දීම සාධාරණය කිරීමයි.
ඇත්ත අතීතය මතකයට…
නමුත් සත්‍ය ජනතාවට යළි මතක් කර දිය යුතුය. දුමින්ද සිල්වා එජාපයේ සිටිය දී භාරත ලක්ෂ්මන් සිටියේ ශ්‍රීලනිපයේ ය. දුමින්ද සිල්වා එජාපයේ සිටිය දී ඔහු කුඩු ජාවාරම් කෙළේ නැත. භාරත ලක්ෂ්මන් මහින්දගේ ජනාධිපති ජයග්‍රහණ දෙකම වෙනුවෙන් බෙල්ල දී වැඩ කළ අයෙකි. දුමින්ද සිල්වා එජාපය හැර දමා මහින්ද රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කරන්න යන්නේ සොයුරාගේ එකල තිබූ හිරු රේඩියෝ නාලිකාව රාජපක්ෂලා විසින් තහනම් කළ නිසා එය නිදහස් කර ගැනීමට ය. එතැන් සිට දුමින්ද රාජපක්ෂලාගේ හිත දිනා ගන්නේ ය. ඔහු අරලියගහ මන්දිරයට යන සෑම අවස්ථාවකම ශිරන්තිට රුපියල් ලක්ෂයකට වැඩියෙන් වටිනා සුවඳ විලවුන් පරිත්‍යාග කෙළේය. නන්දසේනට රුපියල් ලක්ෂයකට වැඩියෙන් වටිනා කමිස පරිත්‍යාග කෙළේය. ඔහු කුඩු ව්‍යාපාරයට අත ගැසුවේ ආරක්ෂක ලේකම් නන්දසේනගේ ආරක්ෂාව සහිතව ය. ඔහු ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රී ධූරයකට පත් කෙළේ ඔහුගේ කුඩු ව්‍යාපාරයට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට ය.
භාරත ලක්ෂ්මන් උරණ වන්නේ මේ අවස්ථාවේ දීය. තම ප්‍රදේශය වූ කොළොන්නාවට එජාපයේ සිට පැමිණි දුමින්ද රාජපක්ෂලා අල්ලාගෙන කුඩු ජාවාරම ප්‍රසිද්ධියේ ජයටම කරගෙන යෑම ගැන භාරතට තිබුනේ සැබෑ වේදනාවකි. භාරත ඝාතනයට පෙර අවසන් මැතිවරණ ප්රචාරක රැස්වීමේ දී කියන්නේ කුමක්ද? දුමින්ද විසින් තමා ගරු කරන රාජපක්ෂලාගේ නන්දසේන රාජපක්ෂ එදා දවස පුරා කොළොන්නාවේ සිටින කුඩු ජාවාරම් කාරයෙන්ගේ නිවෙස් වලට කැඳවා ගෙන ගිය බවයි. කවුරු මේ කතාව රෙකෝඩ් කළත් කමක් නෑ කියා භාරත තම වේදනාව ප්‍රසිද්ධියේ කීවේය. ඊට දින කිහිපයකට පසුව පැවැති මැතිවරණය දිනයේ දීම මහ පාරේ මහ දවාලේ භාරත ලක්ෂ්මන් ඇතුළු පස් දෙනෙකු ඝාතනය කරන්නේ අන් කිසිවෙකු නොව කුඩු දුමින්ද ඇතුළු පිරිස ය.
නන්දසේන - කුඩු දුමින්ද ප්‍රේමය..
එතැන් පටන් සිදුවන්නේ කුමක්ද? දුමින්දටත් වෙඩි වැදුනා කියා අමු පට්ට පල් බොරුවක් කියා දුමින්ද ජයවර්ධනපුර රෝහලට ඇතුළු කර කිසිවෙකුට හමුවීමට අවස්ථාව නොදී සඟවා ගන්නේ ය. සිද්ධිය වූ වහාම එහි යන්නේ කව්ද? එවක ආරක්ෂක ලේකම් වූ නන්දසේන රාජපක්ෂ ය. ජයවර්ධන පුර රෝහලේ සිට මහ රෑක හෙළිකොප්ටරයක් ලබා දී කටුනායකට පිටත් කර ඔහු සිංගප්පූරුවට යවන්නේ කව්ද? අද ජනාධිපති වී සිටින නන්දසේනලාම ය. ඝාතන පරීක්ෂණ ආරම්භ වන්නේ රාජපක්ෂ යුගයේ දීම ය. මහේස්ත්‍රාත් විභාගය ඇරඹෙන්නේ රාජපක්ෂ යුගයේ දීම ය. නමුත් ඒවාට විශාල බලපෑම් විය. යහපාලන ආණ්ඩුව පැමිණි පසු පරීක්ෂණ බලපෑම් වලින් තොරව සිදුවන්නේ ය. දුමින්ද ඇතුළු පිරිසට එරෙහි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග වූ මහාධිකරණ නඩුවේ තීන්දුව දෙන්නේ තුනට දෙකක් ලෙසය. දුමින්ද ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිවන්නේ සැකයෙන් තොරව ඝාතන චෝදනා ඔප්පු වූ නිසා ය. ඉන්පසුව ඒ නඩු තීන්දුව ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනයක් ද විභාග වන්නේ ය. අභියාචන තීන්දුවෙන්ද මහාධිකරණය දුන් තීන්දුව සනාථ කරනවා මිස එකදු දඬුවමක් හෝ අඩු කරන්නේ නැත.
කුඩු දුමින්ද අද හිරේ ඉඳගෙන ද කරන්නේ කුඩු ජාවාරම ය. සොයුරා සිය නාලිකාවෙන් කරන්නේ කුඩු සල්ලි සුදු කිරීම ය. එසේ නැතිනම් අනෙකුත් නාලිකා වලටත් රුපියල් කෝටි 3-4 ගෙවා ඉන්දියානු නිලියන් බුරුතු පිටින් ලංකාවට ගෙන්විය හැකි විය යුතුය.
දැන් යලිත් නන්දසේන රටේ ජනාධිපති වී සිටින නිසා දැන් මේ කුඩු ජාවාරමුන්ට අවශ්‍ය කුඩු දුමින්දට නිදහස ලබා ගැනීම ය.
මේ අලුත් තිර නාටකය ඒ වෙනුවෙන් ශානි අබේසේකරලා නිශාන්ත සිල්වලා එක්ව රන්ජන් වැනි දේශපාලකයන් සමග සාකච්ඡා කර දුමින්ද සිල්වා නම් අහිංසකයා හිරේ දැමූ බවට සමාජ මතවාදයක් හැදීමය. නන්දසේනට දුමින්ද නිදහස් කිරීමට පසුබිම සකස් කිරීම ය.
69 ලක්ෂයක් ඡන්දය දුන්නේ මිනීමරු කුඩු රජවරුන්ට නිදහස ලබා දීමට ද කියා ඡන්දය දුන් අය බරපතල ලෙස සිහියට ගත යුතුය.
Comments
Post a Comment