“අපි ගෝඨගේ මිනිස්සු, පොලිසියට කතා කෙළොත් තොපි සේරම උස්සනවා”- පොහොට්ටු මැරයෝ හෝමාගම උද්‍යානය වනසති..!
Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.11, ප.ව.10.35) පොහොට්ටුවේ ආධාරකරුවන් පිරිසක් විසින් හෝමාගම නාගරික උද්‍යානයේ විදුලි පහන් කණු ගලවා, කඩා බිඳ දමා වනසා තිබේ.
හිටපු මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක විසින් ක්‍රියාත්මක කළ ව්‍යාපෘතියක් මගින් මෙම උද්‍යානය ඉදිකර තිබීම නිසා පොහොට්ටු ආධාරකරුවන් පිරිස මෙලෙස උද්‍යානයට දැඩි විනාශයක් සිදුකර තිබේ.
පොලිසියට දන්වන බව පවසා ප්‍රදේශවාසීන් එම පිරිස පලවා හැරීමට උත්සාහ කළ අවස්ථාවේ “අපි ගෝඨාගේ මිනිස්සු, එකෙක් හරි පොලිසියට කතා කෙළොත් තොපි සේරම උස්සනවා” යනුවෙන් තර්ජනය කර තම විනාශකාරී මැර ක්‍රියාව දිගටම කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රබල ආධාරකරුවෙකු ලෙස සමාජ මාධ්‍ය වල ප්‍රසිද්ධ චරිතයක් වන අමින්ද රත්නායක නැමැත්තා මෙම කල්ලිය මෙහෙයවා ඇත.
උද්‍යානය විනාශ කිරීමෙන් අනතුරුව අමින්ද රත්නායක විසින් ඒවා පින්තුර ගෙන තමාගේ ෆේස්බුක් පිටුවේ පෝස්ටුවක් ද පළ කර ඇත්තේ “චම්පිකයා හදපු පාක් අපිට එපා, කඩලා ආයි මුල ඉඳල හදන්න ඕනි” යනුවෙන් වචන කිහිපයක්ද එක් කරමිනි.
අදාල සේයාරූ සාක්කි මෙහි දැක්වේ
මූලාශ්‍රය SLStory වෙබ් අඩවියෙනි
Comments
Post a Comment