Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.02, ප.ව.5.45) සජිත් ප්‍රේමදාස මහතා පමනක් තමුන්ගේ ආසනය වන තිස්සමහාරාමය වැඩි ජන්ද 48,118කින් පරාජයට පත් වු අතර ඔහුගේ නායකත්වය යටතේ තිබූ හම්බන්තොට දිස්ත්‍රික්කයද පරාජයට පත් විය. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඔහු උදා ගම්මාන 300 සාදා දුන් බවත් දිස්ත්‍රික්කයේ මහා සංවර්ධනය ව්‍යාපෘති ගණනාවක් කළ බවත් මැතිවරණ වේදිකාවේ අප ඇසු මුත් ජනතාවට ඉන් කිසිදු පලක් නොමැති වී ඇතැයි ප්‍රතිඵල බැලු විට පෙනෙන්නට තිබේ.
ඒ සමගම ඔහුගේ මිතුරු සගයන් වන අජිත් පී පෙරේරා - බන්ඩාරගම වැඩි ඡන්ද 35,898 කින්, සුජීව සේනසිංහ - කඩුවෙල වැඩි ඡන්ද 57,060 කින්, දිලිප් වෙදආරච්චි තංගල්ල වැඩි ඡන්ද 50,532, රංජිත් මද්දුම බංඩාර - මොනරාගල වැඩි ඡන්ද 30,672කින්, හර්ෂ ද සිල්වා - කෝට්ටේ 9225 කින් , මංගල සමරවීර - මාතර වැඩි ඡන්ද 25,456 කින්, චම්පික රණවක - මහරගම වැඩි ඡන්ද 42205 කින්, අජිත් මාන්නපෙරුම වැඩි ඡන්ද 52523 කින්, බුද්ධික පතිරණ - අකුරැස්ස වැඩි ඡන්ද 32,055 කින්, ඉරාන් වික්‍රමරත්න - මොරටුව වැඩි ඡන්ද 21255 කින්, හර්ෂන රාජකරුණා - දොම්පෙ වැඩි ඡන්ද 39125 කින්, චන්ද්‍රානි බණ්ඩාර - නැගෙනහිර අනුරාධපුරය වැඩි ඡන්ද 23798 කින්, ගයන්ත කරුණාතිලක - බෙන්තර ඇල් පිටිය වැඩි ඡන්ද 29128 කින්, බන්දුල ලාල් බණ්ඩාරිගොඩ - බද්දේගම වැඩි ඡන්ද 26753 කින්, නිරෝෂණ පෙරේරා - වෙන්නප්පුව වැඩි ඡන්ද 19345, නලින් බංඩාර - බිංගිරිය 12,914 කින්, අශෝක අබේසිංහ - කුරුණෑගල 12,919 කින්, J C අලවතුවල - මාවතගම වැඩි ඡන්ද 11837 කින්, තලතා අතුකෝරාල - නිවිතිගල වැඩි ඡන්ද 18,115 කින්, තුෂාර ඉඳුනිල් - පඬුවස්නුවර වැඩි ඡන්ද 11270 කින්, හේෂා විතානගේ - රක්වාන වැඩි ඡන්ද 10859 කින්, හරීන් ප්‍රනාන්දු - බදුල්ල වැඩි ඡන්ද 3117 කින්, S M මරික්කාර් වැඩිඡන්ද 2776 කින්, ආදී වශයෙන් තමන්ගේ සදාදරනීය නායකයානන්ව තම තමුන් සංවිධාන කල ආසන වලින් බරපතළ ලෙස පරාජයට පත් කොට ඇත.
එකී ආසන 24 ක පමණක් එකතුව ඡන්ද 626,955 කි. ඉතිරිය වශයෙන් වන ඡන්ද 733,061 ම ඉතිරි ආසන 136 ක සංවිධායක වරුන් අතර බෙදී ගොස් ඇත.
සජිත් වටා සිටගෙන සජිත්ව රවටා තමන් ජාතික නායකයින් ලෙස අඟවා රට වටා නොගොස් වොක්ෂෝල් වීදියට පැමිණ මාධ්‍ය සංදර්ශණ නොපවත්වා තමන්ගේ ආසන මනා ලෙස සංවිධානය කලා නම් ප්‍රතිඵලය මීට හාත්පසින් වෙනස් වේ. එනම් මෙම ආසන 24 මනා ලෙස සංවිධානය කර කරට කර සටනක් ලබාදුන්නේ අප ජයග්‍රහනය කරනු නියතය. මෙම ජනාධිපතිවරණයේදී එසේ තමන්ගේ ආසනය අවංකවම දක්ෂ ලෙස සංවිධානය කල හොඳම උදාහරණය සේරුවිල ය. සේරුවිල ආසනයේ 2015 ජනාධිපතිවරණයේදී සිරිසේන ලබාගත් ඡන්ද ප්‍රමාණය 24,833 කි. එය මෙවර සජිත් වෙනුවෙන් 28,205 කින් ඉහල දමා ඇත. ඒ අනුව 2015 ට වඩා මෙවර වැඩිඡන්ද 3372 කින් ලබාගෙන ඇත.
මේ ආකාරයෙන් සජිත් දැම්මොත් දිනනවාමයි කියමින් රටවටා ගිය පිරිස රට වටේ නොයමින් තමන්ගේ ආසන 24 සංවිධානය කළා නම් ගෝඨාභය ලබාගන්නේ ඡන්ද 62, 97,300 කි. එනම් මුලු ඡන්ද ප්‍රමානයෙන් 47.51% කි. එවිට සජිත් ඡන්ද 61,91,194 ක් එනම් 46.72% ක් ලබාගනු ඇත.
එසේ වුවා නම් දෙවන මනාපයට යා යුතුවන අතර සජිත් ට ජය ගත හැකි වනු ඇත. ඒ අනුව බලන කල සජිත්ව පරාජය කෙළේ ඇත්තෙන්ම සජිත්ව කඩේ ඇරිය මේ නඩය නොවේද.? බුද්ධිමත්ව සිතන්න. දැන් අප කළ යුත්තේ එක්සත්ව ඉදිරියට යෑම සඳහා සියලු දෙනා එක්ව තම තමන්ගේ ආසන වලට ගොස් අනිත් අයට වැරැද්ද නොපටවා කන්නාඩියක් ඉදිරියට ගොස් තමන්ගෙන්ම විමසා පක්ෂය සංවිධානය කිරීමයි.
එක්සත්ව ඉදිරියට යමු. ඒ අපේ පක්ෂයේ දර්ශනයයි..!
Comments
Post a Comment