ජයග්රාහී ජාතිවාදයෙන් ඔදවැඩී ගිය මුග්ධයින් යාපනය බලා ගිය උත්තරදේවී දුම්රියට ගල් ගහලා; කුඩා දරුවෙකුටත් තුවාල
Syndicated from lankaenews,
ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.01, ප.ව.5.45) රාජපක්ෂලා යළි බලය ඩැහැ ගැනීම පිණිස රට පුරා ඇවිලූ ජාති ආගම් වාදයේ තරම මේ යැයි කියා පාමින් අද උදෑසන 11.50 ට යාපනය බලා කොළඹින් පිටත් වූ උත්තරදේවී දුම්රියට මහව දී ගල් මුල් ප්රහාරයක් එල්ල වී තිබේ. ජයග්රාහී ජාතිවාදයෙන් ඔද වැඩී සිටි අන්තවාදී මුග්ධයන් පිරිසක් විසින් දුම්රියේ ගමන් ගන්නා බහුතර දෙමළ ජාතික මගීන් ඉලක්ක කර මේ ප්රහාරය එල්ල කර ඇත.
එක් ගල් ප්රහාරයක් එල්ල වී තිබුනේ කුඩා දරුවෙකුගේ ඇස අසලටය. දරුවාගේ ඇස බේරී තිබුනේ අනූ නවයෙනි. සේයාරුවේ මවක් වඩාගෙන ඉන්නේ ඒ දරුවා ය.
මහව දී දුම්රිය නතර කරන ලදුව තුවාල කරුවන් රෝහල කරා යැවීමට දුම්රිය ගාඩ් වරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරයා කටයුතු කළහ.
රටේ ආරක්ෂාව බාර ගන්නවා යැයි කී මිනිහාට දුම්රියක යන මගීන්ගේ ආරක්ෂාව හෝ රැක ගැනීමට නොහැකි වී තිබේ. ජාතිවාදය ආගම්වාදය ඇවිලවීමට පහසු ය. නමුත් ඒ ගිනිදැල් නිවා දැමීම පහසු නැත.
(සේයාරූ සහ වාර්තාව එවූ දුම්රිය මගීන්ට ස්තූතිය)
Comments
Post a Comment