Syndicated from lankaenews,
(ලංකා ඊ නිව්ස් -2019.දෙසැ.02, ප.ව.10.45) ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වැනි වගන්තියෙන් ලැබී ඇති බලතල අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් වත්මන් පාර්ලිමේන්තුවේ වාර කාලය අද (02) මධ්‍යම රාත්‍රියෙන් පසුව අවසන් කර තිබේ. පාර්ලිමේන්තුවේ නව වාරය උත්සවාකාරයෙන් විවෘත කරනු ලබන්නේ ලබන වසරේ ජනවාරි මාසයේ 3 වැනි දින උදේ 10.00 ට ය. මේ බව දැක්වෙන විශේෂ ගැසට් නිවේදනය අද රාත්‍රී නිකුත් කරන ලදී.
නව ජනාධිපතිවරයා පත්ව අගමැතිවරයෙකු නම් කර නව ඇමැතිමණ්ඩලයක් නම් කිරීමෙන් පසු පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද නමුත් පාර්ලිමේන්තුවට නව සභා නායක වරයෙකු නව ආණ්ඩුපක්ෂයේ සංවිධායක වරයෙකු මෙන්ම විපක්ෂ නායකවරයෙකු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයෙකු පත් කරන ලද්දේ නැත. පාර්ලිමේන්තු වාරය අවසන් කිරීමත් සමග කෝප් කමිටුව වැනි දැනට ක්‍රියාත්මක වන පාර්ලිමේන්තු කමිටු 20 ක් පමණ අහෝසි වන අතර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුලත් කර තිබූ යෝජනාද අහෝසි වනු ඇත. නව පාර්ලිමේන්තුව විසින් නව පාර්ලිමේන්තු කමිටු පත් කර ගත යුතුය.

අගමැති මහින්දගේ නව ආණ්ඩුවට බහුතර බලයක් නැති බැවින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිට බලය ලැබෙන තුරු වැඩි ක්‍රියාකාරකම් නොමැතිව පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑමට කටයුතු කරනු ඇත.
ජනාධිපති ගෝඨාභය පසුගිය ඉන්දියානු සංචාරයේදී 'ද හින්දු' පුවත්පතට පවසා තිබුනේ ලබන ඡන්දයෙන් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලැබුනහොත් ඔහු 19 වැනි සංශෝධනය අහෝසි කරන බවයි. 19 වැනි සංශෝධනය ගෙන ආවේ ජනාධිපතිවරයාට තිබෙන අත්තනෝමතික විධායක බලතල ඉවත් කර ඉන් විශාල ප්‍රමාණයක් අගමැති ප්රමුඛ පාර්ලිමේන්තුවටත් ස්වාධීන කොමිෂන් සභා වෙතටත් බෙදී යන ආකාරයට ය. ඉන් රටක් අරාජිකත්වයක් බිහි වන්නේ නැත. ගෝඨාභයට අවශ්‍ය වී තිබෙන්නේ ප්රජාතන්ත්රවාදය ශක්තිමත් කළ 19 පවත්වාගෙන යාමට නොව ඒකාධිපතියෙකු බිහිකර ගැනීමට අවශ්‍ය විධායක බලතල වැඩි කර ගැනීමට බව පැහැදිලි ය. එසේ වී නමුත් 19 වැනි සංශෝධනය අනුව අගමැති මහින්ද රාජපක්ෂට අද ලැබී තිබෙන බලතල ඔහු සිරිසඟබෝ සේ ගෝඨාභයට දන් දේවි යැයි සිතීම අදේශපාලනික ය.
Comments
Post a Comment