බදු බර ඉවතට - නව රජයෙන් ජනතාවට ලැබුණු සහන මල්ල.!

Syndicated from nethgossip,


ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ තීරණ අනුව මෙරට ජනතාවගේ බදු බර ඉවත් කිරීමට නව රජය තීරණය කර තිබේ.
මේ අනුව මෙතෙක් කල් මෙරට මහ ජනතාවට හා ව්‍යාපාරිකයන්ට පැනවුනු නොයෙකුත් බදු ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගයකට අනුව දැනට 15%ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද වන 2%ක් වන බදු සියල්ලේ එකතුව වන17% ක් වන මුළු බද්ද 8%ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙනවා. 
එය ලබන දෙසැම්බර් මස 01 වෙනිදා සිට ක්‍රියාත්මක බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කර සිටියේ.
මිට අමතරව විදුලි සංදේශන බද්ද 25%ක් දක්වා අඩු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණ කර ඇත. විදේශ රටවල සේවය කරනු ලබන ශ්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා තිබෙන සම්ප්‍රේෂණ සඳහා පනවා තිබු බද්ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට තීරණය කර ඇත. එමෙන්ම ඉදිකිරීම් කේෂ්ත්‍ර මත පනවා ඇති 28%ක බද්ද 14%ක් දක්වා අඩු කිරීමට තීරණය කර ඇත.
එමෙන්ම ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, උපයන විට ගෙවීම් සඳහා පනවා තිබෙන ආදායම් බද්ද, පොලී සඳහා මත පනවා තිබෙන රැඳවුම් බදු සහ ණය රැඳවුම් බද්ද වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
මේ අනුව කැබිනට් මණ්ඩලය ඊයේ (27) අනුමත කළ සහන පැකේජය හේතුවෙන් භාණ්ඩ හා සේවා මිල පහළ යාමට ද වෙළදපොල ගණුදෙනු වේගවත්වීමට ද බොහෝ දුරට ඉඩ ඇතැයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය පි‍්‍රයංග දුනුසිංහ පැවසුවේ විශේෂයෙන්ම ඍජු බදු සඳහා ලබාදී ඇති සහන හේතුවෙන් ආයෝජන සහ ඉතුරුම්ද දිරිගැන්වෙනු ඇති බවයි. 

Comments