වෙබ් මාධ්‍ය දඩයම..! ‘ද ලීඩර්’ කර්තෘ හතරවැනි තට්ටුවට කැඳවයි..! මාධ්‍ය මර්දනය ගැන සජිත් හෝ එජාපය කට නොඇරීම ගැන වෘත්තීය වෙබ් මාධ්‍ය සංගමයේ විරෝධය

Syndicated from lankaenews,



(ලංකා ඊ නිව්ස් -2019.නොවැ.29, ප.ව.3.45) ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු ආරම්භ වූ මාධ්‍ය දඩයම තවදුරටත් ඉදිරියට ගෙන යමින් අද(29) ‘ද ලීඩර්’ වෙබ් අඩවියේ කර්තෘ තුෂාර කොඩිකාර සහ එම වෙබ් අඩවියේ වීඩියෝ වාර්තා වල පසුබිම් හඬ සැපයූ මාධ්‍යවේදිනියට රහස් පොලිසියේ හතර වැනි තට්ටුවට කැඳවා තිබේ. 
ඊයේ (28) ‘වොයිස් ටියුබ්’ වෙබ් අඩවියේ කතුවරිය වන තුෂාරා විතාරණ මෙනෙවිය හතරවැනි තට්ටුවට කැඳවන ලදුව ඇයගෙන් ප්‍රශ්න කර තිබිණ. ඇය මංගල සමරවීර මුදල් ඇමැතිව සිටිය දී මුදල් අමාත්‍යාංශය යටතේ වූ ව්‍යාපෘති දෙකක් වන ‘එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා’ සහ ‘ගම්පෙරළිය’ යන වැඩ සටහන් වල ප්‍රචාරක කටයුතු බාරව සිටියා ය. 
ඇයගෙන් ප්‍රශ්න කර ඇත්තේ සිංහල අන්තවාදී සංවිධානයක් විසින් කරන ලද පැමිණිල්ලක් අනුව ය. 
ගෝඨාභයගේ ජයග්‍රහණයෙන් පසුව විවිධ සිංහල අන්තවාදී සංවිධාන ලකුණු දමාගැනීමේ තරඟයක යෙදී සිටින අතර ගෝඨාභය පාලනය ද මාධ්‍යවේදීන් බිය ගැන්වීමට එම තත්ත්වය යොදා ගනිමින් සිටින බව පෙනී යයි. 
මේ අතර නිවේදනයක් නිකුත් කරන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කළ වෙබ් අඩවි වෙත එල්ල වී ඇති තර්ජනයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂය හෝ සජිත් ප්‍රේමදාස හෝ කිසිදු විරෝධයක් පළ නොකර මුණිවත රැකීම ගැන සිය කණස්සල්ල පළ කර තිබේ.
වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ නිවේදනය පහත දැක්වේ. 

Comments