කලින් හමුදාවට දුන් ගෝඨාගේ ‌කොස්සයි ඉදලයි ‌‌මෙවර ‌පොලිසියට; ‌පොලිස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සුද්දයට ‌යොදවයි..!

Syndicated from lankaenews,



පෙර රාජපක්ෂ ආණ්ඩු යුගයේ දී ‌ගෝඨාභය රාජපක්ෂ විසින් නගරය පවිත්‍ර කිරීම සඳහා හමුදාව ‌යෙදවූ නමුත් ‌මෙවර ඔහු ඒ වගකීම ‌පොලිසිය ‌වෙත පවරා තිබේ. දෛනිකව අළුයම 5.30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කළ යුතු බවත් ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා පවිත්‍රතා කටයුතු සිදුකළ යුතු බවත් ‌පොලිසිය ඒ පිලිබඳ ‌නිරතුරු ‌සෙවිල්ලෙන් සිටින බවත් ‌පොලිසිය කියයි. ‌පොලිසියේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 කට අධික පිරිසක් සුද්ධ කිරීමට ‌යොදවා තිබේ.  මේ සම්බන්ධයෙන් ‌පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර විසින් නිකුත් කර ඇති නිවේදනයක ‌මෙසේ සඳහන් ‌වේ.  
පරිසරය සුරැකීමේ මෙහෙයුම් ආරම්භ වේ.
මේ අනුව මූලිකව ශ්‍රි ලංකා පොලීසියේ පාරිසරික දිසාව නැවත ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ විය. පාරිසරික දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේත් පාරිසරික කොට්ඨාසය භාර අධ්‍යක්‍ෂවරයෙකු යටතේත් ක්‍රියාත්මක වේ. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකම තිබෙන පාරිසරික ඒකකද ප්‍රතිසංවිධානය කිරීම ආරම්භ කරන ලදී. ඒ අනුව පොලිස් ස්ථානයන්හි ස්ථාපිත පාරිසරික ඒකක අධීක්ෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන් සිව් දෙනෙකු පත්කිරීමට නියමිතව ඇත.
2019.11.22 වන දින මෙම ක්‍රියාවලිය, එනම් පරිසර ආරක්ෂණ ක්‍රියාවලිය මූලිකව ආරම්භ කරමින් දැනට කොළඹ නගරයේ පවිත්‍රතා කොන්ත්‍රාත්තුව සිදුකරන පෞද්ගලික ආයතන දෙකෙහි සියළු කළමනාකරුවන් පාරිසරික කොට්ඨාසය වෙත කැඳවන ලද අතර අනෙකුත් කරුණු වලට අමතරව ඔවුන්ට උපදෙස් ලබා දෙන ලද්දේ, දෛනිකව අළුයම 5.30 වන විට පවිත්‍රතා කටයුතු ආරම්භ කලයුතු බව හා ඉන් අනතුරුව පැය 24 පුරාම සේවකයින් යොදවා එම තත්ත්වය පවත්වාගෙන යා යුතු බවටය.
මීට අමතරව පොලිස් ස්ථාන පාරිසරික ඒකකයන්හි නිලධාරීන් සෑම මාර්ගයකම යොදවමින් (කොළඹ මෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශයන්හි) පරිසරයට හානිවන ස්ථාන සහ ක්‍රියාවන් නිරීක්ෂණය කිරීම කරනු ලබයි. තවද, එහිදි එම නිලධාරීන් පරිසරය සුරැකීමට අදාලව මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙන අතරම, පරිසර ආරක්ෂණය සඳහා වැදගත් වන අනෙකුත් ආයතන (පළාත් පාලන ආයතන වැනි) සම්බන්ධීකරණය කිරීමද සිදුකරනු ලබයි.
පරිසර ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියාත්මක කළ හැකි නීතිමය ප්‍රතිපාදන රැසක් ඇත. ඉන් කිහිපයක් පහත පරිදි වේ. 
දණ්ඩ නීති සංග්‍රහය
ජාතික මං මාවත් පනත
පොලිස් ආඥා පනත
ජාතික පාරිසරික පනත
ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ පනත
ගොවිජන සංවර්ධන පනත
මහ නගර සභා ආඥා පනත
වෙරළ සංරක්ෂණ පනත
කෙසේ වෙතත් මූලිකව බලාපොරොත්තු වන්නේ බලධාරී ආයතන සම්බන්ධීකරණය කරගනිමින් මහජනතාවට අවශ්‍ය උපදෙස් ලබාදෙමින් සාමූහිකව ක්‍රියාකරමින් පරිසරය සුරක්ෂා කිරීමයි.
2019.11.24 වන දින බස්නාහිර පළාතේ සෑම පොලිස් ස්ථානයකම පාරිසරික ඒකක වල ස්ථානාධිපතිවරුන් කොළඹට කැඳවා ඉදිරි කාලය තුලදී පාරිසරික ආරක්ෂාව පිළිබඳව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධව උපදෙස් ලබාදීමක්ද අද (24) සිදුකරන ලදී. එහිදී, පාරිසරික නිලධාරීන් නිළ ඇඳුමට පළඳින ජැකට්ටු  (Jacket) බෙදාදීමද සිදුවිය.
එමෙන්ම 2019.11.25 වන දින පාරිසරික කොට්ඨාසයේ පොලිස් නිලධාරීන් හා පොලිස් ක්‍රීඩා කොට්ඨාසයේ ක්‍රීඩක/ක්‍රීඩිකාවන් 400 කට අධික ප්‍රමාණයක් යොදවා වෙරළ තීරය පිරිසිදු කිරීමේ ක්‍රියාන්විතයක්ද සිදුකිරීමට නියමිතය.
පාරිසරය ආරක්ෂා කිරීම පිළිබඳව මහජනතාව තුළ ආකල්පමය වෙනසක් ඇති කිරීම සඳහා දිවයින පුරාම දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද නියමිත අතර එහිදී ප්‍රජා පොලිස් කමිටු හරහා ද මහජනතාව දැනුවත් කිරීමට නියමිතව ඇත. ඒ අනුව 2019.11.24 දින සිට ප්‍රජා පොලිස් කොට්ඨාසයේ පොලිස් නිලධාරීන්, පාරිසරික  ඒකකයන්හි පොලිස් නිලධාරීන්ද සමග එක්ව මෙම දැනුවත් කිරීමේ වැඩමුළු ආරම්භ කරන ලදී. එමෙන්ම ඒ ඒ ප්‍රදේශවල පළාත් පාලන ආයතන ඇතුළුව පරිසර ආරක්ෂාව හා සම්බන්ධිත ආයතන සමඟද සාකච්ඡා කර මීට පෙර පරිසර ආරක්ෂාව සම්බන්ධව ක්‍රියාත්මක වූ ආකාරයට අදාල කටයුතු සිදුකිරීමට නියමිතව ඇත.
දිවයිනේ සෑම පොලිස් කොට්ඨාසයක්ම භාරව සිටින ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් අධිකාරීවරුන් 2019.11.23 වන දින පොලිස් මූලස්ථානය වෙත කැඳවන ලද අතර එහිදි පාරිසරික ආරක්ෂණයට අදාලව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව පොලිස්පතිතුමා විසින් අදාල නිලධාරීන්ට උපදෙස් ලබාදෙන ලදී.
මෙම සමස්ථ ක්‍රියාන්විතයේ අවසන් ප්‍රතිඵලය ලෙසට අපේක්ෂා කරනු ලබන්නේ පරිසරය සුරැකී අලංකාර වූ ශ්‍රී ලංකාවක් බිහි කිරීම සහ එමඟින් සුරක්ෂිත වු රටක් ඇතිකිරීමයි. එබැවින් මේ සඳහා අවශ්‍ය සහාය ලබාදෙන ලෙසට මහජනතාවගෙන් නැවතත් ඉල්ලා සිටිනු  ලබයි. (පොලිස් නිවේදනය නිමයි)

Comments