ගෝඨාගේ අම්මගේ නීතිය..! නීති ගරුක පොලිස් නිලධාරීන් 704 කට වාරණ නියෝග පනවා නීතියට පිටින් මිනීමැරූ පොලිස් නිලධාරීන් යලි සේවයට..!
Syndicated from lankaenews,
ගෝඨාභයගේ ආණ්ඩුව නීතිගරුක පොලිස් නිලධාරීන්ට කෙනෙහිලි කම් කරමින් රාජපක්ෂ යුගයේ දී නීතියට පිටුපා අපරාධ සිදුකිරීම නිසා අධිකරණයේ නඩු ඇති පොලිස් නිලධාරීන් ඉඹලා සුරතල් කිරීම තම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව ගෝඨාභය අද යලිත් තහවුරු කර තිබේ.
බන්ධනාගාරයේ රැඳැවියන් 24 ක් නම් අඬ ගසා මරා දැමීමට සම්බන්ධ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව යලි සේවයේ පිහිටුවා කිසිදු වරදක් නොකෙරූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් 704 ක් රට යෑම වළක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්තමේන්තුවට නියෝග පනවා තිබේ.
රැඳැවියන් ඝාතන සිද්ධියේ දී ඝාතනය කිරීමට අවශ්‍ය නම් ලැයිස්තුවක් අඬ ගසමින් රැඳැවියන් සොය සොයා ගියේ රංගජීව බවට අධිකරණයට සාක්කි ඉදිරිපත් වී තිබේ. ඔහු රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටියේ ඒ හේතුවෙනි. පසුව ඇප මත නිදහස් වී එලියට පැමිණි නමුත් සිටියේ වැඩ තහනමකට යටත්වය. රැඳැවියන් ඝාතනයේ පරීක්ෂණ සිදුකෙළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා යටතේ ය.
රංගජීව ඊයේ යලි සේවයේ පිහිටුවමින් කලින් ඔහු සේවය කළ මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයටම යලි අනුයුක්ත කෙරිණ. ඒ සමගම ඊයේ නිශාන්ත සිල්වා දරු පවුල පිටින් ආරක්ෂාව පතා රට හැර ගියේ ය.
අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත තවත් පොලිස් නිලධාරීන් 704 දෙනෙකු විදේශගත වීමට උත්සාහ දැරුවහොත් වහාම ඒ පිළිබඳව එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂවරයාට දන්වන්නැයි ආරක්ෂක අමාත්‍යංශය ආගමන විගමන දෙපාර්තමේන්තුට ලිපියක් යොමුකර තිබේ. ඒ අනුව ලිපියේ සඳහන් නාම ලේඛනය පරිගණකගත කිරීමට පියවර ගෙන ඇතැයි කටුනායක ගුවන් තොටුපළ, ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ සහකාර පාලක පවසයි. නමුත් මෙවැනි රටින් පිටව යෑම වළක්වන නාම ලේඛන ගුවන් තොටුපොල වෙත සැපයිය හැක්කේ අධිකරණ නියෝගයකින් පමණි.
මෙලෙස නීතිය රාජපක්ෂකරණය කෙරෙන නියෝග පනවන්නේ තවම ආරක්ෂක අමාත්‍යාංශය ඇත්තේ කා යටතේදැයි නොදන්නා පසුබිමක ය. මන්ද යත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආරක්ෂක අමාත්‍යාංශය තබා එකදු අමාත්‍යාංශයක් හෝ වත්මන් ජනාධිපති ගෝඨාභය යටතේ තබා ගත නොහැකි ය. එය අගමැති මහින්ද රාජපක්ෂ යටතේ ඇතැයි කීව ද තවම ඒ සම්බන්ධ ගැසට් නිවේදනය නිකුත් කර නැත. එපමණක් නොව නව කැබිනෙට්ටුව තවම එක් වරක් හෝ රැස්වී ද නැත.
ගෝඨාභයට ලක්ෂ 69 ක් ඡන්දය දුන්නේ නීතියට පිටින් ක්‍රියා කරන්නට නොවේ.
Comments
Post a Comment