Syndicated from lankanewsweb,
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට දින 20ක පමණ කාලයක් විරෝධතාවක නියලුණු රණවිරුවන් පිටුපස සිටි බලවේගය අද හෙළිදරව් වූ බව එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේය.
සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ අද (30) පස්වරුවේ සිය මැතිවරණ මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදීය.
උපවාසයේ නිරත රණවිරුවන්ගේ ප්රශ්නය නිරාකරණය කරගැනීම සඳහා තමන් අද එම ස්ථානයට ගොස් ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් හෙට දින පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සාකච්ජා කර විසඳුමක් සමඟ තමන් නැවත පැමිණෙන බව අවධාරණය කිරීමෙන් අනතුරුව මෙතෙක් කාලයක් මර නින්දේ සිටි කණ්ඩායම් පැමිණ හිටිහැටියේම කිසිම විසඳුමක් දීමට පෙර උපවාසය අවසන් කළ බව ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ඒ අනුව දින 20ක් පුරා මේ උපවාසය සංවිධානය වූයේ කෙසේද යන්න බුද්ධිමත් ජනතාවට වැටහෙන බවයි ඔහු පැවසුවේ.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පස්වරුවේ මෙම උපවාසය පැවති ස්ථානයට පැමිණ එය අවසාන කරන ලෙස කළ ඉල්ලීමට අනුව උපවාසය අවසන් කර තිබුණි.
ASK
Comments
Post a Comment