Syndicated from lankadaily,
එජාපයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධ ගැටළුව නිරාකරණය කර ගැනීම වෙනුවෙන් අද උදේ 10.30 ට එජාප නායක රනිල් වික්‍රමසිංහ, නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස,කතානායක කරු ජයසුරිය සහ උප නායක රවී කරුණානායක අතර මුහුණට මුහුණ සාකච්ඡාවක් අරලිය ගහ මන්දිරයේදී පැවැත් වීමට නියමිතය.
ඊයේ රාත්‍රියේ කරූ ජයසූරිය මෙම පාර්ශ්ව දෙකෙහි නියෝජිතයන් අතර කෙරුණු සාකච්ඡා අනුව අද උදෑසන මෙම සාකච්ඡාවට දෙපාර්ශ්වය එකඟ වී තිබේ. ඊයේ රාත්‍රි පැවැති සාකච්ඡාව සඳහා සජිත් සහ රවී දෙදෙනාද සහභාගී වී තිබේ.
එජාපය පාර්ශ්ව දෙකට බේදී ජනාධිපතිවරණයට තරග කළ හොත් එකදු පාර්ශ්වයකටවත් ජය ගැනිමට නොහැකි බවත් කරූ ජයසූරිය මෙහිදී පෙන්වා දී ඇත. එසේම ජනාධිපති අපේක්ෂකයා තීන්දු කිරීමේ තීරණය ගත යුතු එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට නව සාමාජිකයන් පත් නොකිරීමටත් සියලු දෙනා එකඟ වී ඇති අතර එහි ඡන්ද විමසීමකට නොගොස් මෙම ගැටළුව විසඳා ගැනීමටත් එකඟතාවයකට පැමිණ තිබේ.
එසේම එජාප පසුපෙළ මන්ත්‍රීවරුන් සමඟ එජාප මහ ලේකම් අඛිල විරාජ් සමඟ ඊයේ පැවැති සාකච්ඡාවේදී ද සාමකාමීව මෙම ගැටලුව විසඳන බවට අඛිල විරාජ් පසුපෙළ මන්ත්‍රීවරුන්ට පොරොන්දු වී තිබේ.
එළඹෙන බදාදා දින එජාප ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න එජාප නායකත්වය විසින් නිලවශයෙන් ප්‍රකාශට පත් කරන බව මීට පෙර වාර්තා වූ අතර සජිත් පාර්ශ්වය ඒ කෙරෙහි වඩාත් සුබවාදී බලාපොරොත්තු තබාගෙන සිටී.
යම් විදිහකින් එජාපයේ අපේක්ෂකත්වය නොලැබෙන්නේ නම් සජිත් පාර්ශ්වය සැලසුම් කරගෙන සිටින්නේ එජාපෙ සමඟ හවුල් වී සිටින අනෙක් සියලුම පක්ෂ සමඟ නව දේශපාලන සන්ධානයක් ගොඩ නඟා වෙනම තරග කිරීමට බවත් එම පාර්ශ්වයේ තොරතුරු මාර්ග පවසයි. මේ වන විටත් එම පක්ෂ ඊට එකඟතාවය ලබා දී තිබේ.
Comments
Post a Comment